Binary Option Trading Signals ගැන හැමදෙයක්ම දැනගන්න…
දැනට පවතින හොඳම Binary Options Trading Signal සේවාවන් ගැන වගේම ඔබේ Binary Options Trading Career එකේ සාර්ථකත්වයට ඒවා යොදා ගන්න ආකාරය ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ලිපිය කියෙව්වාට පස්සෙත් ඒ ගැන ගැටලුවක් තියෙනවා නම් ඕනේ වෙලාවක මගෙන් අහන්න පුළුවන්.
"මුලින්ම කියන්න ඕනේ,
මගේ Trading Career එකේදී කිසිමදාක Binary Options Signal Service එකක සහාය ලබාගෙන නැති බව. හැමදාම කියනවා වගේ සාර්ථක Trader කෙනෙක් වෙන්න නම් කැපවීමත් අද්දැකීමුත් අවශ්‍යයි. අද්දැකීම් ලබා ගන්න නම් සැලකිය යුතු කාලයක් trade කරන්න ඕනේ. ඒත් ගොඩක් දෙනෙකුට හොඳ trader කෙනෙක් වෙන්නට කැපවෙන්න කාලයක් නැති නිසා තමයි මේ වගේ Binary Options Trading Signal Services බිහි වෙලා තියෙන්නේ."
මොනවාද මේ Binary Options Signal කියන්නේ?
ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි අපි market එකට enter වෙන්නේ මොන වෙලාවටද කියලා හිතා ගන්න බැරි එක. කලින් වතාවේ හරියටම හරි ගිය pattern එක ඊළග වතාවේදී යන්නේ අනිත් පැත්තට... ඉතින් මේ වගේ ප්‍රශ්න රැසක අතරමං වෙලා ඉන්න අයට සහය වෙන්න...- හරියටම මේ වෙලාවේදී ගන්න ඕනේ Asset එක මොකද්ද?
- Entry Price එක මොකද්ද?
- Expiry Time එක මොකද්ද?
Binary Options Signal Services තියෙන්නේ ඇයි?
සාමාන්‍යයෙන් market එකේ trade කරන හැමෝම වෘත්තීය traders ලා නෙවෙයි. වැඩි දෙනෙක් job එකක් කරගෙන දෙයියනේ කියලා කාලා බීලා විහිළුවක් තහළුවක් කරගෙන විනෝදයෙන් ඉන්න අය. ඉතින් මේ සෑහෙන දෙනෙකුට...- market එක ගැන ඉතාමත් හොඳ දැනුමක්වත්,
- trading ක්‍රියාවලිය ගැන අවබෝධයක්වත්,
- නිවැරදිව Technical/Fundamental Analysis එකක් සිදු කරන ආකාරය පිලිබඳ දැනුමක්වත්,
- වසර ගණනක් පුරා විහිදුණු trading අද්දැකීම් සමුදායක්වත්
- හොඳ edge එකක් එනකල් ඉවසීමෙන් සහ විනයානුකුලව පැය ගණනක් screen එක දිහා බලාගෙන ඉන්න වෙලාවක්වත් නැහැ.
සම්පුර්ණ කරන්න වසර ගණනාවක් ගත වන වෘත්තීය trader කෙනෙකුගේ learning curve එක මඟ හැරලා අලුතෙන් market එකට enter වෙන කෙනෙකුට වුණත් කිසිම අපහසුවකින් තොරව පටන් ගත්ත දවසේ ඉඳන් profit කරන්න පුළුවන් ආකාරයට තමයි මේ signal services නිර්මාණය වෙලා තියෙන්නේ.
සාමාන්‍යයෙන් මේ වගේ signal services සපයන්නේ වසර ගණනාවක් market එකේ trade කරපු වෘත්තීය මට්ටමේ tradersලා. සමහර වෙලාවට තනි පුද්ගලයන් විදියටත්, කීපදෙනෙක් එකතු වෙලා පිහිටවපු සමාගම් විදියටත් මේ signal services තියෙනවා.
