Do Not Listen To Your Binary Option Account Manager In Sinhala

Do Not Listen To Your Binary Option Account Manager In Sinhala





ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි?


ඔබගේ Binary Options Broker විසින් ලබාදෙන ආයෝජන උපදේශක හෝ ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි කියන එක ගැන තමයි මේ ලිපියෙන් සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙන්නේ.

Binary Options Broker සමාගම් වල ප්‍රධාන පරමාර්ථය මොකද්ද?

“හැකි තරම් ලාභ ලැබීම”

ගිණුම් කළමනාකරු ගේ ප්‍රධාන පරමාර්ථය මොකද්ද?

“තමන්ගේ සමාගමට වැඩිම ලාභයක් උපයා දීම තුලින් තමන්ට හැකි උපරිම කොමිස් මුදලක් උපයා ගැනීම.”
මම හිතනවා ඔබ මේ වන විට මේ ලිපියත් කියවලා ඇති කියලා…

ඉතින්… ඔවුන් හැමතිස්සෙම හිතන්නේ තමන් ගැන මිසක් අපි ගැන නෙවෙයි ඒ නිසා අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වට අහු වෙන්නට නම් එපා.
  • නිතර එවන Emails වලට ප්‍රතිචාර දක්වන්න යන්න එපා.
  • Call කරලා ඔයාලව මුරුංගා අත්තේ තියන වෙලාවට සද්ද නැතුව අහගෙන ඉඳලා shape එකේ මාරු වෙන්න.
  • Risk Free Trades , ලොකු Bonus , Signals , Copy Trades අනන් මනන් ලස්සන වචන වලට රැවටෙන්නට එපා.
ඒ හැම එකක්ම තියෙන්නේ broker firm එකේ වාසියට මිසක් අපේ වාසියට නෙවෙයි.
ඒ වගේම සමහර broker සමාගම් වල වැඩ කරන නරක Account Managers ලා ඔයාලගේ Credit/Debit Cards වල CVV numbers ඉල්ලලා ඔබේ අවසරයකින් තොරව ඔබේ Binary Options ගිණුම් වලට මුදල් හුවමාරු කරන්න උත්සහ කරපු අවස්ථා කීපයකුත් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක CVV අංක නම් දෙන්න යන්න එපා. Neteller වගේ සේවාවක සහය ලබා ගැනීමෙන් ඔබේ Credit/Debit Cards පිළිබඳ තොරතුරු Broker සමාගමට නොදී ආරක්ෂා කරගන්නට පුලුවන්.
Binary Options Traders ලා විදිහට අපේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ හැකි තරම් ලාභ ලැබීම මිසක් එක එක features පස්සේ දුවන එක නෙවෙයි.
Binary Options වලින් හැකි තරම් ලාභ ලබන්නට නම්, ඔබේ සාර්ථකත්වය (win Rate) එක උපරිම මට්ටමක පවත්වා ගත යුතු වෙනවා ඒ වගේම තමයි අවදානම කළමනාකරණයත්, ඔබේ මනස නිවැරදි state එකක පවත්වා ගැනීමත්…ඉතාම වැදගත්.
Franco වගේ Binary Options Trading Signal සේවයක සහය ලබා ගෙන , OlymTrade වගේ Broker සමාගමක Trade කරනවා නම් ඔබට ඔබේ මූල්‍ය ඉලක්ක වලට බොහොම ඉක්මනින් ලඟා වෙන්නට පුළුවනි.

Why Verify Your Binary Option Trading Account Sinhala Lesson

Why Verify Your Binary Option Trading Account Sinhala Lesson

මෙහෙම Verify කරන්න ඕනේ ඇයි?

කළු සල්ලි සුදු කිරීම (Money Laundering) සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් සැපයීම වැනි දේවල් වළක්වන්න 2001 දී ඇමරිකා එක්සත් ජනපදයේ “American Patriot Act” කියලා පනතක් සම්මත වුණා. මේ පනත නිසා තමයි දැනට නියාමනය වන Binary Options Brokersලාට තමන්ගේ ගිණුම් තොරතුරු verify නොකළ clientsලාගෙන් තැන්පතු ලබා ගන්න බැරි.

මම trading පටන් ගත්ත දවස් වල සමහර නරක brokersලා මේ නිතිය තමන්ගේ වාසියට හරවා ගෙන විශාල වශයෙන් clientsලව රවට්ටලා මිලියන ගණන් ලාභ ලැබුවා. ඒ අය ඒක කළේ මෙහෙමයි…

මුලින්ම තමන් ලඟට එන ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල තොරතුරු verify කර ගන්නේ නැතුව deposit කරන්න දෙනවා. ඊට පස්සේ trade කරන්නත් දෙනවා. මේ verification ක්‍රියාවලි, ඒකට ඕනේ documents ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ.  ඕනෙම කෙනෙකුට සල්ලි තියෙනවා නම් deposit කරලා trade කරන්න පුළුවන්. හරිම සරලයි.
මේ අය ළඟ deposit කරන ගනුදෙනුකරුවන්ට තරු පෙන්නේ withdrawal එකක් කරගන්න ගියාමයි. පළවෙනියටම කරන්නේ clientගේ withdrawal request එක hold කරන එක. Request එක කරපු කෙනා දවස් 2-3ක් ඉඳලා customer service එකට email එකක් යවලා හරි call එකක් දීලා හරි මේ ගැන ඇහුවහම මොකක් හරි බොරුවක් කියලා මඟ හරිනවා. Client පස්සෙන් එන කොට ටික දවසකින් මෙන්න මෙහෙම act එකක් තියෙනවා. ඒක අනුව මේ account එක සැකයි අපි මේ ගැන පරීක්ෂණයක් කරන්න අදාළ U.S. Department එකට දාලයි තියෙන්නේ. ඔහොම ඔහොම එක එක බොරු කිය කිය client ව රවට්ටනවා. අන්තිමට account එකේ Trading Profits තියා අඩුම ගානේ දාපු සල්ලි ටිකවත් Withdraw කරන්න ලැබෙන්නේ නැහැ.

ඔය වගේ cases සෑහෙන ගණනක් 2010-2011 කාලේ වාර්තා වුණා. දැන් නම් එහෙම දේවල් අහන්නට ලැබෙන්නේ නැහැ. ඕනෙම නියාමනය වෙන Broker කෙනෙක් ළඟ ගිණුමක් විවෘත කරනකොට verify නොකර නම් deposit කරන්න, real money trade කරන්න දෙන්නේ නැහැ.

ඒ නිසා ඔබ Binary Options Trading ගිණුමක් විවෘත කරනකොට මේ ලිපිය කියවලා හොඳ Broker කෙනෙක් තෝරාගන්න කොට සලකලා බලන්න ඕනේ දේවල් ගැන දැන ගෙන Binary Options Brokersලාව සංසන්දනය කරලා බලලා ඔබට වඩාත් හොඳින් ගැලපෙන සමාගමක් තෝරාගෙන Neteller හරහා මුදල් තැන්පත් කරන්නට කලින් අනිවාර්යයෙන්ම ඔබේ Binary Options Trading ගිණුම Verify කරගෙන ඉන්න.


