5 Minutes MACD Binary Options Trading Strategy In Sinhala

5 Min. MACD Strategy for Beginners

මේ කියන්න යන 5 minute Strategy එක නම් Binary Options Trading පටන් ගත්ත මුල දවස් වල මමම හදපු එකක්. මම දැන් පාවිච්චි කරන්නේ නැති වුණාට Binary Options Trading වලට අළුත් කෙනෙකුට වුණත් හරිම පහසුවෙන් Set-up කරගන්න පුළුවන්. එකම එක Indicator එකක් තමයි පාවිච්චි කරන්නේ.

ඔබේ දැන් තිබෙන Chart Template එකට MACD Indicator එක Add කර ගැනීම

Insert > Indicators > Oscillators > MACD තමයි සම්ප්‍රදායික ක්‍රමය.

නිවැරදිව MACD Settings හැදීම

අපි මෙතැනදී Default Settings වෙනස් කරන්න යන්නේ නැහැ.
Fast EMA : 12
Slow EMA : 26
MACD SMA : 9
හා Apply to : Close ලෙස පැවතිය යුතුයි.

ඔබ අවශ්‍ය වර්ණයන් යෙදීම

MACD Histogram එකට සහ Signal රේඛාවට ඔබට කැමැති වර්ණයන්, Styles යොදන්න. පැහැදිලිව වෙන් කර හඳුනාගන්නට හැකි වීම ප්‍රමාණවත්.

MACD Levels සැකසීම

මේක තමයි වැදගත්ම පියවර වෙන්නේ. MACD Indicator එකේ Levels ලෙස 0.0005, 0.0002, 0, -0.0002 හා -0.0005 යොදන්න.

කලින් MACD histogram එකට යොදන ලද වර්ණයට සමාන වර්ණයක් පාවිච්චි කරන්න එපා. එතකොට ටිකක් අපැහැදිලි වෙයි.
දැන් අපේ මුලික කටයුතු අවසානයි. දැන් තියෙන්නේ මේ Strategy එක භාවිතයෙන් Trade කරන්නේ කොහොමද කියලා කතා කරන්න.

5 Minute MACD Strategy එක භාවිතයෙන් Trade කිරීම

  1. ඔබේ Charts 1 Minute Time Frame එකට සකසා ගන්න. Charts 1 Min. Time Frame එකට වුණාට මේ Strategy එක භාවිතා වෙන්නේ 5 Minute Expiry Time එකක් තියෙන High / Low, Up / Down or Call / Put Options Trade කිරීම සඳහායි.      
  2. Major Currency Pairs සඳහා භාවිතා කළ හැක. (Japanese Yen Crosses හැර)
  3. ප්‍රබල News Release අවස්ථා වලදී Trade කිරීමෙන් වළකින්න.
When to Put | Put Trades යෙදිය යුතු වන්නේ   
0.0005 ට වැඩි MACD Cross-Over අවස්ථා වලදී

When to Call | Call Trades යෙදිය යුතු වන්නේ
-0.0005 ට අඩු MACD Cross-Over අවස්ථා වලදී


මේ Strategy එකේදී අපේ Trade Entries විදිහට +/- 0.0005 යොදා ගන්නේ එවැනි අවස්ථා වලදී Trend එකේ Strength එක වැඩි නිසා 5 Minute Expiry Options වලදී නිසැක ජයක් ලබන්නට බලාපොරොත්තු වෙන නිසයි.

මේ සඳහා +/- 0.0002 Cross-Over අවස්ථා යොදා ගතහොත් අපිට Trading අවස්ථා විශාල ප්‍රමාණයක් ලැබෙන අතර නිවරද්‍යතාවය සැලකිය යුතු ලෙසින් අඩු වේ. Binary Options Trading වලදී අපි යොදන Trades ගණනට වඩා එම Trades වල නිවැරදි බව ගොඩක් වැදගත් කියලා මේ වෙනකොට ඔබට වැටහිලා ඇති.

ඉහත උදාහරණයේදී එකම trend එකක් ආරම්භයේදී හා අවසානයේදී Call / Put Trades යොදා ඇති වුවත් නිතරම එවැනි අවස්ථා ලැබෙන්නේ නැහැ. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවක්.

මේ උදාහරණයේදී Put Entry එක 0.0005 ට වැඩි වුණාට Call Entry එකකට සුදුසු පරිසරයක් නැහැ.

5 Min. MACD Strategy for Advanced Traders

මම මේ කිව්ව ඉතාමත් සරල Trading Strategy එක තවදුරටත් වැඩි දියුණු කරන්න පුළුවන් ආකාර ගැන තමයි මේ කතා කරන්න හදන්නේ.

Strategy එකේ සංවේදකතාවය වැඩි කිරීම

වැඩි Trading Opportunities ගණනක් ලබා ගැනීම සඳහා +/- 0.0002 සිට +/- 0.0005 දක්වා MACD Cross-Overs යොදා ගන්න පුළුවන්. ඒත් අර මම කලින් කිව්ව ප්‍රශ්නය මඟ හරින්නට තරම් ඔබට market එකේ price movements වල හැසිරීම ගැන සියුම් අවබෝධයක් තියෙන්නට ඕනේ.

MACD Divergence භාවිතයෙන් Trend Reversals Trade කිරීම

When to Call | Call Trades යෙදිය යුතු වන්නේ
Prices Lower Lows හදන MACD Histogram එක Higher Lows හදන Diverging අවස්ථා වලදී Call Entries ද
When to Put | Put Trades යෙදිය යුතු වන්නේ  
Prices Higher Highs හදන MACD Histogram එක Lower Highs හදන Diverging අවස්ථා වලදී Put Entries ද  යොදන්න.

මෙම 5 Min. Binary Options Trading Strategy එකේ දැනට හඳුනාගත් දුර්වලතා

  • News Release වැනි ක්ෂණික market වෙනස්වීම් හමුවේ නිසියාකාරව ක්‍රියාත්මක නොවීම
  • USDJPY, EURJPY, GBPJPY වැනි ජපන් යෙන් ඇතුලත් currency crosses සඳහා යෝග්‍ය නොවීම
  • එකම Trend එක දිගින් දිගටම පවතින අවස්ථාවන් වලට යෝග්‍ය නොවීම

Open Account Here

Share this

Related Posts

Previous
Next Post »