Binary Options Trading Roules In Sinhala

කවුරු කොහොම කිව්වත් එදිනෙදා Binary Options Trading කරනකොට ඇති වෙන මානසික ආතතීන්ගෙන් අත්මිදෙන එක නම් එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. වෘත්තියමය Binary Options Trader කෙනෙක් විදිහට ධනාත්මක මනසක් ගොඩ නඟා ගැනීම තරමක කාලයක් ගතවෙන ක්‍රියාවලියක්. ඒ වගේම ඒ සඳහා ඔබ වැඩි අවධානයක් ද දැක්විය යුතු වෙනවා. කාලයත් සමඟ ඔබේ අද්දැකීම් මත තමයි එය සිදුවන්නේ. ඒත් මේ වගේ අහිතකර මානසික තත්වයන් මඟ හරවා ගන්නේ නැතුව නම් Binary Options Trader කෙනෙක් විදිහට ඔබට දිගු කාලීන සාර්ථකත්වයක් ලඟා කරගන්න බැහැ.
Binary Options Trading කරන ඔබට ඇතිවෙන ඇතැම් අහිතකර මානසික තත්වයන්ගෙන් අත් මිදීමට ඔබට මේ ලිපිය ඉවහල් වේවි.

මුදලට Trade කරන්න එපා

“මුදල්” කියන කාරණය අමතක කරන්න. හැමවිටම මුදල් වලට වඩා ඔබේ Trading Strategy එකට, ඔබ trade කරන ක්‍රමවේදයට අවධානය යොමු කරන්න. මෙලෙස ක්‍රියා කරන විටදී බය සහ තණ්හාව (මුදලට ඇති ආසාව, කෑදරකම ) කියන දෙකෙන් අත් මිදෙන්නට පුළුවන්. මේ තියෙන්නේ මම බොහොම මහන්සියෙන් හරි හම්බ කරපු මුදල් කියන දේ ගැන Trade කරන හැම වෙලාවකම හිත හිත හිටියොත් කිසිම දවසක ඔබේ Trading Plan එක නිවැරදිව ක්‍රියාත්මක කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැමවිටම Binary Options Trading වලින් ඔබ ලබන ලාභ අලාභ ගණන් කර කර ඉන්නවාට වඩා ඔබේ trading strategy එක වැඩි දියුණු කරන්න අවධානය යොමු කරන එක ඉතාමත් වැදගත්.

හැමවිටම Trading Goal එකක් තබා ගන්න.

සෑම සාර්ථක Binary Options Trader කෙනෙක් සතුවම පැහැදිලි ඉලක්කයක් සහ එම ඉලක්කය වෙත ලඟා වීම සඳහා සැලසුමක් තිබිය යුතුයි. බොහෝ අවස්ථා වලදී Traders ලා තම සාර්ථකත්වය වෙනුවෙන් Goal එකක් තබාගත්තත් විවිධාකාරයේ අහිතකර මානසික තත්වයන්ගේ බලපෑම් නිසා තමන්ගේ ම සැලසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔබට ඔබේ Trading Plan එක ක්‍රියාත්මක කිරීමට ආත්ම විස්වාසයක් තිබිය යුතුයි.

යථාර්ථවාදී වෙන්න

Binary Options Trading වලට යොමු වෙන නවකයන් බොහෝ දෙනෙක් හිතන්නේ Binary Options කියන්නේ සුළු කාලයක් තුල අවම වෙහෙසක් දරා හිතාගන්නවත් බැරි තරමේ සුවිශාල ලාභ ලැබිය හැකි ක්‍රමවේදයක් කියලයි. මෙය ප්‍රායෝගිකත්වයෙන් ඔබ්බට ගිය සිතිවිල්ලක්. ඒ නිසා ඔබ ප්‍රායෝගික, ලඟා කරගත හැකි ඉලක්කයක් තබා ගන්න. මේ මඟින් ඔබට ඇතැම් මානසිකව අහිතකර තත්වයන්ගෙන් ඇත මිදෙන්නට පුළුවන්.

ඔබ විසින්ම ඔබ කවුදැයි හඳුනාගන්න.

