My Binary Options Trading Strategy In Sinhala


මම 75%-85% ක සාර්ථකත්වයක් ඇතුව දැනට අවුරුදු කීපයක් තිස්සේ භාවිතා කර ලක්ෂ ගණනක් මුදල් උපයන ලද Binary Options Trading Strategy එක  වෙබ් අඩවිය කියවන Live Account හිමි ඔබත් එක්ක නොමිලේ බෙදා ගන්නට හිතාගෙන හිටියේ ටික කාලෙක ඉඳන්. මේක පළ කරන්න මෙච්චර කල් ගියේ එක එක හේතු ගොඩක් හින්දයි.

  • පළවෙනි එක තමයි මේකේ තියෙන සරල බව.
    ඒ නිසා Trading කරන වැඩි දෙනෙක් මේක පාවිච්චි කරන්න එච්චර කැමති වෙන්නේ නැති වෙයි කියලා හිතුනා. මේ Strategy එක සම්පුර්ණයෙන්ම කියෙව්වම ඔබටත් අනිවාර්යයෙන්ම හිතේවි,
” ආපෝ! මේකද ඔය කිව්ව මහ ලොකු Trading Strategy එක කියලා “
මේක ලොකු නැහැ. ඒක ඇත්ත.
බැලූ බැල්මට ඔබටත් එහෙම හිතෙනවාමයි
ඒත් හරියට අවදානම කළමනාකරණය කරලා ඉවසීමෙන් යුතුව පාවිච්චි කරන කෙනෙකුට මේකෙන් අසීමිතව මුදල් උපයන්නට පුළුවන් බව මම අද්දැකීමෙන්ම දන්නවා.
  • දෙවෙනි එක තමයි මේ Strategy එකේ තරමක Discretionary Trading Part එකක් තිබීම. සමහර වෙලාවට මේ system එකෙන් සමහර Trading Triggers දුන්නට අපි අපේ Accounts වල ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ අවබෝධය එන්නේ වසර ගණනක් trade කරලා ඔබ ලබන පරිචය තුලින් කිව්වොත් නිවැරදියි. අපිට සිංහලෙන් “Trading ඉව” කියලා ඒකට කියන්න පුළුවන්. බොහොම කණගාටුයි. මට ඒක නම් ඔබට දෙන්නට බැහැ. ඒක ඔබ ලඟා කර ගත යුතු කායික මානසික තත්වයක්.
  • අන්තිම කාරණේ තමයි “ලංකාවේ අයට නොමිලේ මොනවා හරි දෙයක් දෙන එක මට එපා වුණු නිසා”. ගොඩක් දෙනෙකුට නිකන් දෙන කිසිම දේක අගයක් නැහැනේ. මම ලියන අන්තිම සිංහල blog එක තමයි මේක. මෙතැනින් එහාට ආයේ කවදාවත් සිංහලෙන් Blog එකක් ලියන්න නම් අදහසක් නැහැ.
ඒ වැල් බයිලා වැඩක් නැහැ. අපි Strategy එකට එමු.

Charting Platform එක : MetaTrader4

අපි මේ සඳහා පාවිච්චි කරන්නේ MetaTrader4 Charts. මේ සඳහා ටිකක් වේගවත් price feeds තියෙන 5 Digit Broker කෙනෙක් මේ සඳහා පාවිච්චි කරන්න.
ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන NordFX මේ සඳහා යෝග්‍ය නැහැ. HotForex  Free Demo Account එකක් විවෘත කරලා MetaTrader4 Download කරගන්න.

Strategy එක අදාළ වන Expiry Times

මම මේ Strategy එක පැහැදිලි කරන්නට පාවිච්චි කරන්නේ 5 Minute Expiry Times තියෙන binary options trade කරන්නේ කොහොමද කියලයි. ඒ අතරේදී ඔබට අවශ්‍ය නම් 60 Second Options Trade කරන්න පුළුවන් අවස්ථා ගැනත් මම කියන්නම්.
ඔබට අවශ්‍ය නම් මේ Strategy එකම Long Term Binary Options වලටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරන්නේ කොහොමද කියලා මේ ලිපියේ පහළින් Further Developments යටතේ සඳහන් කරලා තියෙනවා.

