How To Find a Best Binary Options Broker In Sinhala









Binary Options Broker කෙනෙක් තෝරා ගන්නේ කොහොමද?

දැනට Binary Options Trade කරන්න අපිට සහය වෙන broker සමාගම් 500ක් විතර තියෙන නිසා හරියටම මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බැරි අයට තමයි මේ ලිපිය ලියවෙන්නේ. අලුතෙන් Binary Options Broker කෙනෙක් තෝරා ගන්නකොට සැලකිය යුතු කරුණු හැමදෙයක්ම වගේ මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම තමන් දැනට භාවිතා කරන brokerට වඩා හොඳින් තමන්ගේ trading අවශ්‍යතා වලට සරිලන broker කෙනෙක් තෝරා ගන්නත් මේ ලිපිය අත්වැලක් වේවි.

නියාමනය වෙන Broker කෙනෙක්ද?

මුලින්ම බලන්න ඕනේ දේ තමයි ඔයා trade කරන්න බලාපොරොත්තු වෙන Broker නියමිත ප්‍රමිතීන්ට අනුව Binary Options Trading සඳහා අවසරලත් ආයතනයක් ද කියන එක. ඒ කියන්නේ අදාළ broker Regulated entity එකක්ද කියන එක. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න ඕනේ නම් Binary Options Trading පිලිබඳ නීතිමය පසුබිම කියවන්න.

අවම තැන්පතුව කොපමණද?

ඕනෙම කෙනෙක් මුල්‍යමය තීරණයක් ගන්න කලින් මුලින්ම බලන දේ තමයි කොච්චර මුදලක් ආයෝජනය කරන්න ඕනේද කියන එක. ඒත් ඇත්තටම බලන්න ඕනේ අපි ගන්න අවදානමට කොපමණ ප්‍රතිලාභයක් ගන්න පුලුවන්ද කියලා. ඒක මේ topic එකට අදාළ නැහැ. ඒත් දැනගන්න එක වැදගත්.
Binary Options Trading වලදී trading costs, platform charges, system fee වගේ එකී මෙකි නොකී ගාස්තු වර්ග මොනවත් නැති වුණාට සාමාන්‍යයෙන් ඕනෙම broker කෙනෙකුට තියෙනවා අවම තැන්පතු අවශ්‍යතාවයක් (Minimum Deposit Requirement). සාමාන්‍යයෙන් මේ අගය $100 ඉඳලා $250 විතර වෙනකල් වෙනස් වෙනවා. ගොඩක් දෙනෙකුට මේක තීරණාත්මක සාධකයක්.
ඒත් Binary Options Trading වලට මම use කරන 24Option එකේ නම් අවම තැන්පතුව $250යි.

අවම Trade Size එක කොච්චරද  ?

එක Trade එකක් සඳහා අවම Premium Amount එක නැතිනම් අවම Trade Size එක කොපමණද කියන එක ඉතාම වැදගත් සාධකයක්. බැලු බැල්මට මේකේ වැදගත්කම තේරෙන්නේ නැති වුණාට වඩාත් කල්පනාකාරිව trade කරන කෙනෙකුට නම් හොඳින්ම වැටහෙන්නට ඕනේ.

Trade කරන්න තියෙන Option Types මොනවාද?

Binary Options Trading වලදී තියෙන Option Types මොනවාද කියලා දැනගන්න මේ ලිපිය කියවන්න. සාමාන්‍යයෙන් Binary Options Trading වලදී ජනප්‍රියම Options වර්ගය තමයි High/Low Options. ඕනෙම broker කෙනෙක් මේ trade කරන්නට ලබා දෙනවා. ඒත් හැම broker කෙනෙක්ම Touch Options/Range Options Trade කරන්නට ලබා දෙන්නේ නැහැ. තිබුණත් ඒවා trade කරන්න විවෘත වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒත් තරඟකාරීත්වය වැඩි වෙනවත් එක්කම ඉදිරියේදී හැම broker කෙනෙක්ම හැම Options වර්ගයක්ම offer කරාවී.

Lockout Periods ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ?

මේ කරුණ ගොඩක්ම වැදගත් වෙන්නේ ඉහළ time-frames use කරන tradersලාටයි. දැන් industry average lockout period එක විනාඩි 5යි. ඒත් ඉස්සර මේ අගය විනාඩි 15-20 වගේ තමයි තිබුණේ.
Lockout Period එක කියන්නේ?
අපි යම් options contract එකකට enter වුණට පස්සේ අපිට හිතුණොත් අපේ contract එක පොඩ්ඩක් adjust කරන්න. අදාළ contract එක expire වෙන්න කොච්චර කාලෙකට කලින් ඒක කරන්න ඕනේද කියන එකට තමයි Lockout Period එක කියන්නේ.
මේ වගේ lockout periods කෙටි කාලීන options වර්ග වලට අදාළ වෙන්නේ නෑ.

මුදල් ගනුදෙනු සිදුකළ හැකි ආකාර මොනවාද?

