Comparison Of Forex and Binary Options In Sinhala




වඩාත්ම හොඳ Forex ද? Binary Options ද?



Binary Options Trading,  OTC (Over-the-counter) trading system එකක් විදියට ගොඩක් කල් තිබුණාට වේගවත් දියුණුවක් අත් කරගත්තේ බොහොම මෑතකදීයි. මේ ක්ෂේත්‍රයේ දැනට Binary Options brokersලා 200ක් විතර ඉන්නවා.
Binary Options Trading අධි වේගයෙන් දියුණු වුණාට, Binary Options Trading වලට enter වෙද්දී මට තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි,
  • ඇයි මම Binary Options Trader කෙනෙක් වෙන්නේ…
  • මම දැනටමත් දන්න Forex Trading වලට වඩා මේකේ තියෙන්නේ මොනවාද?
  • Forex වලට වඩා Binary Options වලින් සල්ලි හොයන්න පුලුවන්ද?
  • Binary Options, Forex වලට වඩා සිරාද?
මේ ප්‍රශ්න ඔයාලටත් ඇති. ඉතින් මේ සටහන ලියවෙන්නේ ඒ ගැනයි.
Binary Options Trading වලදී වගේම Forex Trading වලදීත් වාසි අවාසි දෙකම තියෙනවා. මේ සටහන කියෙව්වම ඔයාට ඒ ගැන වඩා හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි.

සුළු Price Change එකකින් වුණත් වැඩි ප්‍රතිලාභයක්

මීට අවුරුදු 5-10 කට කලින් GBPUSD වගේ currency pair එකක් එක දවසකට pips 400ක් විතර move වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒ දවස් වල liquidity එක අදට වඩා අඩු වීමත්, spread එක දැන් කාලෙට ගොඩක් වැඩි වීමත්, high frequency trading නැතිනම් churning systems දියුණු වෙලා නොතිබීමත් ඊට හේතු වෙන්න ඇති. ඒත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඔයා markets වල trade කරලා හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක් නම් හොඳටම දන්නවා ඇති සාමාන්‍යයෙන් දවසකට pips 50-80ක් විතර trade වෙන EURUSD, GBPUSD වගේ ජනප්‍රිය trading pairs දවසකට pips 100ක් පනින්නේ ගොඩක් කලාතුරකින් මාසෙකට දවස් 2-3ක් බව.
ඉතින් මේ ප්‍රශ්නයට කියාපු විසඳුමක් Binary Options Trading වලින් ලබා දෙනවා. Market එකේ සිදුවෙන බොහොම පොඩි price change එකකින් වුණත් බොහොම පොඩි කාලයක් ඇතුලත අඩුම තරමින් 80%-85% තරම් වත් return එකක් ගන්න පුළුවන් වීම තමයි Binary Options Trading  වල තියෙන ප්‍රධානතම වාසිය.

උපරිම Risk එක වෙනස් වෙන්නේ නෑ

Binary Options Trading වලදී  ඊළඟට තියෙන ලොකුම වාසිය තමයි ඔයාට දරන්න වෙන උපරිම risk එක ස්ථිර අගයක් වීම. ඔයාගේ account එකේ කැපිටල් එකෙන් ඔයා එක trade එකකට ගන්න risk එක 1%යි නම් (මේක තමයි ඔයාගේ premium price එක වෙන්නේ.) ඔයා හොඳටම දන්නවා trade එක වැරදුණත් premium එකට වඩා loss එකක් නොවෙන බව. ඒ වගේම තමයි ගොඩක් Binary Options Brokersලා ඔයාගේ trades වල සමහර conditions සම්පුර්ණ වුණාට පස්සේ expiry period එකටත් කලින් trades adjust කරලා maximum risk එක අඩු කරගන්න අවස්ථාව ලබා දෙනවා. ඒත් Forex Trading වලදී risk එක ගණනය කරලා stop loss orders දාලා trade කලත් ඔයාගේ risk එක 100% fixed නැහැ. හදිස්සියේ slippage එකක්, gap එකක් එහෙම set වුනොත් ඔයාට සෑහෙන loss එකක් දරා ගන්න වෙනවා.

හැබැයි! හැම එකක්ම හැම තිස්සෙම නෑ

Binary Options Trading වලදී High/low options හැරුණහම අනිත් ගොඩක් options වර්ග trade කරන්න පුළුවන් වෙන්නේ දවසේ තෝරාගත් වෙලාවල් වලදී විතරයි. එහෙමත් නැතිනම් තෝරාගත් දවස් වලදී විතරයි. Broker තමයි ගොඩක් වෙලාවට strike price එක තෝරන්නේ. ඉතින් හදිසියේම market එකේ මොකක් හරි move එකක් ගැන ඔයාට ඉව වැටුණත් ඒ අදහසෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් trade එකක් ඒ වෙලාවේ නොතිබෙන්න පුළුවන්. Forex වලදී නම් ඉතින් market එක open නම් අපිට ඕනේ දෙයක් කැමති වෙලාවක, කැමති තරමට trade කරන්න පුළුවන් නේ.

එක trade එකකින් විතරක් ගොඩ යන්න බෑ

Long Term Trend එකක් set වුණොත් Forex වලදී trailing stop එකක් දාලා පුළුවන් තරම් කාලයක් trend එකත් එක්ක ඉන්නත්, scale-in කර කර ඔයාගේ profit එක maximize කරන්නත්, carry trading කරන්නත් පුළුවන් වුනාට, Binary Options Trading වලදී තියෙන expiry period එක හින්දා ඒ වැඩේ ඒ විදියටම කරන්න බෑ. ඒ වුණාට ඕනේ තරම් වාරයක් in-out වෙවී trade කරන්න පුළුවන් නිසා ලැබෙන return එක maximize කරන්න පුළුවන්.

Stop Hunting නෑ

Binary Options Trading වලදී Stop Loss Orders භාවිතා කිරීමක් සිදු නොවෙන නිසා Stop Hunting ගැන බය වෙන්න ඕනේ දේකුත් නැහැ.

සැඟවුණු ගාස්තු නෑ

Brokerage Fees, Performance Fees, Spreads, Commissions වගේ Transaction Cost වලින් තොරව Binary Options Trading කරන්න පුළුවන් වීම.

Volatility Changes ගැන බය වෙන්න ඕනෙත් නෑ

News announcement එකක් වගේ හේතුවක් නිසා වෙන හදිසි volatility වෙනස්කම් නිසා ඔයාගේ trading plan එකට වෙන්න පුළුවන් හානිය ඉතා අවම මට්ටමක පැවතීමත් Binary Options Trading වල තියෙන විශේෂත්වයක්.

තව වාසි තියෙනවා…

Trade Errors අතිශයින්ම සීමා සහිත වීමත් Binary Options Trading වලදී තියෙනසැලකිය යුතු වාසියක්. ඒ වගේම භාවිතා වන platforms සියල්ල සම්පුර්ණයෙන්ම Online වීම නිසා internet connection එකක් ඇති ඕනෑම පරිගනකයකින්, කිසිම software එකක් download නොකර trade කළ හැකි වීමත් සඳහන් කල යුතුමයි.
Forex Accounts වලදී මෙන් කරදරයකින් තොරව, Binary Options Trading Account එක open කර, පළවෙනි deposit කරපු සැණින් trade කිරීම ආරම්භ කළ හැකිවීමත් ඉතා අවම capital එකකින් trade කිරීම ආරම්භ කළහැකි වීමත් Binary Options Trading වල තියෙන විශේෂතාවයන් විදියට හඳුන්වන්න පුළුවන්.

Share this

Related Posts

Previous
Next Post »