How To Minimize Losses In Binary Options Trading In Sinhala

How To Minimize Losses In Binary Options Trading In Sinhala
එදිනෙදා Binary Options Trading කරන ඔබට දවසකට Losing Trade එකකට දෙකකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදු වෙනවාමයි නේ. ඒකෙ කිසිම වැරැද්දක් නැහැ. මේ ලෝකේ කිසිම 100%ක් සාර්ථකව trade කරන්න පුළුවන් විදිහේ Trading System එකක් තවම හොයාගෙනවත් නැහැ. ඒත් මම අද හඳුන්වාදෙන ක්‍රමය පාවිච්චි කරලා ඔබට වරින් වර මුහුණ දෙන්නට සිදුවන Losing Trades වල අලාභ අවම කර ගන්නට පුළුවනි.
බැලු බැල්මට එතරම් දෙයක් නැති වග තේරුණත් නිකරුණේ කලබල වුණොත් මේ ක්‍රමය භාවිතයේදී ඔබේ අලාභය දෙගුණ වන්නටත් පුළුවන්. ඒ නිසා මෙය බොහොම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනේ.

ඔබේ වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමවේදයට අනුව යම් Trade එකකට එළඹුණු සැණින්, ඔබට වැරදුණු බවත් අදාළ asset එකේ අගය ඔබ අපේක්ෂා කළ දෙසට විරුද්ධ යන බවත් වැටහුණු වහාම… කලින් trade එක දැමු දිසාවට ප්‍රතිවිරුද්ධ අතට එම ප්‍රමානයේම trade එකක් විවෘත කරන්න.

මේ කතාව තේරුණා නම්, මේ අවස්ථාවේදී එකම trading instrument එකකට Call සහ Put Order දෙකක් ක්‍රියාත්මක වෙනවා.

එතකොට Expiry එකෙන් පස්සේ මේ trade 2න් එකයි නේ හරි යන්නේ.
එකක් loss. අනික profit.

ඔබ එක trade එකකට $100 ක් අවදානමට ලක් කරනවා කියලා උපකල්පනය කළොත්.
Trade 2ම සඳහා අපේ මුළු investment එක හෝ (premium එක) හෝ  risk කරන මුදල = 2 x $100 = $200 යි

profit trade එකෙන් අපිට ලැබෙන return එක (payout එක 85% නම්)  = $185
loss වෙන trade එකෙන් අපිට ලැබෙන return එක = $0 නේ
එතකොට ඔයාගේ return එක = $185
investment එක = $200 යි
.
ආදායම – ආයෝජනය = ප්‍රතිලාභය
$185 – 200 = -$15

ඒ කියන්නේ මේ ගනුදෙනු 2න් ඔයාට $15 ක අලාභයක් තමයි තියෙන්නේ.
තේරුණා නේද?

අපි මේ විදියට ක්‍රියා කරපු නිසා $100 ක අලාභයක් $15කට අඩු කරගෙන තියෙනවා.
මේ වගේ Binary Options Trading කරන ඔබට එදිනෙදා trade කරන්න වඩාත්ම වැදගත් වන Tricks ඇතුළත් ලිපි පෙළක් ඔබ දැන සිටිය යුතුම Binary Options Trading රහස් ඔස්සේ හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
මේ කියවන ඔබ තවමත් Binary Options Trading ගිණුමක් විවෘත කරලා නැතිනම් අදම නොමිලේ පිරිනැමෙන Demo Trading Account එකක් විවෘත කරගන්න.

Binary Options Trading Roules In Sinhala

Binary Options Trading Roules In Sinhala
කවුරු කොහොම කිව්වත් එදිනෙදා Binary Options Trading කරනකොට ඇති වෙන මානසික ආතතීන්ගෙන් අත්මිදෙන එක නම් එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. වෘත්තියමය Binary Options Trader කෙනෙක් විදිහට ධනාත්මක මනසක් ගොඩ නඟා ගැනීම තරමක කාලයක් ගතවෙන ක්‍රියාවලියක්. ඒ වගේම ඒ සඳහා ඔබ වැඩි අවධානයක් ද දැක්විය යුතු වෙනවා. කාලයත් සමඟ ඔබේ අද්දැකීම් මත තමයි එය සිදුවන්නේ. ඒත් මේ වගේ අහිතකර මානසික තත්වයන් මඟ හරවා ගන්නේ නැතුව නම් Binary Options Trader කෙනෙක් විදිහට ඔබට දිගු කාලීන සාර්ථකත්වයක් ලඟා කරගන්න බැහැ.
Binary Options Trading කරන ඔබට ඇතිවෙන ඇතැම් අහිතකර මානසික තත්වයන්ගෙන් අත් මිදීමට ඔබට මේ ලිපිය ඉවහල් වේවි.

මුදලට Trade කරන්න එපා

“මුදල්” කියන කාරණය අමතක කරන්න. හැමවිටම මුදල් වලට වඩා ඔබේ Trading Strategy එකට, ඔබ trade කරන ක්‍රමවේදයට අවධානය යොමු කරන්න. මෙලෙස ක්‍රියා කරන විටදී බය සහ තණ්හාව (මුදලට ඇති ආසාව, කෑදරකම ) කියන දෙකෙන් අත් මිදෙන්නට පුළුවන්. මේ තියෙන්නේ මම බොහොම මහන්සියෙන් හරි හම්බ කරපු මුදල් කියන දේ ගැන Trade කරන හැම වෙලාවකම හිත හිත හිටියොත් කිසිම දවසක ඔබේ Trading Plan එක නිවැරදිව ක්‍රියාත්මක කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැමවිටම Binary Options Trading වලින් ඔබ ලබන ලාභ අලාභ ගණන් කර කර ඉන්නවාට වඩා ඔබේ trading strategy එක වැඩි දියුණු කරන්න අවධානය යොමු කරන එක ඉතාමත් වැදගත්.

හැමවිටම Trading Goal එකක් තබා ගන්න.

සෑම සාර්ථක Binary Options Trader කෙනෙක් සතුවම පැහැදිලි ඉලක්කයක් සහ එම ඉලක්කය වෙත ලඟා වීම සඳහා සැලසුමක් තිබිය යුතුයි. බොහෝ අවස්ථා වලදී Traders ලා තම සාර්ථකත්වය වෙනුවෙන් Goal එකක් තබාගත්තත් විවිධාකාරයේ අහිතකර මානසික තත්වයන්ගේ බලපෑම් නිසා තමන්ගේ ම සැලසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔබට ඔබේ Trading Plan එක ක්‍රියාත්මක කිරීමට ආත්ම විස්වාසයක් තිබිය යුතුයි.

යථාර්ථවාදී වෙන්න

Binary Options Trading වලට යොමු වෙන නවකයන් බොහෝ දෙනෙක් හිතන්නේ Binary Options කියන්නේ සුළු කාලයක් තුල අවම වෙහෙසක් දරා හිතාගන්නවත් බැරි තරමේ සුවිශාල ලාභ ලැබිය හැකි ක්‍රමවේදයක් කියලයි. මෙය ප්‍රායෝගිකත්වයෙන් ඔබ්බට ගිය සිතිවිල්ලක්. ඒ නිසා ඔබ ප්‍රායෝගික, ලඟා කරගත හැකි ඉලක්කයක් තබා ගන්න. මේ මඟින් ඔබට ඇතැම් මානසිකව අහිතකර තත්වයන්ගෙන් ඇත මිදෙන්නට පුළුවන්.

ඔබ විසින්ම ඔබ කවුදැයි හඳුනාගන්න.

ඔබ, ඔබ කවුරුන්දැයි දැන ගැනීමත් Binary Options Trading වලදී ඉතාම වැදගත් වෙනවා. ඔබේ පෞර්ෂත්වය සහ මනස ගැන ඔබට පැහැදිලි අවබෝධයක් තිබේ නම් අහිතකර මානසික තත්ත්වයන්ගෙන් අත් මිදෙන්නට ඔබට සුවිශාල කාර්යභාරයක් කළ හැකියි. ඒ ඔස්සේ ඔබේ සිතුවිලි ධනාත්මක අයුරින් හැඩ ගස්වා ගැනීමට ඔබට හැකි වේවි.

