Binary Option Risk Management In Sinhala



Binary Options Trading වලදී අවදානම සහ මුදල් කළමනාකරණය


දැන් අපි කතා කරන්නට හදන්නේ නිරන්තරයෙන් සාර්ථක Binary Options Trader කෙනෙක් වීම සඳහා අත්‍යාවශ්‍ය වන “අවදානම සහ මුදල් කළමනාකරණය” කර ගැනීමේ ප්‍රයෝගික ක්‍රමවේදයන් කීපයක් ගැනයි.  සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් Trade කරන දැනට ජනප්‍රියම Binary Options වර්ගය වන High/Low, Up/Down හෝ Call/Put Options වලදී Broker අපිට දෙන උපරිම Payout Ratio එක 95% නිසා අපි අනිවාර්යයෙන්ම අපේ අවදානම සහ මුදල් කළමනාකරණය කර ගත යුතු යි. එහෙම නොකළොත් trades 2ක් – 3ක් ඇතුලත සම්පුර්ණ account එකේම තියෙන මුදල් නැති වෙලා යන්න පුළුවන්. මේ ලිපිය කියවන ඔබට Binary Options Trading ඔබගේ ස්ථිර අදායම් මාර්ගයක් බවට පත් කර ගන්න පුළුවන් විදිහ ගැන දළ අදහසක් ලබා ගන්න ගන්න පුළුවන්.

Binary Options Trading වලින් කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද?

මේ ගැන දැන ගන්න ඕනේ නිසානේ… සරුසාර.com එකට ආවේ…එහෙම නේද?
පිළිතුර බොහොම සරලයි.

ඔබට ඕනෑ තරමක්…

එහෙම කියලා මදිනේ… ඇත්තටම කොච්චර පුලුවන්ද?

Binary Options Trading පටන් ගන්න කොච්චර සල්ලි ඕනෙද?

ඩොලර් $5 යි.
විහිළුවක් නෙවෙයි…
දැන්මම Binary.com එකට ගිහින් 100% Free Binary Options Demo Account එකක් ඇරලම බලන්නකෝ.
Binary Options Trading වලට කොපමණ ප්‍රාග්ධනයක් යොදවනවාද? නැතිනම් Binary Options Trader කෙනෙක් වෙන්න කොපමණ මුදලක් ආයෝජනය කරන්න ඕනද කියන එක සම්පුර්ණයෙන්ම රඳා පවතින්නේ,
  1. ඔයාට ඒ සඳහා කොපමණ මුදලක් වෙන් කළ හැකිද?
  2. Binary Options Trading වලින් ඔබට කොපමණ මුදලක් ඉපයීමට අවශ්‍යද?
කියන කරුණු දෙක මතයි. පළවෙනි කරුණ ඔබ තනිකරම තියෙන්නේ ඔයා අතේ. දෙවෙනි කරුණ ගැන මම පොඩ්ඩක් කියන්නම්.
සාමාන්‍යයෙන් අනිත් හැම ව්‍යාපාර කටයුත්තකදී වගේම Binary Options Trading වලදීත් ඉක්මනින්* ගොඩක් සල්ලි හොයන්න නම් ඔයාට ගොඩක් සල්ලි තියෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු මුදලක් ආයෝජනය කරන්න ඕනේ.
ඒත් ගොඩක් සල්ලි නැතිනම්…
අවුලක් නෑ. පුළුවන්…. ඒත් කොහොමද?
මම උඩ ඉක්මනින්* කියන වචනේ රතු කරලා තරුවකුත් දැම්මා නේ. Trading පටන් ගන්නකොටම ආයෝජනය කරන්නට ඒ තරම්ම් මුදලක් ඔයා ළඟ නැතත්. මුල ඉඳලාම හොඳට ඉගෙනගෙන, මනා ඉවසීමකින් සහ දැඩි ස්වයං විනයකින් යුතුව trade කලොත් අතේ තියෙන මුදලින් ගොඩ යන්නට පුළුවන් දෙයක් තමයි මේ Binary Options Trading කියන්නේ. හැබැයි ඒකට ටික කාලයක් ගත වේවි.

