What You Trade In Binary Option Sinhala Lessons




Binary Options වලදී Trade කරන්නේ මොනවාද?


Financial Instruments එහෙම නැතිනම් Underlying Assets තමයි අපි වර්තමාන මුල්‍ය වෙළඳපළේ trade කරන්නේ. Market එකේ trade වෙන යම්කිසි  මුල්‍යමය වටිනාකමක් තියෙන දේවල් වලට තමයි Underlying Assets කියන්නේ. මෙතනදී Underlying කියන වචනය භාවිතා වෙන්නේ ඇත්තටම අපි අදාළ asset එක මිලදී නොගන්නා නිසයි. මුල්‍ය වෙළඳපළේ අපි trade කරන්නේ අදාළ asset එකේ වටිනාකමට අනුරූප වටිනාකමක් තියෙන contracts.දැනට ජනප්‍රියම Underlying Assets වර්ග තමයි මේ…
    • Stocks
    • Currencies
    • Indices
    • Commodities
දැන් අපි මේ එක එක assets හඳුනා ගනිමු.

Stocks

ලෝකේ වැඩිපුරම තියෙන trading instrument එක තමයි Stocks. ඒ නිසාම Binary Options Trading Platforms වලත් සංඛ්‍යාත්මකව ගත්තම වැඩිපුරම තියන්නේ Stocks තමයි. අදාළ කොටස් ලැයිස්තුගත වෙලා තියන හුවමාරුව වෙළඳ කටයුතු සඳහා විවෘත වේලාවන් වලදී පමණක් Binary Options ගනුදෙනු සිදු කළ හැකි වීම තමයි Stock Trading වලදී තියෙන අවාසිය. Binary Options Trading Broker ගේ අභිමතය අනුව ලෝකේ ඕනෙම stock market එකක list වෙලා තියෙන stock එකක් trade කරන්නට අවස්ථාව ලබා දෙන්න පුළුවන්.

Currencies

සතියේ දින පහේම පැය විසි හතර පුරාවට විවෘත නිසා Binary Options Trading වලදී වඩාත්ම ජනප්‍රිය financial instrument වර්ගය තමයි Currencies. ඒ අතරිනුත්,
– EURUSD

– GBPUSD
– USDCHF
– USDJPY
– AUDUSD
– NZDUSD
– USDCAD
වැනි Major Currency Pairs වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