දෙගිඩියාවෙන් යුතු අවස්ථා වල Trade කරන්න එපා

Binary Options Trade කරන ඔබ යම් සලකන ලද මොහොතකදී කරන්නේ කුමක්ද කියන දේ ගැන ඔබටම විස්වාසයක් තිබිය යුතුයි. එසේ නොමැති නම් බිය, චකිතිය සහ තණ්හාව කියන බලවේගයන්ට ඔබ බොහොම පහසුවෙන් නතු වේවි. යම් Put / Call තීරණයක් පිළිබඳව ඔබ දෙගිඩියාවෙන් යුතු නම් එවන් අවස්ථාවලදී Trade නොකර ඉන්න. මෙම ඔවදන ඔබට අනාගතයේදී $100,000 වඩා වටින බව මට හොඳටම විස්වාසයි.

ඔබේ බලාපොරොත්තු Trade නොකරන්න

ඇතැම් අවස්ථාවන් වලදී ඔබ Trade එකක් යොදන්නේ හිතේ කොනක ඇති පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙනුයි. ඒත් කිසිම වෙලාවක ඔබේ බලාපොරොත්තු, අපේක්ෂාවන් ආදිය Binary Options Trading වලදී ක්‍රියාත්මක කරන්න එපා. 99%ට වැඩි සම්භාවිතාවක් ඇත්තේ එම Trade එක තුලින් ඔබට සුවිශාල පාඩුවක් අත්විදීමටයි.

ඕනෑවට වඩා Trade නොකරන්න.

කිසිම අවස්ථාවකදී Entry signal එකක් නොමැතිව Trades යොදන්නට එපා. ඇතැම් Binary Options Traders ලා තමන්ගේම Trading Plans අතික්‍රමණය කරමින් අනවශ්‍ය විදිහට market එක හැරෙන හැරෙන පැත්තට trade කරන්න යනවා. අවසාන වශයෙන් ඉතිරි වෙන්නේ පසුතැවීමක් සහ විශාල අලාභයක් පමණයි.

හැම විටම ඔබේ අවදානම කොපමණදැයි දැනගන්න.

ඔබ හොඳ Binary Options Trader කෙනෙක් නම් සෑම Trade එකකටම එළඹෙන්නට කලින් ඔබේ අවදානම කොපමණදැයි දන සිටිය යුතුයි. Binary Options Trading කරන ඔබ අනිවාර්යයෙන්ම අවදානම සහ මුදල් කළමනාකරණය කළ යුතුයි.

වෙළඳපලත් සමඟ සටනට නොයන්න.

කිසිම වෙලාවක Market එකත් එක්ක සටනට යන්න එපා. ඔබට අවශ්‍ය දිසාවට market එක ගෙන යන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒත් ඔබට කිසිම ගැටලුවක් නැතිව market එක ගමන් කරන දිශාවටම යා හැකියි. ඔබ market එකට විරුද්ධව යන හැම මොහොතකම ඔබට ඉතිරි වන්නේ මුල්‍යමය වශයෙන් අලාභයක් සහ තමන් ගැනම තරහක් විතරයි. ඒත් ඔබ market එකත් එක්ක ඒ දිසාවටම trade කළොත් බොහොම පහසුවෙන් ලාභ ලැබීමටත් ඔබේ ඉලක්කය වෙතට ලඟා වෙන්නටත් හැකි වේවි.
මේ කෙටි හැඳින්වීමක් විතරයි. මේ හැර ඔබට ඔබේ ප්‍රයෝගික Trading Plan එකට අදාළව නීති විශාල ප්‍රමාණයක් යොදාගත හැකියි.

How To Earn 100$ by Just Three Trades In Sinhala

How To Earn 100$ by Just Three Trades In Sinhala





සාර්ථක Trades තුනකින් දවසකට $100කට වඩා හොයමුද?

මේ Technique එක හරිම සරලයි. හැබැයි හොඳ සාර්ථකත්වයක් තියෙන Trading System එකක් හරි Signal Service එකක් හරි නැතුව මේක අනුගමනය කරන්න නම් හිතන්නවත් එපා. මොකද මේ ක්‍රමය හරියන්න නම් එක පෙළට සාර්ථක trades 3ක්වත් ඕනේ වෙනවා.
මුලින්ම පොඩි උපකල්පනයක් කරන්න වෙනවා ඔබේ Trading Capital එක ගැන. මේ උදාහරණයේදී මම හිතනවා ඔබේ Capital එක $500 යි කියලා. මේ කතාව කියවලා, පාඩම ඉගෙනගෙන ප්‍රායෝගිකව කරන කොට ඔබ සතුව දැන් තියෙන trading capital එකට ආදේශ කරලා කරන්න.
අපි සාමාන්‍යයෙන් Trade කරන කොට හැම trade එකක්ම දාන්න කලින් Risk එක (ඒ කියන්නේ එක Trade එකකට අපි දරන්නට බලාපොරොත්තු වෙන අවදානම) ගණනය කරලා උපරිම වශයෙන් 5% ප්‍රමාණය දිගින් දිගටම දාගෙන යනවානේ.
එතකොට ඔබේ ප්‍රාග්ධනය $500 නම්,
$500 x 5% = $25 යි.
මේ 5% කතාව දන්නේ නැති නම් Binary Options Trading වලදී අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද කියන ලිපිය කියවලා ඉන්න.
අපි සාමාන්‍යයෙන් කරන විදිහට වඩා පොඩ්ඩක් වෙනස් මුදල් කළමනාකරණ ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.
  1. මෙතනදී අපි වෙනදා වගේම Risk එක ගණනය කරලා පලවෙනි Trade එක දානවා. මේ උදාහරණයේදී නම් $25 යි. මේ Trade එක සාර්ථක වුණොත් (Payout එක 70% ලෙස උපකල්පනය කළොත්) ඔබට $42.5 ක් ලැබෙනවා.
  2. එතකොට ඔබට ඊළඟ Trade එකේදී එම $42.5 ම ආයෝජනය කරනවා.
    එම Trade එකේදී ඔබ profitable වුණොත් ඔබට $72.25ක් ලැබෙනවා.
  3. තුන්වෙනි සහ අවසාන Trade එකට ඒ $72.25 ම යොදවනවා. ඒකත් සාර්ථක වුණොත් ඔබට $122.83ක් ලැබෙනවා.