Options Expiry Time Vs MT4 Chart Time Frame

අපි මේ Strategy එකේදී පාවිච්චි කරන්නේ 5 Minute Expiry Time එකක් තියෙන Short Term Binary Options නිසා MetaTrader4 Charts යොදා ගන්නේ මෙහෙමයි.
  • Market Direction එක හඳුනා ගන්න : 5 Minute Time Frame
  • Trade Triggers (Buy/Sell කරන්න enter වෙන්න) : 1 Minute Time Frame
මෙතනදී Binary Option Expiry Times එක්ක Chart Times පටලවා ගන්නට එපා.

Directional Bias – වෙළඳපොළ දිශානතිය

Market Direction එක කොහෙටද තියෙන්නේ කියලා දැනගන්න අපි පාවිච්චි කරන්නේ 5 Minute Chart එකට 50 EMA එකක් දාලයි. ඒක ඔබට Insert > Indicators > Moving Average ඔස්සේ දාගන්නට පුළුවන්.


අදාළ asset එකේ price එක 50 EMA එකෙන් ඉහළ නම්,
  • Market එක Bullish. ඒ වගේ වේලාවන් වලදී  අපි බලන්නේ Call Option සඳහා enter විය හැකි අවස්ථා යි.
අදාළ asset එකේ price එක 50 EMA එකෙන් පහළ නම්,
  • Market එක Bearish. ඒ වගේ වේලාවන් වලදී අපි බලන්නේ Put Option සඳහා enter විය හැකි අවස්ථා යි.

Trade Entry Triggers

ඔබ trade කරන්න බලාපොරොත්තු වන  currency pair එකට අදාළ 1 Minute Chart එක විවෘත කරගන්න.
ඔබ කැමති වර්ණ 4 කින් Close Price එක සඳහා 5,10,20 සහ 50 Exponential Moving Averages යොදා ගන්න. මෙහිදී 50 EMA එක ටිකක් තද පාටකින් පැහැදිලිව හඳුනා ගත හැකි ආකාරයට යොදන්න.
මේ පියවර අනුගමනය කළ පසු ඔබේ Chart එක මේ අයුරින් දිස් වනු ඇති.

හරි එහෙනම්… නිවැරදිම Entry Point එක මොකද්ද?

Call Entry එකක් වුනත් Put Entry එකක් වුණත් අනිවාර්යෙන්ම 10 EMA සහ 20 EMA එක Cross වෙනකල් ඉන්න. මේ 1 Min  Chart එකේ 10 EMA සහ 20 EMA එක Cross වුණ ගමන්ම 5 Minute Trade එකකට enter වෙන්න.

Call Entries



Put Entries


60 Second Trades සිදු කරන ආකාරය 
හොඳ Trending Market එකකදී, Price Action එක 20 EMA line එක touch කරන හැම අවස්ථාවකම 60 Second Trade යෙදිය හැක. එහෙත් එය ඔබ බොහොම ප්‍රවේසම් සහගතව කළ යුතු දෙයක්.

මේ Strategy එක මඟින් Live Trading සිදු කරන්නේ කොහොමද?


වම් පසින් අපි trade කරන 1 minute charts ද දකුණු පසින් direction එක හඳුනා ගන්නට පාවිච්චි කරන 5 minute charts ද open කර ගන්න.

