How To Do Online Deposits and Withdrawals Safely In Sinhala





පහසුවෙන් සහ සුරක්ෂිතව මුදල් ගනුදෙනු (Deposits/Withdrawals) සිදු කිරීම

මම ආපහු කියන්නම් මේ කතාව! ඒක ඒ තරම්ම වැදගත්. කිසිම වෙලාවක ඔයාගේ Account එක Verify කරගන්නේ නැතුව නම් deposit කරන්න එපා. එහෙම කලොත් Verify කරන තුරු withdraw නම් කරන්න බෑ. Account එක verify කරන්නේ කොහොමද කියලා දන්නේ නැතිනම් මේ ලිපිය කියවන්න.
මේ ලිපියෙන් කතා කරන්නට හදන්නේ  Binary Options Brokersලත් එක්ක Online මුදල් ගනුදෙනු කරන කොට පහසුවෙන් සහ ආරක්ෂාකාරිව ඒ කටයුතු කරන්නේ කොහොමද කියලයි. අපිට ඉතින් brokersලත් එක්ක තියෙන්නේ ගනුදෙනු වර්ග 2යි නේ.
  • How to Deposit? – (මුලින්ම සල්ලි දාන්නේ කොහොමද  ?)
  • How to withdraw? (Trade කරලා අපි ලබන ලාභ අපේ අතටම ගන්නේ කොහොමද ?)


Deposit කරන්නේ කොහොමද?

මේක නම් බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මුළු ක්‍රියාවලියට ම වැය වෙන්නේ විනාඩි කීපයක් විතරයි. ලංකාවේ අපිට Binary Options Brokers ලත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රම 2යි තියෙන්නේ…
  1. Bank Cards හරහා (Credit/Debit Cards)
  2. Electronic Payment Processors හරහා (Neteller..)
දැන් අපි බලමු Binary Options Trading කරන්න Broker කෙනෙක් එක්ක මුදල් ගනුදෙනු කරන්නට පෙර ඔයා හිතන්න ඕනේ දේවල් ගැන…

Deposit Method එක තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු

  • Deposit Limits කොහොමද ?
    ඔයා deposit කරන්න බලාපොරොත්තු වෙන deposit method එකට අදාළ limits මොනවාද කියන එක දැන ගන්න එකත් වැදගත්. Bank Cards වල වගේම ඕනෙම Online Payment Processing method එකකත් සිමාරහිතව ගනුදෙනු කරන්නට බැහැ. දවසකට/සතියකට කොච්චරද කියලා limit එකක් තියෙනවා නේ.මේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ සැලකිය යුතු මුදලක් යොදවලා Binary Options වලින් ස්ථිර අදායමක් ලබා ගන්න සැලසුම් කරන serious අයට විතරයි.
  • ඕනෙම broker කෙනෙක් ළඟ deposit කරද්දී ඔයාගේ account එකේ තියෙන නමයි payment method එකේදී ඔයා භාවිතා කරන නමයි එකම වෙන්න ඕනේ. එහෙම නැතිනම් වැඩේ මාට්ටු වෙන ඕනේ ම වෙලාවක ඔයාගේ සල්ලි freeze කරන්නට පුළුවන්.ඔයාගේ නමින් Bank Account එකක් නැතිනම් දැන්මම එකක් විවෘත කරගෙන ඒකටම debit card එකකුත් ගන්න එක තමයි හොඳම දේ. වැඩිම වුණොත් පැය 2ක් යයි.
  • එක විශේෂ අවස්ථාවක හැර අනිත් හැම වෙලාවකදීම ඔයා deposit කරන්න පාවිච්චි කරන method එකෙන්ම විතරයි ආපහු withdraw කරන්න පුළුවන් වෙන්නේ.
    මෙහෙම කිව්වහම ඔයාට ප්‍රශ්න කීපයක් ම එනවානේ…
    1. deposit කරන්නට ක්‍රම කීපයක් පාවිච්චි කලොත්,
      ඔයා withdrawal request එකක් යැව්වම කලින් deposit කරපු කරපු විදියට සමානුපාතිකව බෙදලා තමයි withdrawal methods set වෙන්නේ.
    2. මොකද්ද අර කියපු විශේෂ අවස්තාව…
      ඔයා deposit කරන්නට credit/debit card එකක් පාවිච්චි කළා නම්, ආපහු withdraw කරද්දී ඒ card එකටම උපරිම වශයෙන් ගන්න පුළුවන් deposit කරපු ගාණ විතරයි. ඊට වඩා වැඩි හැම මුදලක්ම ගන්න වෙන්නේ bank wire transfer එකක් හරහායි. ඒ කියන්නේ trade කරලා ලබන profits ගන්න වෙන්නේ ඔයාගේ බැංකුවටයි. මේ කතාව ඔයා trade කරන්න බලාපොරොත්තු වෙන brokerගේ FAQ වල, Deposit/Withdrawal Terms වල මේ වගේ කියලා ඇති.
 “If the value of the withdrawal request exceeds the value of the amount deposited by credit card the remaining value will be transferred by wire transfer.”
උදා.
සහන් $1000ක් OlymTrade වල Credit Card එකකින් deposit කරලා trade කරන්න පටන් ගත්තා.
සති 3කට පස්සේ සහන්ගේ account එකේ balance එක $2400 යි. ඒ කියන්නේ සහන් හොඳට trade කරලා $1400ක් ලාභ ලබලා.
දැන් සහන් තමන්ගේ account එකෙන් $1200ක් withdraw කරන්න ඉල්ලුවොත්…
සහන්ගේ Credit Card එකට $1000 ක් ලැබෙනවා. ඉතිරි $200 කෙලින්ම එන්නේ සහන්ගේ බැංකු ගිණුමටයි.

Share this

Related Posts

Previous
Next Post »