මේ ලෝකේ කිසිම trader කෙනෙකුට තමන් enter කරන හැම trade එකක් ම profit ගන්න බැහැ. එහෙම කොතන හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම එතන වෙන්නේ බොරුවක්. ඇත්තටම අපි enter කරන හැම trade එකෙන්ම profits ඕනෙත් නැහැ. එකට තමයි අපි අපේ account balance එකේ හැටියට risk එක ගණනය කරලා නිවැරදිව position sizing කළ යුතු වෙන්නේ.
Binary Options Signals ගන්න කොච්චර ගාණක් යනවද?
Binary Options Signals වලට අය කරන මුදල තීරණය වෙන්නේ signal providerගේ ජනප්‍රියත්වය අනුවයි. එම සමාගමෙන් හරි පුද්ගලයාගෙන් හරි කීදෙනෙක් signals ලබා ගන්නවාද කියන සාධකය මත තමයි ජනප්‍රියත්වය තීරණය වෙන්නේ. කීදෙනෙක් signals ලබා ගන්නවාද කියන එක බොහෝ දුරට රඳා පවතින්නේ අදාළ providerගේ accuracy එක නැතිනම් නිවරද්‍යතාවය මතයි.සාමාන්‍යයෙන් දැනට ජනප්‍රිය signal services මාසයකට ඩොලර් 150 - 200ක් විතර අය කරනවා. අය කරන මුදල වැඩියි නම් ගුණාත්මකභාවයත් වැඩි වෙන්න ඕනේ නේ!
දැනට තිබෙන Binary Options Signal Services මොනවාද?
දැනට ජනප්‍රියම, වැඩිම subscribersලා ප්‍රමාණයක් සිටින, මාස 6කට වඩා කාලයක් එක දිගට signals සපයා ඇති සේවාවන් කීපයක් එකතු කරලා මම මේ Compare Binary Options Signals ලිපිය නිර්මාණය කරලා තියෙනවා. ඒකෙ තියෙන කරුණු කාරණා ගැන හොඳට හිතලා බලලා ඔබේ අවශ්‍යතාවයන්ට හා පසුම්බියට වඩාත්ම ගැලපෙන signal service එක තෝරා ගන්න.ඉතා වැදගත්:
Binary Options Signal සේවයක් තොරාගන්න කොට සැලකිය යුතු කරුණු මොනවාද?
- නිවරද්‍යතාවය
ඔබ තෝරාගන්නා Binary Options Signal සේවාව ලබාදෙන Signals වලින් 100 කට කොපමණ ප්‍රමාණයකින් නිවැරදි වෙනවාද කියන කාරණය.
- Signals සපයන්නේ කවුරුන්ද?
ස්වයංක්‍රීය Trading පද්ධති මඟින් ලබාදෙන ඇතැම් Signal සේවා වල
නිවරද්‍යතාවය වෙළඳපලේ ස්වභාවය අනුව බොහොම සංවේදී වෙනවා. ඒත් පළපුරුදු
trader කෙනෙක් එක්ක trade කරන්නට ඉඩ ලබා දෙන signal සේවා වලදී අපේ
සාර්ථකත්වය සීග්‍ර ලෙස ඉහළ යනවා.
- මිල
ඇතැම් signal සේවාවන් සඳහා සම්බන්ධ වී ඒ පිලිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට දින කීපයක් ගත වෙනවා. (විශේෂයෙන්ම live trading rooms ආශ්‍රයෙන් signal සපයන සේවාවන් වලදී) - මුදල් ගෙවන ආකාරය (එක වරක් හෝ දිගින් දිගටම)
ඇතැම් signal සේවාවන් වලදී අදාළ ගෙවීම් කාලය අවසානයේදී ස්වයංක්‍රීයව ඔබේ signal subscription එක යාවත්කාලීන වන ලෙසට සකසා තිබෙනවා. ඒ නිසා මේ ගැන දැනුවත් වීම අනිවාර්යයි. - කොපමණ signals ප්‍රමාණයක් ලබා දෙනවාද?
ඇත්ත වශයෙන්ම ලබා දෙන signals ප්‍රමානයට වඩා ගොඩක් වැදගත් වන්නේ ඒවායේ නිරවද්‍යතාවය යි. - ඔබේ ප්‍රාග්ධනය
Binary Options Trading සඳහා ඔබ ආයෝජනය කරනු ලබන මුදල.