මම කලින් කිව්ව ආකාරයට 5 Minute Chart එකේ Market Direction එක up නම් අපි බලන්නේ Call Entry අවස්ථා මොනවාද කියලයි. එවැනි අවස්ථා වල 1 Minute Charts පාවිච්චි කරලා මම උඩින් දක්වලා තියෙන විදිහට 5 Minute Expiry / 1 Minute Expiry තියෙන Binary Options Trade කරන්න.
තවත් පැහැදිලි කළොත්,
  1. 5 Min Chart එකේ Market Direction එක Up ද Down ද කියලා බලන්න. Up නම් අපි බලන්නේ Call කරන්න පුළුවන් අවස්ථායි. Down නම් අපි බලන්නේ Put කරන්න පුළුවන් අවස්ථා යි.
  2. ඊළඟට 1 Min Chart එකේ 10 – 20 EMA Cross එකක් නිවැරදි දිශාවට වෙච්ච ගමන් 5 Min Trade එකකට Enter වෙනවා.
එච්චරයි.

මේ Strategy එක භාවිතා නොකළ යුතු වේලාවන් සහ අවස්ථා

  • Asian Trading Session එකේදී මේ Strategy එක පාවිච්චි කරන්න එපා.
    ලංකාවේ වේලාවෙන් උදේ 11-11.30 ඉඳන් රෑ 9-9.30 විතර වෙනකල් ගැටලුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.
  • Sideways Trend එකක් තියෙන වෙලාවට මේ Strategy එක එච්චර සාර්ථක නැහැ. ඒ නිසා ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්නත් එපා. Directional Bias එක දැනගන්න අපි පාවිච්චි කරන 5 min chart එකේ, candles මේ රුපයේ දක්වලා තියෙන ආකාරයට පොඩි Pip ප්‍රමාණයක් ඇතුලත වැඩි candles ප්‍රමාණයක් trade වෙලා තියෙන අවස්ථා වලදී Trade කරන්න එපා. බොහෝ වෙලාවට මේ වගේ වෙන්නේ අපි trade කරන asset එකේ price එක නිල් පාට (50 EMA) line එක ආසන්නයට ආපු අවස්ථා වලදියි.

ඒ වගේම මේක පොඩි අමතර කරුණක්,
මේ වගේ පොඩි pip ප්‍රමාණයක් ඇතුලත candles විශාල ප්‍රමාණයක් ඇති වෙනවා කියන්නේ ඒ contraction එක ඉවර වෙච්ච ගමන්ම හොඳ Breakout එකක් තියෙන්න ලොකු ඉඩක් තියෙනවා කියන එකයි. ඒකත් පොඩ්ඩක් ඔලුවේ තියාගන්න.
  • ඒ වගේම තමයි බොහොම පොඩි කාලයක් ඇතුලත විශාල ලෙස Market Price වෙනස් වන අවස්ථා වලත් මේක පාවිච්චි කරන එක සුදුසු නැහැ.  මේ තියෙන්නේ විනාඩි 20ක් ඇතුළත Pips 140 ක් move වුණ අවස්ථාවක්.

  • Major News Release වලට විනාඩි 15ක් පෙර සහ විනාඩි 15ක් පසු යන කාල පරාසයන් තුලදී Trade කරන්න එපා. News Release ගැන දැනගන්න මම පාවිච්චි කරන්නේ MyFxBook Calendar එකයි.

මෙම Strategy එක වරදින අවස්ථා

මේ Strategy එක වරදින වෙලාවල් තියෙන්නේ එකයි. ඒ තමයි Market එකේ දැන් තියෙන 5 Minute Trend එක වෙනස් වෙන අවස්ථාවන් වලදී.

5 Min Trend එකේ වෙනස් වීම් හඳුනාගන්නට අපි පාවිච්චි කරන්නේ 30 Min Charts. ඒත් ඒ වෙනස් වීම් නිවැරදිව හඳුනා ගන්නට නම් ඔබට හොඳ Technical Analysis දැනුමක්, Support/Resistance ගැන අවබෝධයක් තිබීම අනිවාර්ය වෙනවා. ඊටත් වඩා වැදගත් වන්නේ වෙළඳපොළ මිල ගණන් වෙනස්වීම් පිළිබඳ ව ඔබට ඇති අද්දැකීම්.

Real Trading කරන්නට පෙර…

ඔබේ Binary Options Broker මාර්ගයෙන් Demo Account එකක් විවෘත කරගන්න.