ගොඩක් සල්ලි තිබුණත් නැතත් Binary Options වලින් සල්ලි හොයන්න පුළුවන් ඇයි?

Binary Options Trading වලදී අපි ගනුදෙනු කරන Financial Instruments වලදී ප්‍රතිලාභ ලැබෙන්නේ ප්‍රතිශත විදිහටනේ. ඒ නිසා ඔයාට ගොඩක් සල්ලි තිබුණත් නැතත් ලැබෙන්නේ එකම ලාභ ප්‍රතිශතයක්.
අපි පොඩි උදාහරණයක් ගනිමු.
Broker 80%ක payout එකක් දෙන trade එකක් සඳහා,
ඩොලර් 1000ක Premium එකකට ලැබෙන ප්‍රතිලාභය :     →  ඩොලර් 800 යි
ඩොලර් 10ක Premium එකකට ලැබෙන ප්‍රතිලභය :           →  ඩොලර් 8 යි.
ඒ ඒ කෙසෙල් වලට ඒ ඒ බනිස් න්‍යාය තමයි මෙතනදී වැඩ කරන්නේ.
ඒ නිසා Binary Options Trading ගොඩක් සල්ලි හොයන්න ඕනේ නම් ඔයාගේ ආයෝජනයත් වැඩි වෙන්න ඕනේ. 
ඒත්… අනිත් අතට Binary Options Trading වලදී ලොකු මිනිහාටත් පොඩි මිනිහාටත් කිසිම ලොකු/පොඩි භේදයක් නැතුව එකම ප්‍රතිශත වලින් සල්ලි හොයන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
මමත් ගොඩක් පොඩියට පටන් ගත්තේ. පොඩි කෙනෙක් විදිහට ඔය ඉන්න විදිහටම ඉන්නවාද? නැතිනම් අද ඉදලම දියුණු වෙන්න පටන් ගන්නවාද කියන එක තියෙන්නේ ඔයා අතේ.
“If you born as a poor that’s not your fault.. If you die as a poor that’s your fault.” – Bill Gates
ඒ නිසා අද ඉඳලම පටන් ගන්න.
> Open a Free Demo Trading Account with IQOption

Binary Option Trading වලදී අවදානම කළමනාකරණය

Trading කියලා කියන්නේ දාන දාන හැම trade එකෙන්ම profit ගන්න එක නම් නෙවෙයි. ඇත්තටම ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම හිතාගෙන trade කරනවා නම් ඔයා ඉන්නේ වැරදි track එකක.
මේ ලෝකේ හොඳම traderට වත් 100% profit ගන්නට බැහැ. එහෙම කොතැන හරි තියෙනව නම් ඒ කියන කෙනා එක්කෝ හරියට දන්නේ නැහැ නැතිනම් එතන වෙන්නේ ලොකු බොරුවක්…
දිගු කාලීනව ඔයා දාන trades වල තියෙන සාර්ථකත්වයට තමයි Trading කියලා කියන්නේ. ඕනෙම සාර්ථක trader කෙනෙකුට ඉඳලා හිටලා පුංචි පුංචි පසුබෑම් වලට මුහුණ දෙන්නට සිදුවෙනවා. මේ වගේ Equity Curve එකේ තියෙන කෙටිකාලීන පසුබෑම් වලට කියන්නේ Drawdowns කියලා. නිරන්තරයෙන් සාර්ථක Binary Options Trader කෙනෙකුට වුණත් නරක දවසක් දෙකක් තියෙන එක එච්චර අළුත් දෙයක් නෙවෙයි. දවස් 2-3ක් පාඩු ලැබුවා කියලා ඒක මත්තේ නැහෙන්න යන්නේ නැතුව හරියට මනස පාලනය කරගෙන trade කරන එක තමයි කළ යුත්තේ. හැමතිස්සෙම අපි හිතන්න ඕනේ හෙටක් කියලා දෙයක් තනා බවත් හෙට trade කරන්න නම් capital එකක් තියෙන්න ඕනේ බවත්.