Indices

කොටස් වෙළඳපලක ලැයිස්තුගත සමාගම් වල කාර්යසාධනය මනින්නට ඇති මිනුමකට තමයි Stock Index එකක්, එහෙම නැතිනම් කොටස් මිල දර්ශකයක් කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් කොටස් මිල දර්ශක වර්ග 3කට බෙදා හඳුනාගන්නට පුළුවන්.
  • Sector Indices
  • National Indices
  • International Indices
මේ අතරින් Binary Options Trading Platforms වලදී වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ National Indices යි.
යම් index එකෙකින් මනින stocks වල අගය පහළ යන විට Index එකේ අගය පහළ යාමත්, නැවත stock prices වැඩි වෙන විට Index එකේ අගය වැඩි වීමත් සිදුවෙනවා. දිනපතා මෙසේ සිදුවන ඉහළ පහළ යාම් තමයි අපි Binary Options Trading වලදී ලාභ ලබන්නට යොදා ගන්නේ. ඇතැම් Binary Options Brokersලා මේ වගේ indices වැඩි වශයෙන් trade කරන්නට ඉඩ ලබා දී ඇති අතර තවත් සමහර broker platforms වල indices නොමැති තරම්.
දැනට ජනප්‍රියම Stock Indices තමයි,
FTSE-100
London Stock Exchange (LSE) එකේ විශාලතම සමාගම් 100 කාර්යසාධනය මනින කොටස් මිල දර්ශකයයි.
– Trading Hours (GMT): Mon – Fri 07:30- 15:30
DAX-30
යුරෝපීය කලාපයේ බලවත්ම සහ ආර්ථික අතින් වැදගත්ම රටක් වන ජර්මනියේ Frankfurt Stock Exchange එකේ ලැයිස්තුගත විශාලතම ජර්මන් සමාගම් 30 කාර්යසාධනය මනින කොටස් මිල දර්ශකයයි.
– Trading Hours (GMT): Mon – Fri 07:30 – 15:30
Dow Jones-30 (DJ30)
Dow Jones Industrial Average නැත්නම්  “the Dow” කියලයි හැඳින්වෙන්නේ.  New York Stock Exchange (NYSE) එකේ සමාගම් 30ක Price-weighted average එක ඇසුරෙන් නිර්මිත මිල දර්ශකයක්.
– Trading Hours (GMT): Mon – Fri 13:30-20:00
Nasdaq-100
ඇමරිකා එක්සත් ජනපදයේ NASDAQ හි ලැයිස්තුගත ව ඇති දේශීය හා ජාත්‍යන්තර මුල්‍යමය නොවන, පරිගණක මෘදුකාංග/දෘඩාංග, සන්නිවේදන, තොග/සිල්ලර වෙළඳාම් සහ ජෛව තාක්ෂණික සමාගම් වල කාර්යසාධනය මනින කොටස් මිල දර්ශකයකි.
– Trading Hours (GMT): Mon – Fri 13:30-20:00
S&P-500
ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරියෙන්ම සිටින සමාගම් ඇතුලත් කොටස් මිල දර්ශකය තමයි Standard & Poor’s 500 කියන්නේ.
– Trading Hours (GMT): Mon – Fri 09:30-20:00
Ibex-35
ස්පාඤ්ඤ කොටස් වෙළඳපලේ වැඩිපුරම trade වෙන කොටස් 35ක් ඇතුලත් කොටස් මිල දර්ශකයකි.
– Trading Hours (GMT): Mon – Fri 07:30-15:30
CAC-40
ප්‍රංශ කොටස් මිල දර්ශකයයි. ඉදිරියෙන්ම සිටින සමාගම් 40ක කාර්යසාධනය මැනීම සඳහා මෙය යොදා ගන්නවා.
– Trading Hours (GMT): Mon – Fri 07:30-15:30
TADAWUL
සෞදි අරාබියේ එකම කොටස් වෙළඳ පළේ  ලැයිස්තුගත සමාගම් 115ක කොටස් මිල දර්ශකයයි.
– Trading Hours : Sun – Wed 8:10 – 12:20
Straits Times Index
සිංගප්පූරු කොටස් වෙළඳපලේ විශාලතම සමාගම් 30ක කොටස් වල කාර්යසාධනය මනින මිල දර්ශකයකි.
– Trading Hours (GMT): Mon – Fri 02:00 – 04:00 and 6:30 to 08:30
Nikkei-225 Future
ජපානයේ Tokyo කොටස් වෙළඳ පළේ ඉදිරියෙන් සිටින සමාගම් 225ක කොටස් මිල මත පදනම් වූ දර්ශකයකි.
– Trading Hours (GMT): Mon – Fri 23:40-16:45
Hang Seng
හොංකොං වල කොටස් වෙළඳපළ පිරිවැටුම මත පදනම් වූ කොටස් මිල දර්ශකයයි.
– Trading Hours (GMT): Mon – Fri 00:10-07:05
SSE -180 (Shanghai)
චීනයේ Shanghai කොටස් වෙළඳපළේ [SSE Composite Index] ලැයිස්තුගත විශාලතම සමාගම් 180ක කොටස් වල කාර්යසාධනය මනින මිල දර්ශකයයි.
– Trading Hours (GMT): Mon – Fri 05:00 – 07:00

Commodities

කෘෂිකාර්මික නිෂ්පාදන, ලෝහ වර්ග සහ බලශක්ති ක්ෂේත්‍රයේ නිෂ්පාදන දක්වා විශාල පරාසයක පැතිරුණු assets ප්‍රමාණයක් Commodity markets වලදී trade වෙනවා.

Currency Markets වලදී වගේ සතියේ දින පහේම පැය 24 පුරාවට commodities trade වෙන්නේ නැහැ. Commodity Exchanges විවෘතව පවතින විටදී Binary Options Trading Platforms හරහා මෙම ගනුදෙනු කළ හැකියි.
ප්‍රධාන වශයෙන් Commodities වර්ග 2කට බෙදෙනවා.
[ 1 ]  Soft Commodities : කෘෂිකාර්මික නිෂ්පාදන
[ 2 ]  Hard Commodities : පොලොව කැණීමෙන් නිස්සාරණය කරන ලද නිෂ්පාදන
සාමාන්‍යයෙන් එදිනෙදා වෙළඳපළේ ගනුදෙනු සිදු කෙරෙන Commodities වර්ග අතරින් රන්, රිදී සහ බොරතෙල් ප්‍රධාන වෙනවා.

Gold – රත්තරන්

සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ XAU/USD ලෙසයි. මෙහිදී මිල වශයෙන් සඳහන් වෙන්නේ රත්රන් අවුන්සයක මිලයි.
– Trading Hours (GMT): Mon – Fri 04:00 – 21:00

Silver – රිදී

රිදී මිල සටහන් වෙන්නෙත් අවුන්සයක වටිනාකම වශයෙනුයි. සාමාන්‍යයෙන් දැක්වෙන්නේ XAG/USD ලෙසයි.
– Trading Hours (GMT): Mon – Fri 04:00 – 21:00

Crude Oil – බොරතෙල්

බොරතෙල් Futures Contract එකක මිල උච්චාවචනය තමයි මෙහිදී trade වෙන්නේ.
– Trading Hours (GMT): Mon – Fri 04:00 – 21:00

Open Binary Account Here 

Share this

Related Posts

Previous
Next Post »