අනිවාර්යෙන්ම අඩුම වශයෙන් සතියක්වත් මේ Strategy එක භාවිතයෙන් demo trade කරලා ඉන්න.

Further Development

මෙම strategy එක තව දුරටත් වැඩි දියුණු කළ හැකි ආකාර තමයි මේ දැක්වෙන්නේ. ඔබටත් පුළුවන් මේක තවත් develop කරලා වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට…

Counter Trend Trading

මම මේ strategy එකේ විස්තර කළේ Trend Trading කියන සංකල්පය විතරයි. ඒ කියන්නේ market එකේ දිසාවට පමණක් trade කිරීම. අවශ්‍ය නම් Counter Trend Trading කරන්නත් පුළුවන්. ඒ කියන්නේ market එකේ දිසාවට ප්‍රතිවිරුද්ධ අතට ඇතිවෙන Trades. එතකොට දැනට එන trade entries ගණනට වඩා වැඩි ප්‍රමාණයක් එනවා.
හැබැයි Trading වලට නවකයන්ට නම් මම ඒක එච්චර අනුමත කරන්නේ නැහැ.
Using EMAs as a Support Level
මේ ක්‍රමය ගොඩක්ම ගැලපෙන්නේ හොඳ Trending Markets වලටයි. ඇතැම් වෙලාවට Trend එක ගොඩක් Strong නම් 10-20 EMA Cross එකක් වෙන්නෙත් නැතුව Prices ඉහළ හෝ පහළ යන අවස්ථා වලදී Breakout එකෙන් පසුව 5 Min Trades වලට Enter විය හැකියි.

RSI Divergence

Close Price එකට Relative Strength Index (14) Indicator එක යොදලා RSI සහ Market Price Divergence එක ඔබේ Trading වල සාර්ථකත්වය වැඩි කර ගන්න පාවිච්චි කරන්න පුළුවන්.
නිතරම මතක තියාගන්න : Divergence කියන්නේ Buy/Sell Signal එකක් නොවන බව.
ඒකෙන් කියවෙන එකම දේ ඉදිරියේදී Trend Change එකක් වෙන්න පුළුවන් කියන එක විතරයි.

Longer Expiry Time සහිත Binary Options Trade කිරීමට නම්…

මේ සදහා ඔබ 1:4 හෝ 1:6 අනුපාතයන්ගෙන් charts තෝරාගත යුතුයි.
උදාහරණයක් ලෙස වෙළඳපොළ දිශානතිය (Directional Bias) සඳහා පැය 4 (H4) Charts පාවිච්චි කරනවා නම් Trades වලට enter වෙන්න පාවිච්චි කරන්න ඕනේ 1 H Charts.

මේ Strategy එක හරියන්නේ නෑ කියලා හිතුණොත්,

එහෙම නම් ඉතින් Binary Options Trading Signal සේවයක සහය ලබා ගන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

මොකද මේ වගේ Trading Strategies අනිවාර්යයෙන්ම භාවිතා කරන පුද්ගලයාගේ හැටියට වෙනස් වෙනවා. ගොඩක් ලොකු ඉවසීමක් ඕනේ. අනිත් එක මේ ක්‍රමයට Trade කරනකොට පොඩි දරුවෙකුට වගේ දැන් Put කරන්න දැන් Call කරන්න කියලා කියන්න කවුරුත් නැහැනේ.

Share this

Related Posts

Previous
Next Post »

1 comments:

Write comments
June 26, 2021 at 6:55 PM delete

ගොඩක් වටිනවා මේ ක්‍රමය මන් කරලා බැලුවා.මටත් ටිකක් වැඩේ තේරුණා මන් තම මේ tradeing වලට අලුත් හැබැයි ඔයා කියලා තියෙන දේ නම් ඕනෑම කෙනෙක්ට තේරෙන විදියට ලියලා තියෙනවා.ගොඩක් සතුටුයි වටිනා දෙයක් කියලා දුන්නාට
බුදු සරණයි

Reply
avatar