Hoe To Verify Binary Options Trading Account In Sinhala






ඔබේ Binary Options Trading Account එක Verify කර ගැනීම


මේ වෙනකොට ඔයා Binary Options Broker කෙනෙක් තෝරා ගන්නේ කොහොමද?  ලිපිය කියවලා ලංකාවේ අපිට වඩාත් ගැලපෙන brokersලා සංසන්දනය කරලා සමහර විට account එකක් open කරලත් ඇති.
ඒ වුණාට..
කවුරු කොහොම කිව්වත්,

කිසිම වෙලාවක ඔයාගේ account එක සම්පුර්ණයෙන් verify කරන්නේ නැතුව නම් deposit කරන්න එපා!

ඇයි දන්නවද?
“කළු සල්ලි සුදු කිරීම (Money Laundering) සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් සැපයීම වැනි දේවල් වළක්වන්න 2001 දී ඇමරිකා එක්සත් ජනපදයේ “American Patriot Act” කියලා පනතක් සම්මත වුණා. මේ පනතේ තියෙන නීති නිසා තමයි අපිට දැනට නියාමනය වන Binary Options Broker කෙනෙක් ළඟ ගිණුමක් විවෘත කළාට පස්සේ අපේ තොරතුරු තහවුරු කරන්න අවශ්‍ය වෙන්නේ.”

Binary Options Trading Account එක Verify කර ගන්නේ කොහොමද?

මේ සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන documents වර්ග 2ක් තියෙනවා.
  • Proof of Identity (Usually Government Issued Identity Card such as Passport, Diving Licence etc)
  • Proof of Address (Usually a Utility Bill, Bank Statement issued during last 3-6 months etc)

Proof of Identity

රජයෙන් නිකුත් කරපු අපේ අනන්‍යයතාවය තහවුරු කරන්න පුළුවන් document එකක colour scanned copy එකක් වෙන්න ඕනේ. මේ සඳහා සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ…
  1. Driving Licence [රියදුරු බලපත්‍රය]
  2. Passport [විදේශ ගමන් බලපත්‍රය]
ලංකාවේ නම් දැන් Driving Licence එකක් ගන්න මාස 3ක් වත් යනවා නේ. හොඳම වැඩේ තමයි Passport එක හදා ගන්න එක. Limited Countries එකක් දවසින් හදනවා නම් රු. 2500 යි යන්නේ. All Country එකකට රු. 7500ක් යනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය බලන්න.
2009 දී  මම මගේ passport එක හැදුවේ රට යන්න නෙවෙයි. Forex Trade කරන්නයි. 

Proof of Address

ඔයාගේ ගෙදරට ලඟදි ආපු දුරකථන, වතුර හෝ විදුලි බිලක් මේ සඳහා ප්‍රමාණවත්. “ලඟදි” කියන එක මාස 3ක් – මාස 6ක් ඇතුලත වගේ brokerගෙන් brokerට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ජංගම දුරකථන බිල්පත් භාර ගන්නේ නැහැ.
මේ බිල්පතේ තියෙන්නේ ඔයාගේ නම නෙවෙයි නම් වැඩේ පොඩ්ඩක් විතර අවුල්. එහෙම නම් කරන්න තියෙන හොඳම විකල්පය තමයි ඔයාගේ නමට එන Bank Statement එකක් හරි Credit Card Statement එකක් හරි පාවිච්චි කරන එකයි.
තවත් දෙයක්…
ඔයාට ඕනේම නම් මම කියපු විදිහේ අනිත් පැත්තත් කරන්න පුළුවන්. Broker Account එක හදන කොට, Address එක පුරවන තැනට ඔයාගේ නමට තියෙන දුරකථන, වතුර, විදුලි බිලක හෝ Bank Statement එකක තියෙන ලිපිනයක් දෙන්න. ඒක ඔයාගේ ගෙදරම වෙන්න ඕනේ නෑ. මොකද… කවදාවත් Brokersලා ඔයාගේ ගෙදර හොයාගෙන එන්නේ නැහැනේ.



මම කලින් කිව්ව විදිහට ඔයාගේ ගිණුමේ තොරතුරු තහවුරු කරන්නට අනිවාර්යයෙන්ම ඕනේ වෙන්නේ මේ documents දෙකේ වර්ණවත් scanned copy 2ක් විතරයි. ඒත්…

ඔයා deposit කරන කොට Bank Card එකක් පාවිච්චි කරනවා නම්…

මේ Credit/Debit Card එකේ දෙපැත්තේම scanned copies යවන්නට ඕනේ.
[මම නම් කියන්නේ Online Brokersලත් එක්ක ගනුදෙනු කරනකොට සෘජුවම Bank Cards පාවිච්චි කරන්නේ නැතිව Neteller වගේ Online Payment Processor කෙනෙක් හරහා පාවිච්චි කරන්න කියලයි.]  
යවන්නට කලින් මතක ඇතුව ඔයාගේ scanned copies වල…

ඉදිරිපස : අන්තිම අංක 4 හැර අනෙක් අංක නොපෙනෙන විදියට සලකුණු කරන්නත්…
පසුපස : CVV No. එක මකා දමන්නටත් කටයුතු කරන්න ඕනේ..
එහෙම කළේ නැතිනම් ඉතින් බඩුම තමයි. අද කාලේ කාවද විස්වාස කරන්න පුළුවන්?
ඒ වගේම තමයි ඔයා deposit කරන්නට credit/debit card කීපයක්ම පාවිච්චි කළොත් ඒ හැම එකේම දෙපැත්තේම scanned copies යවන්නට වෙනවා.

Share this

Related Posts

Previous
Next Post »