ඔබ අවදානම කලමනාකරණය කළ යුත්තේ ඇයි?

මේ රූප සටහන් 2 දිහා බලන්න. අවදානම කළමනාකරණය කරමින් trade කරන Trader කෙනෙකුගේත් අවදානම කළමනාකරණය නොකර හිතුණු හිතුණු විදිහට trade කරන Trader කෙනෙකුගේත් Equity Curves වල තියෙන වෙනස තමයි මේ දැක්වෙන්නේ.
money-management-why
අවදානම කළමනාකරණය කරන traderගේ Account Balance එක කාලයත් එක්ක ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා. අර මම කලින් කිව්ව Drawdowns නිසා තමයි අඩි කෝදුවක් තියලා ඇන්දා වගේ තනි ඉරක් නොපිහිටන්නේ. ඔහු හොඳ trader කෙනෙක්.
අවදානම කළමනාකරණය නොකරන trader මේ වෙනකොට 4 වතාවක් deposit කරලා තියෙනවා. ඒත් තවම account එකේ balance එක බින්දුවයි. සමහර deposits වලින් පස්සේ ටික දවසක් හොඳ වර්ධනයක් තිබුණත් හදිසියේ ම track එක පැනපු ගමන් account එක නැති නාස්ති කර ගන්නවා. අවදානම කළමනාකරණය නොකර සිටියොත් වෙන්නේ ඔන්න ඕකයි.

නිවැරදිව අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද?

ඔබගේ Risk Capital එකෙන් විතරක් Trade කරන්න

ඔයාගේ capital එක ගැන ඔයාට risk එක ගන්න බැරි නම් කිසිම විටෙක ඒ සල්ලි  කිසිම ආකාරයක මුල්‍ය වෙළඳපොළක ගනුදෙනු සඳහා යොදා ගන්න එපා.
උදා.
බැංකුවකින්, Finance Company එකකින් ණයට ගත්ත මුදල්…
යාළුවෙක්ගෙන්, පවුලේ සාමාජිකයෙක් ගෙන් ඉල්ලා ගත් මුදල්…
ණයට trade කරන කොට ඕනෙම කෙනෙකුට කොහොමත්  අමතර පීඩනයක් එනවා. ඒක trading වලට අයහපත් ආකාරයටයි බලපාන්නේ. ඒ නිසා ඔයාගේ capital එකෙන් විතරක් trade කරන්න.

ඔබේ Binary Options Broker

නියාමනය කරන ලද, ඔබට ගනුදෙනු කළ හැකි, ඔබේ අනිකුත් අවශ්‍යතාවලට සරිලන Broker කෙනෙක්ව තෝරා ගන්න. මම ඔය list කරලා තියෙන Brokersලා හැමෝම Regulated ඒවායි. ඔබ තෝරා ගත් Broker Account එකේ මුදල් තැන්පත් කිරීමට පෙර අනිවාර්යයෙන්ම verify කරගන්න. ඊට පස්සේ ගනුදෙනු කරන්න කලින් platform එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. එතකොට trading errors සිදුවෙන්න පුළුවන් අවදානම අවම වෙනවානේ. IQOption වගේ broker කෙනෙක් වටින්නේ අපිට කිසිම risk එකක් නැතුව demo trade කරන්න දෙන නිසයි.
තවත් දෙයක්… හැම තිස්සෙම Trade එකක් enter කරන්න කලින් ආපහු සැරයක් check කරන්න.