ඔබ broker සමඟ මුදල් ගනුදෙනු (deposits/withdrawals) සිදු කරන මාධ්‍යය මොකද්ද කියන එක අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු කරුණක්.
සාමාන්‍යයෙන් ඕනෙම Broker කෙනෙක් Bank wire, Credit/Debit Cards සහ Neteller වගේ Online Payment Processors ඔස්සේ අපිට ගනුදෙනු කරන්න අවස්තාව ලබා දෙනවා. ලංකාවේ අපිට ප්‍රයෝගිකව යොදාගන්න පුළුවන් වෙන්නේ credit/debit cards හරි Neteller වගේ services විතරයි. මම නම් කියන්නේ Bank Cards පාවිච්චි කරන්නත් එපා කියලයි. ඒ ඇයි කියලා දැනගන්න මෙන්න මේ ලිපිය කියවන්න.

අවම Withdraw කරන්න පුළුවන් අවම අගය?

Binary Options Trading තමන්ට ස්ථිර අදායම් මාර්ගයක් කර ගන්න බලාපොරොත්තු වෙන ඕනේම කෙනෙක් මේ ගැන සොයා බැලිය යුතුමයි. සාමාන්‍යයෙන් Neteller වගේ ක්‍රමයක් deposit කරන්න පාවිච්චි කලොත් withdraw කරන්න පුළුවන් අවම අගය $20ක් වෙනවා. මේ අගය brokerගෙන් brokerට වගේම payment method එකෙන් payment method එකටත් වෙනස් වෙනවා.

Withdraw කරන්න කොච්චර කාලයක් යනවාද?

Binary Options Trading වලට enter වෙන වැඩි දෙනෙක් minimum deposit එක වගේ දේවල් ගැන ලොකු අවධානයක් දුන්නාට අහන්නෙවත් නැති දෙයක් තමයි Withdrawals කරන්නේ කොහොමද? කොච්චර කාලයක් වැය වෙනවාද? වගේ දේවල්.
ඒ දවස් වල සාමාන්‍යයෙන් withdrawal request එකක් process කරන්න දවස් 14ක් විතර ගියා. ඒත් දැන් තියෙන තරඟකාරී පරිසරයත් එක්ක මේ time එක දැන් දවස් 2-3කට අඩුවෙලා.

Payout % කොහොමද?

Trade කරන asset එක, Trade කරන වෙලාව වගේ කරුණු රාශියක් මත රඳා පැවතුනත් සාමාන්‍යයෙන් 70% ඉඳන් 100% වෙනකල් මේ Payout % එක වෙනස් වෙන්න පුළුවන්.


Trade කරන්නට තියෙන Assets වර්ග?

සාමාන්‍යයෙන් Binary Options Trading වලදී අපි trade කරන්නේ Stocks, Commodities, Currencies සහ Indices.
හැම Broker කෙනෙක්ම හැම asset එකක්ම trade කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඔයාට trade කරන්න ඕනේ asset type එක ඔයා තෝර ගන්න බලාපොරොත්තු වෙන broker ළඟ තියෙනවද කියලා බැලීමත් ඉතාම වැදගත් දෙයක්.
මෙතනදී තවත් දෙයක් කියන්නට ඕනේ. Trade කරන්නට Assets වර්ග ගොඩක් තිබුනා කියලා broker කෙනෙක් හොඳ/නරක වෙන්නේ නැහැ. මොකද කවුරු කොහොම කිව්වත් අපි trade කරන කොට focus කරන්නේ financial instruments 2-3 යි.

Demo Trading කරන්න දෙනවද?

ඕනෙම කෙනෙක් කැමතියි real money deposit එකක් කරලා වැඩේට enter වෙන්න කලින් පොඩ්ඩක් broker platform එකේ වටයක් ගිහින් අතහුරු කරගන්නත්, trade එකක් enter කරන්නේ කොහොමද, deposits/withdrawals, Account History, Trade History එක වගේ දේවල් තියෙන්නේ කොතැනද කියලා බලාගන්නත්. ඒ වගේම තමයි trade එකක් 2ක් දාලා loss වෙන්නේ කොහොමද profit ගන්නේ කොහොමද කියලා දැන ගන්නත්.
ඒත් හැම broker කෙනෙක්ම demo accounts ලබා දෙන්නේ නැහැ.

බෝනස් බෝනස් බෝනස්

ගොඩක් Binary Options Brokersලා 100% Bonus දෙනවා. මාර සිරා.
ඒ කියන්නේ අලුතෙන් trading වලට enter වෙන කෙනෙකුට තමන් ළඟ තියෙන මුදල වගේ දෙගුණයක් market එකේ trade කරන්න chance එක තියෙනවා.
ඔහොම තමයි උඩින් පෙන්නේ. ඒත් මේ offers වල ඇතුලාන්තය ගැන දන ගන්න ඕනේ නම් Binary Options බෝනස් වල තිරය පිටුපස කතාව කියවන්න.

Binary Options ගැන වැඩිදුරටත් ඉගෙනගන්න අවස්ථා?

Binary Options Trading ගැන තව දුරටත් ඉගෙන ගන්න එක ඉතාම වැදගත් දෙයක්. ඔයා select කරන broker හරහා  Binary Options අධ්‍යාපනය ලබන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. IQOptions වගේ brokersලත් එක්ක ගනුදෙනු කරන අයට සුපිරි learning hubs වලට ඇතුළු වෙන්න අවස්ථාව තියෙනවා.

Share this

Related Posts

Previous
Next Post »