Binary Options Traiding System In Sinhala


Binary Options විශ්ලේෂණ ක්‍රම

සමහරු හිතාගෙන ඉන්නවා Binary Options Trading බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් කියලා.
අන්තර්ජාලයේ Binary Options ගැන තියෙන ඕනෙම ලිපියක, වෙළඳ දැන්වීමක හරි වෙන ඕනෙම දේක හරි කොතන හරි ඔය කතාව තියෙනවාමයි.
ඔව්…
ඒ කතාව නම් ඇත්ත!
Binary Options බොහොම පහසුවෙන් trade කරන්නත් පුළුවන්.
ඒ වගේම බොහොම වේගයෙන් සල්ලි හොයන්නටත් පුළුවන්…
ඒත්…
ඒ කවුරුවත් නොකියන දේ තමයි. Binary Options Trade එකක් enter කරන්න කලින් කරන්න ඕනේ දේ ගැන.
මේ කියන්න හදන්නේ ඒ ගැනයි!

Binary Options Trading වලදී Markets විශ්ලේෂණය කරන්නට ප්‍රධාන වශයෙන් ක්‍රම 2ක් තියෙනවා.
මේවා ක්‍රම වලටත් වඩා ගුරුකුල කිව්වොත් ගොඩක් නිවැරදියි.
  1. Fundamental Analysis
  2. Technical Analysis

Fundamental Analysis

Fundamental Analyst ලා විස්වාස කරන්නේ කෙටි කාලීනව යම් asset එකක market price එක (වෙළඳපළ වටිනාකම) අදාළ trading instrument එක ඇත්තටම වටින අගයත් එක්ක (Intrinsic Value) වෙනස් වුණාට කාලයත් එක්ක ක්‍රම ක්‍රමයෙන් නියම වටිනාකමටම ලඟා වෙනවා කියලයි.
වෙළඳපළ වටිනාකමට වඩා ඇත්තටම වටින දෙයක් අඩු මුදලකට මිලදී අරගෙන ටික කාලයක් බලාගෙන ඉඳලා පස්සේ දවසක නියම වටිනාකමට ආවම විකුණලා ලාභ ලැබීම තමයි මේ ගුරුකුලයේ අය කරන්නේ.
Fundamental Analysis ප්‍රධාන වශයෙන් වර්ග 3කට වෙන් කරලා හඳුනාගන්නට පුළුවන්.
  • Economic Analysis ( ආර්ථික විශ්ලේෂණය )
  • Industry Analysis ( ව්‍යාපාර අංශ/කර්මාන්ත විශ්ලේෂණය )
  • Company Analysis ( සමාගම් විශ්ලේෂණය )
Binary Options වලදී අපි trade කරන්නට බලාපොරොත්තු වෙන Asset Type එකේ හැටියට කරන්න ඕනේ Analysis එක වෙනස් වෙනවා. උදාහරණයක් විදියට,
ඔයා Google සමාගමේ කොටස් trade කරන්න බලාපොරොත්තු වෙනවා නම් Company Analysis එකක් ( සමාගම් විශ්ලේෂණයක් ) තමයි කරන්න ඕනේ වෙන්නේ. Currency Trader කෙනෙකුට ගොඩක් වැදගත් වෙන්නේ ආර්ථික විශ්ලේෂණයයි. Gold, Crude Oil (බොරතෙල්) වගේ Commodities Trade කරන Trader කෙනෙකුට වඩාත් වැදගත් වෙන්නේ Industry Analysis.
මේ ගුරුකුලයේ පූජනීය පොරවල් තමයි Warren Buffet සහ ඔහුගේත් ගුරු Benjamin Graham. මේ ගැන වැඩිදුරටත් ඉගෙන ගන්න කැමති නම් Benjamin Grahamගේ Intelligent Investor සහ Security Analysis පොත් 2 කියවන්න. එපා වෙනවා. ඒත් කියෙව්වොත් ඔයාට…
Binary Options Trading වලදී ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය News Trading Strategy එක අයත් වෙන්නෙත් මේ Fundamental Analysis වලටයි.

Technical Analysis

Technical Analystලා විස්වාස කරන්නේ දැන් තියෙන market price එකෙන් අදාළ assets එක සමබන්ධයෙන් තියෙන හැම තොරතුරක්ම දැනටමත් නිරුපණය වෙනවා කියලයි. දැන් තියෙන trend එක, Market එකේ ඊළඟට මොකද්ද වෙන්න යන්නේ කියන sentiment එක වගේ දේවල් සංඛ්‍යාන විද්‍යාත්මකව සහ Market Psychology වගේ නිර්ණායකයන් හරහා ගණනය කරලා තමන්ගේ අත්දැකීම් ඇසුරෙන් නිගමන වලට එළඹීම තමයි මෙතැනදී සිදුවන්නේ. market එකේ trade කරන්නෙත් මිනිසුන් නිසා, යම් යම් මිල වෙනස් වීම වලට ඔවුන් දරන emotional ප්‍රතිචාර වලට අනුරූපව buy/sell decisions ගැනීමක් තමයි Technical Analysis භාවිතා කරලා trade කරන කොට සිදු කරන්නේ.
Charts තමයි technical analystsලගේ ප්‍රධානතම ආයුධය. මිල (Price) සහ කොපමණ ප්‍රමාණයක් (Volume) trade වුණාද කියන එක තමයි බොහොමයක් financial decisions ගන්න කොට සලකා බලෙන ප්‍රධානම දේ.
Chart Patterns, Candlesticks, Indicators, Oscillators, Support & Resistance වගේ ක්‍රම ශිල්ප අයිති වෙන්නේ Technical Analysis වලටයි.

මේ දෙකෙන් මොකද්ද වඩා හොඳ?

එහෙම දෙයක් නම් නැහැ. හොඳම දේ මේ ක්‍රම දෙක අතරින් මැදුම් පිළිවෙත අනුගමනය කිරීමයි.
ඒ කියන්නේ ඔයාගේ Trading Strategy එක Technical සහ Fundamental analysis වල combination එකක්  විදියට නිර්මාණය කර ගන්න එක තමයි හොඳම දේ.


ඔය මොන මොන Analysis ක්‍රම තිබුණත් මෙහෙම set එකකුත් ඉන්නවානේ…
ඔයා අයිති වෙන්නෙත් මේ ගොඩට නම්….

“මට කොහෙන්ද Markets Analyze කරන්න වෙලාවක්?”

ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි…
Binary Options Trading Signals සේවයක සහාය ලබා ගන්න එක!

Share this

Related Posts

Previous
Next Post »