ඔබ, ඔබ කවුරුන්දැයි දැන ගැනීමත් Binary Options Trading වලදී ඉතාම වැදගත් වෙනවා. ඔබේ පෞර්ෂත්වය සහ මනස ගැන ඔබට පැහැදිලි අවබෝධයක් තිබේ නම් අහිතකර මානසික තත්ත්වයන්ගෙන් අත් මිදෙන්නට ඔබට සුවිශාල කාර්යභාරයක් කළ හැකියි. ඒ ඔස්සේ ඔබේ සිතුවිලි ධනාත්මක අයුරින් හැඩ ගස්වා ගැනීමට ඔබට හැකි වේවි.

දෙගිඩියාවෙන් යුතු අවස්ථා වල Trade කරන්න එපා

Binary Options Trade කරන ඔබ යම් සලකන ලද මොහොතකදී කරන්නේ කුමක්ද කියන දේ ගැන ඔබටම විස්වාසයක් තිබිය යුතුයි. එසේ නොමැති නම් බිය, චකිතිය සහ තණ්හාව කියන බලවේගයන්ට ඔබ බොහොම පහසුවෙන් නතු වේවි. යම් Put / Call තීරණයක් පිළිබඳව ඔබ දෙගිඩියාවෙන් යුතු නම් එවන් අවස්ථාවලදී Trade නොකර ඉන්න. මෙම ඔවදන ඔබට අනාගතයේදී $100,000 වඩා වටින බව මට හොඳටම විස්වාසයි.

ඔබේ බලාපොරොත්තු Trade නොකරන්න

ඇතැම් අවස්ථාවන් වලදී ඔබ Trade එකක් යොදන්නේ හිතේ කොනක ඇති පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙනුයි. ඒත් කිසිම වෙලාවක ඔබේ බලාපොරොත්තු, අපේක්ෂාවන් ආදිය Binary Options Trading වලදී ක්‍රියාත්මක කරන්න එපා. 99%ට වැඩි සම්භාවිතාවක් ඇත්තේ එම Trade එක තුලින් ඔබට සුවිශාල පාඩුවක් අත්විදීමටයි.

ඕනෑවට වඩා Trade නොකරන්න.

කිසිම අවස්ථාවකදී Entry signal එකක් නොමැතිව Trades යොදන්නට එපා. ඇතැම් Binary Options Traders ලා තමන්ගේම Trading Plans අතික්‍රමණය කරමින් අනවශ්‍ය විදිහට market එක හැරෙන හැරෙන පැත්තට trade කරන්න යනවා. අවසාන වශයෙන් ඉතිරි වෙන්නේ පසුතැවීමක් සහ විශාල අලාභයක් පමණයි.

හැම විටම ඔබේ අවදානම කොපමණදැයි දැනගන්න.

ඔබ හොඳ Binary Options Trader කෙනෙක් නම් සෑම Trade එකකටම එළඹෙන්නට කලින් ඔබේ අවදානම කොපමණදැයි දන සිටිය යුතුයි. Binary Options Trading කරන ඔබ අනිවාර්යයෙන්ම අවදානම සහ මුදල් කළමනාකරණය කළ යුතුයි.

වෙළඳපලත් සමඟ සටනට නොයන්න.

කිසිම වෙලාවක Market එකත් එක්ක සටනට යන්න එපා. ඔබට අවශ්‍ය දිසාවට market එක ගෙන යන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒත් ඔබට කිසිම ගැටලුවක් නැතිව market එක ගමන් කරන දිශාවටම යා හැකියි. ඔබ market එකට විරුද්ධව යන හැම මොහොතකම ඔබට ඉතිරි වන්නේ මුල්‍යමය වශයෙන් අලාභයක් සහ තමන් ගැනම තරහක් විතරයි. ඒත් ඔබ market එකත් එක්ක ඒ දිසාවටම trade කළොත් බොහොම පහසුවෙන් ලාභ ලැබීමටත් ඔබේ ඉලක්කය වෙතට ලඟා වෙන්නටත් හැකි වේවි.
මේ කෙටි හැඳින්වීමක් විතරයි. මේ හැර ඔබට ඔබේ ප්‍රයෝගික Trading Plan එකට අදාළව නීති විශාල ප්‍රමාණයක් යොදාගත හැකියි.

Share this

Related Posts

Previous
Next Post »