Why Verify Your Binary Option Trading Account Sinhala Lesson

මෙහෙම Verify කරන්න ඕනේ ඇයි?

කළු සල්ලි සුදු කිරීම (Money Laundering) සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් සැපයීම වැනි දේවල් වළක්වන්න 2001 දී ඇමරිකා එක්සත් ජනපදයේ “American Patriot Act” කියලා පනතක් සම්මත වුණා. මේ පනත නිසා තමයි දැනට නියාමනය වන Binary Options Brokersලාට තමන්ගේ ගිණුම් තොරතුරු verify නොකළ clientsලාගෙන් තැන්පතු ලබා ගන්න බැරි.

මම trading පටන් ගත්ත දවස් වල සමහර නරක brokersලා මේ නිතිය තමන්ගේ වාසියට හරවා ගෙන විශාල වශයෙන් clientsලව රවට්ටලා මිලියන ගණන් ලාභ ලැබුවා. ඒ අය ඒක කළේ මෙහෙමයි…

මුලින්ම තමන් ලඟට එන ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල තොරතුරු verify කර ගන්නේ නැතුව deposit කරන්න දෙනවා. ඊට පස්සේ trade කරන්නත් දෙනවා. මේ verification ක්‍රියාවලි, ඒකට ඕනේ documents ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ.  ඕනෙම කෙනෙකුට සල්ලි තියෙනවා නම් deposit කරලා trade කරන්න පුළුවන්. හරිම සරලයි.
මේ අය ළඟ deposit කරන ගනුදෙනුකරුවන්ට තරු පෙන්නේ withdrawal එකක් කරගන්න ගියාමයි. පළවෙනියටම කරන්නේ clientගේ withdrawal request එක hold කරන එක. Request එක කරපු කෙනා දවස් 2-3ක් ඉඳලා customer service එකට email එකක් යවලා හරි call එකක් දීලා හරි මේ ගැන ඇහුවහම මොකක් හරි බොරුවක් කියලා මඟ හරිනවා. Client පස්සෙන් එන කොට ටික දවසකින් මෙන්න මෙහෙම act එකක් තියෙනවා. ඒක අනුව මේ account එක සැකයි අපි මේ ගැන පරීක්ෂණයක් කරන්න අදාළ U.S. Department එකට දාලයි තියෙන්නේ. ඔහොම ඔහොම එක එක බොරු කිය කිය client ව රවට්ටනවා. අන්තිමට account එකේ Trading Profits තියා අඩුම ගානේ දාපු සල්ලි ටිකවත් Withdraw කරන්න ලැබෙන්නේ නැහැ.

ඔය වගේ cases සෑහෙන ගණනක් 2010-2011 කාලේ වාර්තා වුණා. දැන් නම් එහෙම දේවල් අහන්නට ලැබෙන්නේ නැහැ. ඕනෙම නියාමනය වෙන Broker කෙනෙක් ළඟ ගිණුමක් විවෘත කරනකොට verify නොකර නම් deposit කරන්න, real money trade කරන්න දෙන්නේ නැහැ.

ඒ නිසා ඔබ Binary Options Trading ගිණුමක් විවෘත කරනකොට මේ ලිපිය කියවලා හොඳ Broker කෙනෙක් තෝරාගන්න කොට සලකලා බලන්න ඕනේ දේවල් ගැන දැන ගෙන Binary Options Brokersලාව සංසන්දනය කරලා බලලා ඔබට වඩාත් හොඳින් ගැලපෙන සමාගමක් තෝරාගෙන Neteller හරහා මුදල් තැන්පත් කරන්නට කලින් අනිවාර්යයෙන්ම ඔබේ Binary Options Trading ගිණුම Verify කරගෙන ඉන්න.


Share this

Related Posts

Previous
Next Post »