විශේෂයෙන්ම ඔබ ආයෝජනය කරන මුදලත් සමඟ කොපමණ signals ප්‍රමාණයක් ලබා දෙනවාද හා අදාළ signals සේවයේ මිල ඉතාම සංවේදී ලෙසට බැඳී තිබෙනවා. හොඳ ලාභ ලැබීමේ අපේක්ෂාවෙන් යුතුව Signals ලබා ගැනීමට අදහස් කරනවා නම් අවම වශයෙන් $500 ක ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න.
- Signals ලබා දෙන ක්‍රමය
- සජීවී Trading Room එකක් ඔස්සේ,
සෑම සතියේ දිනකම තෝරාගත් වේලාවක පැය 2ක්-3ක් පමණ සැපයෙන සජීවී Trading Room එකක සහය ලබා ගෙන Trade කරන්නට සුදානම් ඔබට තමයි මේ ක්‍රමය ගැලපෙන්නේ. වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබීම අනිවාර්ය වෙනවා. දවසේ පැය 24ම trading ගැන අවධානය යෙදීමට අවශ්‍ය නොවීමත්, ඇතැම් signals අතපසු වීමට හෝ මඟ හැරීමට ඇති ඉඩ මෙවන් සේවාවන් නිසා මඟ හැරෙනවා. අනිත් signal providersලා Email හරි SMS මඟින් හරි signal දෙනකොට පොඩි හරි time difference එකක් තියෙනවාමයි. ඒ කියන්නේ යම් signal service එකක ඉන්න analyst කෙනෙක්/ලා trade entry point එකක් දැකලා ඒක trading signal එකක් විදිහට ඔයාගේ device එකට එවන අතරේ market එක නොවෙනස්ව තියෙන්නේ නැහැනේ. ඒක හින්දා මේ වගේ Live Trading Rooms වල ලොකු වාසියක් තියෙනවා. - වෙබ් අඩවියේ සාමාජිකයන්ට පමණක් වෙන්වූ කොටසක් ඔස්සේ,
- Email හා SMS මාර්ගයෙන්,
Email Signal එක සමඟ SMS පණිවිඩයත් ලැබෙන නිසා Signals මඟ හැරීමේ ඉඩ අඩුයි.
- Email මාර්ගයෙන්,
නිතරම Email භාවිතා කරන අයට සුදුසුයි. Signals මඟ හැරීමේ ඉඩ වැඩියි.
- සජීවී Trading Room එකක් ඔස්සේ,
- Signals ලබා දෙන වේලාව
Signal සේවා සපයන්නා සිටින Time Zone එක මත signals සපයන වේලාවන් වෙනස් වෙනවා. විශේෂයෙන්ම රැකියාවක නියුතු අයෙක් නම් මේ පිළිබඳ ව වැඩි අවධානයක් යොමු කරන්න. - ඔබේ පරිගණකය හා අන්තර්ජාල සම්බන්ධතාවය
මෙම කාරණය වඩාත් බලපාන්නේ Live Signal Rooms සඳහායි. එවන් අවස්ථා වලදී හොඳ පරිඝනකයක් හා වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයක් අවශ්‍ය වෙනවා.
ඔබ Binary Options Trading Signals භාවිතා කළ යුතුද?
- ඔබට Binary Options Trading ඉගෙන ගැනීමට වෙලාවක් නොමැති නම්
- ඔබ Binary Options Trading ඉගෙන ගන්නා කාලය තුළදීත් Binary Options මඟින් මුදල් සෙවීමට අවශ්‍ය නම් හෝ
- දැනට trade කරන ඔබේ Binary Options Trading Strategy එකේ නිරවද්‍යතාවය 70%ට අඩුයි නම් වඩාත් හොඳ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා
ඔබට Binary Options Trading Signal Service එකක සහය ලබා ගැනීම සුදුසුයි.
කොහොම වුණත් අන්තිම තීරණය ඔබ සතුයි.
EmoticonEmoticon