How To Earn 100$ by Just Three Trades In Sinhala






සාර්ථක Trades තුනකින් දවසකට $100කට වඩා හොයමුද?

මේ Technique එක හරිම සරලයි. හැබැයි හොඳ සාර්ථකත්වයක් තියෙන Trading System එකක් හරි Signal Service එකක් හරි නැතුව මේක අනුගමනය කරන්න නම් හිතන්නවත් එපා. මොකද මේ ක්‍රමය හරියන්න නම් එක පෙළට සාර්ථක trades 3ක්වත් ඕනේ වෙනවා.
මුලින්ම පොඩි උපකල්පනයක් කරන්න වෙනවා ඔබේ Trading Capital එක ගැන. මේ උදාහරණයේදී මම හිතනවා ඔබේ Capital එක $500 යි කියලා. මේ කතාව කියවලා, පාඩම ඉගෙනගෙන ප්‍රායෝගිකව කරන කොට ඔබ සතුව දැන් තියෙන trading capital එකට ආදේශ කරලා කරන්න.
අපි සාමාන්‍යයෙන් Trade කරන කොට හැම trade එකක්ම දාන්න කලින් Risk එක (ඒ කියන්නේ එක Trade එකකට අපි දරන්නට බලාපොරොත්තු වෙන අවදානම) ගණනය කරලා උපරිම වශයෙන් 5% ප්‍රමාණය දිගින් දිගටම දාගෙන යනවානේ.
එතකොට ඔබේ ප්‍රාග්ධනය $500 නම්,
$500 x 5% = $25 යි.
මේ 5% කතාව දන්නේ නැති නම් Binary Options Trading වලදී අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද කියන ලිපිය කියවලා ඉන්න.
අපි සාමාන්‍යයෙන් කරන විදිහට වඩා පොඩ්ඩක් වෙනස් මුදල් කළමනාකරණ ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.
  1. මෙතනදී අපි වෙනදා වගේම Risk එක ගණනය කරලා පලවෙනි Trade එක දානවා. මේ උදාහරණයේදී නම් $25 යි. මේ Trade එක සාර්ථක වුණොත් (Payout එක 70% ලෙස උපකල්පනය කළොත්) ඔබට $42.5 ක් ලැබෙනවා.
  2. එතකොට ඔබට ඊළඟ Trade එකේදී එම $42.5 ම ආයෝජනය කරනවා.
    එම Trade එකේදී ඔබ profitable වුණොත් ඔබට $72.25ක් ලැබෙනවා.
  3. තුන්වෙනි සහ අවසාන Trade එකට ඒ $72.25 ම යොදවනවා. ඒකත් සාර්ථක වුණොත් ඔබට $122.83ක් ලැබෙනවා.

දැන් තමයි ගොඩක්ම වැදගත් කතාව කියන්න යන්නේ.
මේ අවස්ථා තුනෙන් කොයි මොහොතකදී හෝ ඔබ අසාර්ථක වුණොත් ඇත්තටම ඔබ loss වෙලා තියෙන්නේ පළවෙනි Trade එකට යොදවපු $25 විතරයි.
එක Trade එකකට එකම ගණනක් (5%) අවදානමට ලක් කරමින් ලාභ සහ පාඩු දෙකම ලබමින් හෙමින් ගමනක් යනවාද? නැතිනම් මේ ක්‍රමය පාවිච්චි කරලා වේගවත් ගමනක් යනවාද? කියන එක දැන් ඔබට තීරණය කරන්න පුළුවන්.
කොහොම වුනත් මේ ක්‍රමය ප්‍රායෝගිකව අනුගමනය කරන ඔබ එකම එක නීතියක් දාගන්න ඕනේ.
මේ ක්‍රමය කිසිම විටෙකත් ඔබේ ප්‍රාග්ධනයෙන් (ඔබේ capital එකෙන්) කරන්න යන්න එපා.
ඔබ ලබන ලාභ වලට විතරක් මෙය අනුගමනය කරන්න         
එතකොට ඔබේ ප්‍රාග්ධනය කොහොමත් සුරක්ෂිතයි.
ඒ කියන්නේ $500ක් තැන්පත් කරපු කෙනෙක් තමන්ගේ ගිණුම් ශේෂය $550කට හෝ $600කට අරන් ගියාට පස්සේ $25ක් අවදානමට ලක් කරලා මේක කරලා බලන්න.
හැබැයි. මේ සඳහා මම කලිනුත් කිව්වා වගේ එක දිගට Trades තුනක් profitable වෙන්න පුළුවන් විදිහේ හොඳ නිරවද්‍යතාවයක් තියෙන Trading Strategy එකක් ඕනේ වෙනවා. 75% කටවත් වැඩි සාර්ථකත්වයක් තියෙන Binary Options Signal සේවයක් අනුගමනය කළොත් ඔබටත් පහසුවෙන්ම මේ වගේ මුදල් උපයන්නට පුළුවන්.

එහෙනම් ඔබටත් දවසකට $25ක් අවදානමට ලක් කරලා හරියටම Trades තුනකට පස්සේ $100 කට වැඩි ලාභයක් ලබන්නට හැකි වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.

මේ ක්‍රමය වැඩි දියුණු කරනවා නම්…

මේ ක්‍රමය අනුගමනය කරන ඔබට දෙවන පියවරේදී යොදන Trade එකත් win කළාට පස්සේ ඒකෙන් පළවෙනි Trade එකට යොදපු මුදල ($25) අඩු කරලා තුන්වෙනි trade එකට ආයෝජනය කළොත් අවදානම අඩු කරගන්න පුළුවන්. එතකොට අපි තුන් වෙනියට යොදන Trade එක loss වුණත් ආපහු පටන් ගත්ත තැනටමයි එන්නේ.
ඒ කියන්නේ අපි Break-even.

මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් Broker සමාගම

Click Here for Open Account 


Share this

Related Posts

Previous
Next Post »