දැන් තමයි ගොඩක්ම වැදගත් කතාව කියන්න යන්නේ.
මේ අවස්ථා තුනෙන් කොයි මොහොතකදී හෝ ඔබ අසාර්ථක වුණොත් ඇත්තටම ඔබ loss වෙලා තියෙන්නේ පළවෙනි Trade එකට යොදවපු $25 විතරයි.
එක Trade එකකට එකම ගණනක් (5%) අවදානමට ලක් කරමින් ලාභ සහ පාඩු දෙකම ලබමින් හෙමින් ගමනක් යනවාද? නැතිනම් මේ ක්‍රමය පාවිච්චි කරලා වේගවත් ගමනක් යනවාද? කියන එක දැන් ඔබට තීරණය කරන්න පුළුවන්.
කොහොම වුනත් මේ ක්‍රමය ප්‍රායෝගිකව අනුගමනය කරන ඔබ එකම එක නීතියක් දාගන්න ඕනේ.
මේ ක්‍රමය කිසිම විටෙකත් ඔබේ ප්‍රාග්ධනයෙන් (ඔබේ capital එකෙන්) කරන්න යන්න එපා.
ඔබ ලබන ලාභ වලට විතරක් මෙය අනුගමනය කරන්න         
එතකොට ඔබේ ප්‍රාග්ධනය කොහොමත් සුරක්ෂිතයි.
ඒ කියන්නේ $500ක් තැන්පත් කරපු කෙනෙක් තමන්ගේ ගිණුම් ශේෂය $550කට හෝ $600කට අරන් ගියාට පස්සේ $25ක් අවදානමට ලක් කරලා මේක කරලා බලන්න.
හැබැයි. මේ සඳහා මම කලිනුත් කිව්වා වගේ එක දිගට Trades තුනක් profitable වෙන්න පුළුවන් විදිහේ හොඳ නිරවද්‍යතාවයක් තියෙන Trading Strategy එකක් ඕනේ වෙනවා. 75% කටවත් වැඩි සාර්ථකත්වයක් තියෙන Binary Options Signal සේවයක් අනුගමනය කළොත් ඔබටත් පහසුවෙන්ම මේ වගේ මුදල් උපයන්නට පුළුවන්.

එහෙනම් ඔබටත් දවසකට $25ක් අවදානමට ලක් කරලා හරියටම Trades තුනකට පස්සේ $100 කට වැඩි ලාභයක් ලබන්නට හැකි වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.

මේ ක්‍රමය වැඩි දියුණු කරනවා නම්…

මේ ක්‍රමය අනුගමනය කරන ඔබට දෙවන පියවරේදී යොදන Trade එකත් win කළාට පස්සේ ඒකෙන් පළවෙනි Trade එකට යොදපු මුදල ($25) අඩු කරලා තුන්වෙනි trade එකට ආයෝජනය කළොත් අවදානම අඩු කරගන්න පුළුවන්. එතකොට අපි තුන් වෙනියට යොදන Trade එක loss වුණත් ආපහු පටන් ගත්ත තැනටමයි එන්නේ.
ඒ කියන්නේ අපි Break-even.

මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් Broker සමාගම

Click Here for Open Account 


Guide to Franco Binary Options Trading Signals In Sinhala

Guide to Franco Binary Options Trading Signals In Sinhala




Francoගේ Trading Signals වලට නවක ඔබට අත්වැලක්…

දැනට තියෙන සුපිරිම සාර්ථකත්වයක් තියෙන Binary Options Signal සේවය වන Franco ගේ BinaryOptionsTradingSignals.com ගැන, Signals ලබා ගන්න ආකාරය, Trading Strategy එක ගැන, Private Trading Room එක පාවිච්චි කරන හැටි, ඔයා trade කරන්න ඕනේ හැටි වගේ දේවල් ගැන කෙරෙන හැඳින්වීමක් තමයි මේ… මුලින්ම Francoගේ system එක පාවිච්චි කරන කෙනෙකුට වගේම Franco ගේ Trading System එකට Subscribe කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට වුණත් මේ ලිපිය ලොකු අත්වැලක් වේවි.
මේ ලිපියේ අන්තර්ගතය….
  • Francoගේ Trading Room එක ගැන හැඳින්වීමක්…
  • Signals ලබා ගැනීමට පෙර…
    • ඔබේ Binary Options Broker ගිණුම ගැලපෙනවාද?
    • Broker ඔබේ පරිගණකය සුදානම් කිරීම
    • ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය
  • Francoගේ Signal සේවාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
  • Franco ගේ Trading Room එක පාවිච්චි කරන්නේ කොහොමද?
  • Francoගේ ප්‍රධාන Trading System එක භාවිතයට අත්වැලක්…
  • Franco ගේ Trading Rules මොනවාද?
  • FAQs?

Francoගේ Trading Room එක ගැන හැඳින්වීමක්…

මුලින්ම කියන්න ඕනේ, Franco ගේ තියෙන්නේ අනිත් සාමාන්‍ය Automated Signal සේවා සපයන්නන්ගේ වගේ SMS එකකින් හරි Email එකකින් දැන් Buy කරන්න, දැන් Sell කරන්න කියලා පණිවිඩ එවන ක්‍රමයක් නම් නෙවෙයි. සති 2 කට $97ක් ගෙවලා අපි කරන්නේ Franco ගේ Trading Room එක, එහෙමත් නැතිනම් Francoගේ 85% ක සාර්ථකත්වයක් තියෙන Trading System එක භාවිතා කරන්න අවස්ථාව ලබා ගැනීමක්. එතකොට අපිට සතියේ දවස් පහේම රෑ 7.30 ඉඳන් 10.00 වෙනකල් බලාගෙන trade කරන්නට පුළුවන් සුපිරි trading system එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට Franco ගේ Trading Strategy එක follow කරන්නයි තියෙන්නේ. Francoත් සමහර වෙලාවට අපිත් එක්කම Trade කරනවා.

Francoගේ Trading Room එකේ වාසි

  • අනිත් Trading System වලදී වගේ මුළු දවස පුරාවටම signal එකක් එනකල් බලන් ඕනේ නැති වීම
  • Trading පටන්ගන්නේ රාත්‍රී 7.30 ට නිසා රැකියාවක් කරන කෙනෙකුට වුණත් බොහොම පහසුවෙන් වේලාව වෙන් කරගන්නට හැකි වීම
  • Trading Session එකක් පැය දෙක හමාරකින් ඉවර වීම
    • සාමාන්‍යයෙන් trading කරන බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි දවස පුරාම trade කරන්නට යාම. ඒ නිසාම අවධානය අඩු වෙලා ගිහින් loss කර ගත්ත ය ඕනේ තරම් ඇති. මේ system එකේදී ඉබේම trading hours ගාන පැය 2කට සිමා වෙන නිසා වෙන්න පුළුවන් human error එකත් අඩු වෙනවා.
  • ඉහල නිවරද්‍යතාවයක් තිබීම (85% ක Success Rate එකක් කියන්නේ සාපේක්ෂව ඉතා ඉහල අගයක්)
  • වසර 13ක් වෙළඳපළ අද්දැකීම් ඇති trader කෙනෙක් යටතේ සිටින නිසා ඔබ නොදන්නා බොහෝ දෑ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීම

Francoගේ Trading Signal සේවයට සම්බන්ධ වීමට පෙර…

මේ System එක සඳහා Franco නිර්දේශ කරන Broker සමාගම

OlymTrade

Trading වලට Franco නිර්දේශ කරන brokers ලා අතරින් ලංකාවේ අපිට ගොඩක්ම ගැලපෙන්නේ OlympTrade ඒක තමයි Franco නිර්දේශ කරන brokers ලාගෙන් නියාමනය වෙන (Regulated)  එකම සමාගම.
Francoගේ Trading Room එකේ trade කරන ඔබ 30 Second Trades කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට තියෙන එකම ක්‍රමය තමයි OlympTrade. මොකද අනිත් Brokers ලා තවම 30 Second Options Trade කරන්නට පහසුකම් සලසන්නේ නැහැ.
OlympTrade වල එක Trade එකක් සඳහා අවමය $1ක්. එක Trade එකකට 5% ක උපරිම Risk එකක් අරන් Trade කරන්න නම් ඔයාගේ ප්‍රාග්ධනය $20ක් වත් වෙන්නේ ඕනේ.