Risk Capital එකෙන් 50%ක් යොදාගෙන පටන් ගන්න

Binary Options Trading සඳහා ඔබ සැලකිය යුතු මුදලක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා නම් (0ver $2000) ඔබගේ risk capital එකෙන් 50%ක් මුලින් යොදවන්න. ඔබගේ Trading Strategy එක, Trading Plan එක, Broker Platform එක, Trading Instruments  හා විවිධාකාර trading conditions ගැන ගැඹුරු අවබෝධයක් ලද සැණින් ඉතිරි 50%ත් යොදා Trade කරන්නට පුළුවන්.
හැබැයි මේ ක්‍රමය අඩු ආරම්භක ප්‍රාග්ධනයක් යොදාගෙන trade කරන්නට බලාපොරොත්තු වෙන් කෙනෙකුට නම් එච්චරම effective නැහැ.

විවිධාන්‍ගීයකරණය

ඔබගේ trading portfolio එක විවිධ ආකාර වලින් සකසා ගැනීමත් එක ක්‍රමයක්
  • වෙනස් Underlying Assets යොදා ගැනීම
    [Stocks, Commodities, Indices, Currencies]
  • වෙනස් Binary Option වර්ග යොදා ගැනීම
    [Touch, Range & Up/Down]
  • වෙනස් කාලපරාසයන් වල Expire වන Options වර්ග යොදා ගැනීම
    [Short Term 60 Second Options + Long Term ]
  • වෙනස් ප්‍රතිලාභ ලබා දෙන Binary Options වර්ග යොදා ගැනීම
    [Low yielding & High yielding etc]
දැන් තමයි වැදගත්ම ටික…

එක Trade එකක් සඳහා උපරිම Risk එක
[Maximum Individual Risk Exposure]

Binary Options Trading වලදී එක් Trade එකක් සඳහා කිසිම විටෙක ඔබගේ මුළු ගිණුමේ වටිනාකමින් 5% වඩා යොදා ගන්නට එපා.
උදා.
ඔබේ ප්‍රාග්ධනය $500 නම්, එක Trade එකක් සඳහා යොදා ගත හැකි උපරිම Contract Size එක      → $25
ඔබේ ප්‍රාග්ධනය $2000 නම්, එක Trade එකක් සඳහා යොදා ගත හැකි උපරිම Contract Size එක   → $100
ඔබ Binary Options Trading වලින් profits ලබමින් ඔබගේ ගිණුමේ අගය වර්ධනය වීමත් සමඟ මෙම එක trade එකක් සඳහා risk කරන මුදල ඒ හා සමානුපාතිකව වැඩි කර ගන්න. ඒත් කිසිම විටෙක එක් trade එකක් සඳහා 5%ට වඩා නිරාවරණය වන්නට එපා.

ඔබේ Trading ගිණුමේ එක් මොහොතක උපරිම Risk එක
[Maximum Simultaneous Risk Exposure]

ඔබගේ Trading ගිණුමට එක් මොහොතකදී දරා ගත හැකි උපරිම අවදානම ගණනය කිරීම ඉතාමත් වැදගත්. ආරම්භයේදී හැකි සෑම විටම මෙම අගය 15% තබා ගන්න.
ඒ අනුව ආරම්භයේදී ඔබට එක වරකට 5% trades යෙදිය හැක්කේ තුනක් පමණයි.
ඔබ යොදන්නේ 3% risk එකක් දරන trades නම්, එක් වරකට එවැනි trades 5ක් යොදා ගත හැකියි.
ඔබ Binary Options Trading වලට හොඳින් අනුගත වූ පසු මේ උපරිම risk එක 25% තරම් ඉහළට රැගෙන යා හැකියි.  ඒත් කිසිම විටෙක සමස්ත ගිණුමට දරන්නට සිදුවන අවදානම 25%ට වඩා වැඩි කිරීමෙන් වළකින්න.

විශේෂ කරුණු:
ඔබ Binary Options Trading Signal Service එක්ක සහය ලබා ගන්නවා නම් ඔවුන් නිර්දේශ කරන Per Trade Risk / Premium Prices භාවිතා කරන්න. හැම විටම ඔවුන්ගේ උපදෙස් පිළිපදින්න.

Share this

Related Posts

Previous
Next Post »