How To Minimize Losses In Binary Options Trading In Sinhala

එදිනෙදා Binary Options Trading කරන ඔබට දවසකට Losing Trade එකකට දෙකකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදු වෙනවාමයි නේ. ඒකෙ කිසිම වැරැද්දක් නැහැ. මේ ලෝකේ කිසිම 100%ක් සාර්ථකව trade කරන්න පුළුවන් විදිහේ Trading System එකක් තවම හොයාගෙනවත් නැහැ. ඒත් මම අද හඳුන්වාදෙන ක්‍රමය පාවිච්චි කරලා ඔබට වරින් වර මුහුණ දෙන්නට සිදුවන Losing Trades වල අලාභ අවම කර ගන්නට පුළුවනි.
බැලු බැල්මට එතරම් දෙයක් නැති වග තේරුණත් නිකරුණේ කලබල වුණොත් මේ ක්‍රමය භාවිතයේදී ඔබේ අලාභය දෙගුණ වන්නටත් පුළුවන්. ඒ නිසා මෙය බොහොම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනේ.

ඔබේ වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමවේදයට අනුව යම් Trade එකකට එළඹුණු සැණින්, ඔබට වැරදුණු බවත් අදාළ asset එකේ අගය ඔබ අපේක්ෂා කළ දෙසට විරුද්ධ යන බවත් වැටහුණු වහාම… කලින් trade එක දැමු දිසාවට ප්‍රතිවිරුද්ධ අතට එම ප්‍රමානයේම trade එකක් විවෘත කරන්න.

මේ කතාව තේරුණා නම්, මේ අවස්ථාවේදී එකම trading instrument එකකට Call සහ Put Order දෙකක් ක්‍රියාත්මක වෙනවා.

එතකොට Expiry එකෙන් පස්සේ මේ trade 2න් එකයි නේ හරි යන්නේ.
එකක් loss. අනික profit.

ඔබ එක trade එකකට $100 ක් අවදානමට ලක් කරනවා කියලා උපකල්පනය කළොත්.
Trade 2ම සඳහා අපේ මුළු investment එක හෝ (premium එක) හෝ  risk කරන මුදල = 2 x $100 = $200 යි

profit trade එකෙන් අපිට ලැබෙන return එක (payout එක 85% නම්)  = $185
loss වෙන trade එකෙන් අපිට ලැබෙන return එක = $0 නේ
එතකොට ඔයාගේ return එක = $185
investment එක = $200 යි
.
ආදායම – ආයෝජනය = ප්‍රතිලාභය
$185 – 200 = -$15

ඒ කියන්නේ මේ ගනුදෙනු 2න් ඔයාට $15 ක අලාභයක් තමයි තියෙන්නේ.
තේරුණා නේද?

අපි මේ විදියට ක්‍රියා කරපු නිසා $100 ක අලාභයක් $15කට අඩු කරගෙන තියෙනවා.
මේ වගේ Binary Options Trading කරන ඔබට එදිනෙදා trade කරන්න වඩාත්ම වැදගත් වන Tricks ඇතුළත් ලිපි පෙළක් ඔබ දැන සිටිය යුතුම Binary Options Trading රහස් ඔස්සේ හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
මේ කියවන ඔබ තවමත් Binary Options Trading ගිණුමක් විවෘත කරලා නැතිනම් අදම නොමිලේ පිරිනැමෙන Demo Trading Account එකක් විවෘත කරගන්න.

Share this

Related Posts

Previous
Next Post »