Binary Options Trading Strategies In Sinhala

Binary Options Trading Strategies In Sinhala
Trading කරන ගොඩක් දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි " මම මොන වෙලාවටද Buy/Sell කරන්නේ? " කියන එක. සිංහලෙන් Binary Options Trading Strategies කියන මේ කොටසේදී සිදු වන්නේ දැනට තියෙන ජනප්‍රියම Trading Strategies පිළිබඳව ඔබව දැනුවත් කිරීමයි.

පුංචි ඔවදනක්...

මුලින්ම කියන්න ඕනේ Binary Options Trading වලට සාර්ථක Trading Strategy එකක් නිර්මාණය කර ගැනීම එතරම් පහසු දෙයක් නොවන බව. මෙතනදී අවධානය යොදන්න ඕනේ දේවල් ගොඩක් තියෙනවා. Trading Strategy එකේ නිවරද්‍යතාවය වගේම විවිධාකාර වෙළඳපළ පරිසර තත්වයන් හමුවේ එහි සාර්ථකත්වය වගේ කරුණු හැම එකක් ම සලකා බලලා back-test කරලා හොඳ තත්වයේ System එකක් නිර්මාණය කරගන්න අවුරුදු ගණනක් Trade කළ කෙනෙකුට වුණත් සැලකිය යුතු කාලයක් ගතවන තරමක වෙහෙසකාරී ක්‍රියාවලියක්. Trading Strategy එකක් නිර්මාණය කරන අතරතුරේදීත් අදායමක් ලබන්න කැමති, තමන්ට ගැලපෙන Trading Strategy එකක් නිර්මාණයට කාලය නාස්ති නොකරම Binary Options Trading වලින් හොඳ ප්‍රතිලාභ ලබන්න කැමති අයට නම් තියෙන හොඳම විකල්පය තමයි, Binary Options Trading Signals. මම පෞද්ගලිකව හිතන්නේ ඔබේ Trading Strategy එකට 70%ට වඩා වැඩි නිවරද්‍යතාවයක් නැති නම් Binary Options Trading Signal සේවාවක සහය ලබා ගැනීම තමයි නුවණට හුරු කියලා.
එහෙනම්... අපි Binary Options Trading Strategies වෙතට යොමු වෙමු.

පටන් ගන්නට පෙර...

  • මෙහි 1 minute strategies, 5 min. strategies ලෙස නිතරම හැඳින්වෙන්නේ එම Strategy එක භාවිතයෙන් trade කළ යුතු time frame එකයි.
  • Live Trading කරන කිසිම විටෙක මෙහි ඇති trading strategies වල time frames මාරු කරන්නට එපා. එය ඉතා හානිකර විය හැක. (Testing වලට අදාළ නොවේ)
  • ඔබේ පෞද්ගලික trading style එකට මෙම strategies සුදුසුදැයි බැලීමට අනිවාර්යයෙන්ම එකින් එකට back-test කළ යුතුය.
  • Strategy එකක් Back-Test කිරීමේදී ඔබට අවශ්‍ය නම් සම්පුර්ණයෙන් ම manually කිරීමටත් නැතිනම් ඒ සඳහාම නිර්මිත Forex Tester වැනි tool එකක් භාවිතා කිරීමටත් හැකිය.
  • මෙම strategies නියම market තත්වයන් යටතේ අත්හදාබැලීම සඳහා සෑම විටම Binary Options Trading Demo Accounts යොදාගන්න.

වැදගත්.

ලෝකයේ ඕනෑම Trader කෙනෙකුට අනන්‍ය Trading Style එකක් ඇති බැවින්, විවිධාකාරයේ Trading Strategies දස දහස් ගණනක් ඇත. මෙහි ඇත්තේ හොඳම Strategies යැයි කිසිවිටෙක නොපවසන අතර මීට වඩා සාර්ථක Strategies ඔබට පවා නිර්මාණය කළ හැක. තවද... මෙහි දැක්වෙන බොහෝ Trading Strategies මවිසින් Real Market තත්වයන් යටතේ අත්හදා බලා නැත. එනිසා අවසන් තීරණය ඔබ සතුයි.
සාමාන්‍යයෙන් Forex Trading වලදී Trading Strategy එකක් ගැන හිතනකොට මේ කරුණු 3 ගැනම හිතන්න ඕනේ.
  • Entry Point
  • Take Profit [TP] or Exit Point
  • Stop Loss [SL]
ඒත් Binary Options Trading වලදී අපිට හිතන්න තියෙන්නේ අපි Trade කරන Time Frame එකට අනුව අපිට වාසිදායක Entry Points ගැන විතරයි.

Binary Options Strategy එකක් නිර්මාණයේදී සැලකිය යුතු ප්‍රධානතම කරුණු

  1. Trading Strategy එකේ නිවරද්‍යතාවය අනිවාර්යයෙන්ම 50%ට වැඩි විය යුතු අතර වඩා හොඳ ප්‍රතිලාභ සඳහා 65%-70%ට වැඩි විය යුතුය.
  2. Trading Strategy එක අදාළ වන Binary Option වර්ගය
  3. Trading Strategy එක වඩාත් හොඳ ප්‍රතිඵල පෙන්වන වෙලාවන් (Trading Sessions) සහ හොඳ ප්‍රතිඵල නොපෙන්වන අවස්ථා (උදා. News Release වෙන වේලාවන්..,)
  4. අපි තෝරාගන්නා Option එකේ Expiry Time එක

30 Second & 60 Second Trading Strategies

තත්පර 30න්, තත්පර 60න් 70% ට වැඩි Return එකක් ගන්නේ කොහොමද?
[Premium] Binary Options Trading Signals
දැනට හොඳම 30-60 Seconds Trading System එක තියෙන්නේ Franco ළඟ. සති 2 කට $97 ක් වෙනවා. සල්ලි ගෙවන්න කලින් Franco ගේ Trading System එක සම්පුර්ණයෙන්ම දැන ගන්න.

80% කට වැඩි සාර්ථකත්වයක් ඇතිව මවිසින් පසුගිය වසර කීපය පුරාවට ඩොලර් දහස් ගනනක් උපයන ලද Binary Options Trading Strategy එක ලබා ගන්න ඕනෙද?

5 Minutes MACD Binary Options Trading Strategy In Sinhala

5 Minutes MACD Binary Options Trading Strategy In Sinhala

5 Min. MACD Strategy for Beginners

මේ කියන්න යන 5 minute Strategy එක නම් Binary Options Trading පටන් ගත්ත මුල දවස් වල මමම හදපු එකක්. මම දැන් පාවිච්චි කරන්නේ නැති වුණාට Binary Options Trading වලට අළුත් කෙනෙකුට වුණත් හරිම පහසුවෙන් Set-up කරගන්න පුළුවන්. එකම එක Indicator එකක් තමයි පාවිච්චි කරන්නේ.

ඔබේ දැන් තිබෙන Chart Template එකට MACD Indicator එක Add කර ගැනීම

Insert > Indicators > Oscillators > MACD තමයි සම්ප්‍රදායික ක්‍රමය.

නිවැරදිව MACD Settings හැදීම

අපි මෙතැනදී Default Settings වෙනස් කරන්න යන්නේ නැහැ.
Fast EMA : 12
Slow EMA : 26
MACD SMA : 9
හා Apply to : Close ලෙස පැවතිය යුතුයි.

ඔබ අවශ්‍ය වර්ණයන් යෙදීම

MACD Histogram එකට සහ Signal රේඛාවට ඔබට කැමැති වර්ණයන්, Styles යොදන්න. පැහැදිලිව වෙන් කර හඳුනාගන්නට හැකි වීම ප්‍රමාණවත්.

MACD Levels සැකසීම

මේක තමයි වැදගත්ම පියවර වෙන්නේ. MACD Indicator එකේ Levels ලෙස 0.0005, 0.0002, 0, -0.0002 හා -0.0005 යොදන්න.

කලින් MACD histogram එකට යොදන ලද වර්ණයට සමාන වර්ණයක් පාවිච්චි කරන්න එපා. එතකොට ටිකක් අපැහැදිලි වෙයි.
දැන් අපේ මුලික කටයුතු අවසානයි. දැන් තියෙන්නේ මේ Strategy එක භාවිතයෙන් Trade කරන්නේ කොහොමද කියලා කතා කරන්න.

5 Minute MACD Strategy එක භාවිතයෙන් Trade කිරීම

  1. ඔබේ Charts 1 Minute Time Frame එකට සකසා ගන්න. Charts 1 Min. Time Frame එකට වුණාට මේ Strategy එක භාවිතා වෙන්නේ 5 Minute Expiry Time එකක් තියෙන High / Low, Up / Down or Call / Put Options Trade කිරීම සඳහායි.      
  2. Major Currency Pairs සඳහා භාවිතා කළ හැක. (Japanese Yen Crosses හැර)
  3. ප්‍රබල News Release අවස්ථා වලදී Trade කිරීමෙන් වළකින්න.
When to Put | Put Trades යෙදිය යුතු වන්නේ   
0.0005 ට වැඩි MACD Cross-Over අවස්ථා වලදී

When to Call | Call Trades යෙදිය යුතු වන්නේ
-0.0005 ට අඩු MACD Cross-Over අවස්ථා වලදී


මේ Strategy එකේදී අපේ Trade Entries විදිහට +/- 0.0005 යොදා ගන්නේ එවැනි අවස්ථා වලදී Trend එකේ Strength එක වැඩි නිසා 5 Minute Expiry Options වලදී නිසැක ජයක් ලබන්නට බලාපොරොත්තු වෙන නිසයි.

මේ සඳහා +/- 0.0002 Cross-Over අවස්ථා යොදා ගතහොත් අපිට Trading අවස්ථා විශාල ප්‍රමාණයක් ලැබෙන අතර නිවරද්‍යතාවය සැලකිය යුතු ලෙසින් අඩු වේ. Binary Options Trading වලදී අපි යොදන Trades ගණනට වඩා එම Trades වල නිවැරදි බව ගොඩක් වැදගත් කියලා මේ වෙනකොට ඔබට වැටහිලා ඇති.

ඉහත උදාහරණයේදී එකම trend එකක් ආරම්භයේදී හා අවසානයේදී Call / Put Trades යොදා ඇති වුවත් නිතරම එවැනි අවස්ථා ලැබෙන්නේ නැහැ. පහත දැක්වෙන්නේ එවැනි අවස්ථාවක්.

මේ උදාහරණයේදී Put Entry එක 0.0005 ට වැඩි වුණාට Call Entry එකකට සුදුසු පරිසරයක් නැහැ.

5 Min. MACD Strategy for Advanced Traders

මම මේ කිව්ව ඉතාමත් සරල Trading Strategy එක තවදුරටත් වැඩි දියුණු කරන්න පුළුවන් ආකාර ගැන තමයි මේ කතා කරන්න හදන්නේ.

Strategy එකේ සංවේදකතාවය වැඩි කිරීම

වැඩි Trading Opportunities ගණනක් ලබා ගැනීම සඳහා +/- 0.0002 සිට +/- 0.0005 දක්වා MACD Cross-Overs යොදා ගන්න පුළුවන්. ඒත් අර මම කලින් කිව්ව ප්‍රශ්නය මඟ හරින්නට තරම් ඔබට market එකේ price movements වල හැසිරීම ගැන සියුම් අවබෝධයක් තියෙන්නට ඕනේ.

MACD Divergence භාවිතයෙන් Trend Reversals Trade කිරීම

When to Call | Call Trades යෙදිය යුතු වන්නේ
Prices Lower Lows හදන MACD Histogram එක Higher Lows හදන Diverging අවස්ථා වලදී Call Entries ද
When to Put | Put Trades යෙදිය යුතු වන්නේ  
Prices Higher Highs හදන MACD Histogram එක Lower Highs හදන Diverging අවස්ථා වලදී Put Entries ද  යොදන්න.

මෙම 5 Min. Binary Options Trading Strategy එකේ දැනට හඳුනාගත් දුර්වලතා

  • News Release වැනි ක්ෂණික market වෙනස්වීම් හමුවේ නිසියාකාරව ක්‍රියාත්මක නොවීම
  • USDJPY, EURJPY, GBPJPY වැනි ජපන් යෙන් ඇතුලත් currency crosses සඳහා යෝග්‍ය නොවීම
  • එකම Trend එක දිගින් දිගටම පවතින අවස්ථාවන් වලට යෝග්‍ය නොවීම

Open Account Here

My Binary Options Trading Strategy In Sinhala

My Binary Options Trading Strategy In Sinhala

මම 75%-85% ක සාර්ථකත්වයක් ඇතුව දැනට අවුරුදු කීපයක් තිස්සේ භාවිතා කර ලක්ෂ ගණනක් මුදල් උපයන ලද Binary Options Trading Strategy එක  වෙබ් අඩවිය කියවන Live Account හිමි ඔබත් එක්ක නොමිලේ බෙදා ගන්නට හිතාගෙන හිටියේ ටික කාලෙක ඉඳන්. මේක පළ කරන්න මෙච්චර කල් ගියේ එක එක හේතු ගොඩක් හින්දයි.

  • පළවෙනි එක තමයි මේකේ තියෙන සරල බව.
    ඒ නිසා Trading කරන වැඩි දෙනෙක් මේක පාවිච්චි කරන්න එච්චර කැමති වෙන්නේ නැති වෙයි කියලා හිතුනා. මේ Strategy එක සම්පුර්ණයෙන්ම කියෙව්වම ඔබටත් අනිවාර්යයෙන්ම හිතේවි,
” ආපෝ! මේකද ඔය කිව්ව මහ ලොකු Trading Strategy එක කියලා “
මේක ලොකු නැහැ. ඒක ඇත්ත.
බැලූ බැල්මට ඔබටත් එහෙම හිතෙනවාමයි
ඒත් හරියට අවදානම කළමනාකරණය කරලා ඉවසීමෙන් යුතුව පාවිච්චි කරන කෙනෙකුට මේකෙන් අසීමිතව මුදල් උපයන්නට පුළුවන් බව මම අද්දැකීමෙන්ම දන්නවා.
  • දෙවෙනි එක තමයි මේ Strategy එකේ තරමක Discretionary Trading Part එකක් තිබීම. සමහර වෙලාවට මේ system එකෙන් සමහර Trading Triggers දුන්නට අපි අපේ Accounts වල ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ අවබෝධය එන්නේ වසර ගණනක් trade කරලා ඔබ ලබන පරිචය තුලින් කිව්වොත් නිවැරදියි. අපිට සිංහලෙන් “Trading ඉව” කියලා ඒකට කියන්න පුළුවන්. බොහොම කණගාටුයි. මට ඒක නම් ඔබට දෙන්නට බැහැ. ඒක ඔබ ලඟා කර ගත යුතු කායික මානසික තත්වයක්.
  • අන්තිම කාරණේ තමයි “ලංකාවේ අයට නොමිලේ මොනවා හරි දෙයක් දෙන එක මට එපා වුණු නිසා”. ගොඩක් දෙනෙකුට නිකන් දෙන කිසිම දේක අගයක් නැහැනේ. මම ලියන අන්තිම සිංහල blog එක තමයි මේක. මෙතැනින් එහාට ආයේ කවදාවත් සිංහලෙන් Blog එකක් ලියන්න නම් අදහසක් නැහැ.
ඒ වැල් බයිලා වැඩක් නැහැ. අපි Strategy එකට එමු.

Charting Platform එක : MetaTrader4

අපි මේ සඳහා පාවිච්චි කරන්නේ MetaTrader4 Charts. මේ සඳහා ටිකක් වේගවත් price feeds තියෙන 5 Digit Broker කෙනෙක් මේ සඳහා පාවිච්චි කරන්න.
ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන NordFX මේ සඳහා යෝග්‍ය නැහැ. HotForex  Free Demo Account එකක් විවෘත කරලා MetaTrader4 Download කරගන්න.

Strategy එක අදාළ වන Expiry Times

මම මේ Strategy එක පැහැදිලි කරන්නට පාවිච්චි කරන්නේ 5 Minute Expiry Times තියෙන binary options trade කරන්නේ කොහොමද කියලයි. ඒ අතරේදී ඔබට අවශ්‍ය නම් 60 Second Options Trade කරන්න පුළුවන් අවස්ථා ගැනත් මම කියන්නම්.
ඔබට අවශ්‍ය නම් මේ Strategy එකම Long Term Binary Options වලටත් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම කරන්නේ කොහොමද කියලා මේ ලිපියේ පහළින් Further Developments යටතේ සඳහන් කරලා තියෙනවා.

Options Expiry Time Vs MT4 Chart Time Frame

අපි මේ Strategy එකේදී පාවිච්චි කරන්නේ 5 Minute Expiry Time එකක් තියෙන Short Term Binary Options නිසා MetaTrader4 Charts යොදා ගන්නේ මෙහෙමයි.
  • Market Direction එක හඳුනා ගන්න : 5 Minute Time Frame
  • Trade Triggers (Buy/Sell කරන්න enter වෙන්න) : 1 Minute Time Frame
මෙතනදී Binary Option Expiry Times එක්ක Chart Times පටලවා ගන්නට එපා.

Directional Bias – වෙළඳපොළ දිශානතිය

Market Direction එක කොහෙටද තියෙන්නේ කියලා දැනගන්න අපි පාවිච්චි කරන්නේ 5 Minute Chart එකට 50 EMA එකක් දාලයි. ඒක ඔබට Insert > Indicators > Moving Average ඔස්සේ දාගන්නට පුළුවන්.


අදාළ asset එකේ price එක 50 EMA එකෙන් ඉහළ නම්,
  • Market එක Bullish. ඒ වගේ වේලාවන් වලදී  අපි බලන්නේ Call Option සඳහා enter විය හැකි අවස්ථා යි.
අදාළ asset එකේ price එක 50 EMA එකෙන් පහළ නම්,
  • Market එක Bearish. ඒ වගේ වේලාවන් වලදී අපි බලන්නේ Put Option සඳහා enter විය හැකි අවස්ථා යි.

Trade Entry Triggers

ඔබ trade කරන්න බලාපොරොත්තු වන  currency pair එකට අදාළ 1 Minute Chart එක විවෘත කරගන්න.
ඔබ කැමති වර්ණ 4 කින් Close Price එක සඳහා 5,10,20 සහ 50 Exponential Moving Averages යොදා ගන්න. මෙහිදී 50 EMA එක ටිකක් තද පාටකින් පැහැදිලිව හඳුනා ගත හැකි ආකාරයට යොදන්න.
මේ පියවර අනුගමනය කළ පසු ඔබේ Chart එක මේ අයුරින් දිස් වනු ඇති.

හරි එහෙනම්… නිවැරදිම Entry Point එක මොකද්ද?

Call Entry එකක් වුනත් Put Entry එකක් වුණත් අනිවාර්යෙන්ම 10 EMA සහ 20 EMA එක Cross වෙනකල් ඉන්න. මේ 1 Min  Chart එකේ 10 EMA සහ 20 EMA එක Cross වුණ ගමන්ම 5 Minute Trade එකකට enter වෙන්න.

Call Entries



Put Entries


60 Second Trades සිදු කරන ආකාරය 
හොඳ Trending Market එකකදී, Price Action එක 20 EMA line එක touch කරන හැම අවස්ථාවකම 60 Second Trade යෙදිය හැක. එහෙත් එය ඔබ බොහොම ප්‍රවේසම් සහගතව කළ යුතු දෙයක්.

මේ Strategy එක මඟින් Live Trading සිදු කරන්නේ කොහොමද?


වම් පසින් අපි trade කරන 1 minute charts ද දකුණු පසින් direction එක හඳුනා ගන්නට පාවිච්චි කරන 5 minute charts ද open කර ගන්න.

මම කලින් කිව්ව ආකාරයට 5 Minute Chart එකේ Market Direction එක up නම් අපි බලන්නේ Call Entry අවස්ථා මොනවාද කියලයි. එවැනි අවස්ථා වල 1 Minute Charts පාවිච්චි කරලා මම උඩින් දක්වලා තියෙන විදිහට 5 Minute Expiry / 1 Minute Expiry තියෙන Binary Options Trade කරන්න.
තවත් පැහැදිලි කළොත්,
  1. 5 Min Chart එකේ Market Direction එක Up ද Down ද කියලා බලන්න. Up නම් අපි බලන්නේ Call කරන්න පුළුවන් අවස්ථායි. Down නම් අපි බලන්නේ Put කරන්න පුළුවන් අවස්ථා යි.
  2. ඊළඟට 1 Min Chart එකේ 10 – 20 EMA Cross එකක් නිවැරදි දිශාවට වෙච්ච ගමන් 5 Min Trade එකකට Enter වෙනවා.
එච්චරයි.

මේ Strategy එක භාවිතා නොකළ යුතු වේලාවන් සහ අවස්ථා

  • Asian Trading Session එකේදී මේ Strategy එක පාවිච්චි කරන්න එපා.
    ලංකාවේ වේලාවෙන් උදේ 11-11.30 ඉඳන් රෑ 9-9.30 විතර වෙනකල් ගැටලුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්.
  • Sideways Trend එකක් තියෙන වෙලාවට මේ Strategy එක එච්චර සාර්ථක නැහැ. ඒ නිසා ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්නත් එපා. Directional Bias එක දැනගන්න අපි පාවිච්චි කරන 5 min chart එකේ, candles මේ රුපයේ දක්වලා තියෙන ආකාරයට පොඩි Pip ප්‍රමාණයක් ඇතුලත වැඩි candles ප්‍රමාණයක් trade වෙලා තියෙන අවස්ථා වලදී Trade කරන්න එපා. බොහෝ වෙලාවට මේ වගේ වෙන්නේ අපි trade කරන asset එකේ price එක නිල් පාට (50 EMA) line එක ආසන්නයට ආපු අවස්ථා වලදියි.

ඒ වගේම මේක පොඩි අමතර කරුණක්,
මේ වගේ පොඩි pip ප්‍රමාණයක් ඇතුලත candles විශාල ප්‍රමාණයක් ඇති වෙනවා කියන්නේ ඒ contraction එක ඉවර වෙච්ච ගමන්ම හොඳ Breakout එකක් තියෙන්න ලොකු ඉඩක් තියෙනවා කියන එකයි. ඒකත් පොඩ්ඩක් ඔලුවේ තියාගන්න.
  • ඒ වගේම තමයි බොහොම පොඩි කාලයක් ඇතුලත විශාල ලෙස Market Price වෙනස් වන අවස්ථා වලත් මේක පාවිච්චි කරන එක සුදුසු නැහැ.  මේ තියෙන්නේ විනාඩි 20ක් ඇතුළත Pips 140 ක් move වුණ අවස්ථාවක්.

  • Major News Release වලට විනාඩි 15ක් පෙර සහ විනාඩි 15ක් පසු යන කාල පරාසයන් තුලදී Trade කරන්න එපා. News Release ගැන දැනගන්න මම පාවිච්චි කරන්නේ MyFxBook Calendar එකයි.

මෙම Strategy එක වරදින අවස්ථා

මේ Strategy එක වරදින වෙලාවල් තියෙන්නේ එකයි. ඒ තමයි Market එකේ දැන් තියෙන 5 Minute Trend එක වෙනස් වෙන අවස්ථාවන් වලදී.

5 Min Trend එකේ වෙනස් වීම් හඳුනාගන්නට අපි පාවිච්චි කරන්නේ 30 Min Charts. ඒත් ඒ වෙනස් වීම් නිවැරදිව හඳුනා ගන්නට නම් ඔබට හොඳ Technical Analysis දැනුමක්, Support/Resistance ගැන අවබෝධයක් තිබීම අනිවාර්ය වෙනවා. ඊටත් වඩා වැදගත් වන්නේ වෙළඳපොළ මිල ගණන් වෙනස්වීම් පිළිබඳ ව ඔබට ඇති අද්දැකීම්.

Real Trading කරන්නට පෙර…

ඔබේ Binary Options Broker මාර්ගයෙන් Demo Account එකක් විවෘත කරගන්න.

අනිවාර්යෙන්ම අඩුම වශයෙන් සතියක්වත් මේ Strategy එක භාවිතයෙන් demo trade කරලා ඉන්න.

Further Development

මෙම strategy එක තව දුරටත් වැඩි දියුණු කළ හැකි ආකාර තමයි මේ දැක්වෙන්නේ. ඔබටත් පුළුවන් මේක තවත් develop කරලා වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට…

Counter Trend Trading

මම මේ strategy එකේ විස්තර කළේ Trend Trading කියන සංකල්පය විතරයි. ඒ කියන්නේ market එකේ දිසාවට පමණක් trade කිරීම. අවශ්‍ය නම් Counter Trend Trading කරන්නත් පුළුවන්. ඒ කියන්නේ market එකේ දිසාවට ප්‍රතිවිරුද්ධ අතට ඇතිවෙන Trades. එතකොට දැනට එන trade entries ගණනට වඩා වැඩි ප්‍රමාණයක් එනවා.
හැබැයි Trading වලට නවකයන්ට නම් මම ඒක එච්චර අනුමත කරන්නේ නැහැ.
Using EMAs as a Support Level
මේ ක්‍රමය ගොඩක්ම ගැලපෙන්නේ හොඳ Trending Markets වලටයි. ඇතැම් වෙලාවට Trend එක ගොඩක් Strong නම් 10-20 EMA Cross එකක් වෙන්නෙත් නැතුව Prices ඉහළ හෝ පහළ යන අවස්ථා වලදී Breakout එකෙන් පසුව 5 Min Trades වලට Enter විය හැකියි.

RSI Divergence

Close Price එකට Relative Strength Index (14) Indicator එක යොදලා RSI සහ Market Price Divergence එක ඔබේ Trading වල සාර්ථකත්වය වැඩි කර ගන්න පාවිච්චි කරන්න පුළුවන්.
නිතරම මතක තියාගන්න : Divergence කියන්නේ Buy/Sell Signal එකක් නොවන බව.
ඒකෙන් කියවෙන එකම දේ ඉදිරියේදී Trend Change එකක් වෙන්න පුළුවන් කියන එක විතරයි.

Longer Expiry Time සහිත Binary Options Trade කිරීමට නම්…

මේ සදහා ඔබ 1:4 හෝ 1:6 අනුපාතයන්ගෙන් charts තෝරාගත යුතුයි.
උදාහරණයක් ලෙස වෙළඳපොළ දිශානතිය (Directional Bias) සඳහා පැය 4 (H4) Charts පාවිච්චි කරනවා නම් Trades වලට enter වෙන්න පාවිච්චි කරන්න ඕනේ 1 H Charts.

මේ Strategy එක හරියන්නේ නෑ කියලා හිතුණොත්,

එහෙම නම් ඉතින් Binary Options Trading Signal සේවයක සහය ලබා ගන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.

මොකද මේ වගේ Trading Strategies අනිවාර්යයෙන්ම භාවිතා කරන පුද්ගලයාගේ හැටියට වෙනස් වෙනවා. ගොඩක් ලොකු ඉවසීමක් ඕනේ. අනිත් එක මේ ක්‍රමයට Trade කරනකොට පොඩි දරුවෙකුට වගේ දැන් Put කරන්න දැන් Call කරන්න කියලා කියන්න කවුරුත් නැහැනේ.

What You Trade In Binary Option Sinhala Lessons

What You Trade In Binary Option Sinhala Lessons



Binary Options වලදී Trade කරන්නේ මොනවාද?


Financial Instruments එහෙම නැතිනම් Underlying Assets තමයි අපි වර්තමාන මුල්‍ය වෙළඳපළේ trade කරන්නේ. Market එකේ trade වෙන යම්කිසි  මුල්‍යමය වටිනාකමක් තියෙන දේවල් වලට තමයි Underlying Assets කියන්නේ. මෙතනදී Underlying කියන වචනය භාවිතා වෙන්නේ ඇත්තටම අපි අදාළ asset එක මිලදී නොගන්නා නිසයි. මුල්‍ය වෙළඳපළේ අපි trade කරන්නේ අදාළ asset එකේ වටිනාකමට අනුරූප වටිනාකමක් තියෙන contracts.දැනට ජනප්‍රියම Underlying Assets වර්ග තමයි මේ…
    • Stocks
    • Currencies
    • Indices
    • Commodities
දැන් අපි මේ එක එක assets හඳුනා ගනිමු.

Stocks

ලෝකේ වැඩිපුරම තියෙන trading instrument එක තමයි Stocks. ඒ නිසාම Binary Options Trading Platforms වලත් සංඛ්‍යාත්මකව ගත්තම වැඩිපුරම තියන්නේ Stocks තමයි. අදාළ කොටස් ලැයිස්තුගත වෙලා තියන හුවමාරුව වෙළඳ කටයුතු සඳහා විවෘත වේලාවන් වලදී පමණක් Binary Options ගනුදෙනු සිදු කළ හැකි වීම තමයි Stock Trading වලදී තියෙන අවාසිය. Binary Options Trading Broker ගේ අභිමතය අනුව ලෝකේ ඕනෙම stock market එකක list වෙලා තියෙන stock එකක් trade කරන්නට අවස්ථාව ලබා දෙන්න පුළුවන්.

Currencies

සතියේ දින පහේම පැය විසි හතර පුරාවට විවෘත නිසා Binary Options Trading වලදී වඩාත්ම ජනප්‍රිය financial instrument වර්ගය තමයි Currencies. ඒ අතරිනුත්,
– EURUSD

– GBPUSD
– USDCHF
– USDJPY
– AUDUSD
– NZDUSD
– USDCAD
වැනි Major Currency Pairs වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.

Indices

කොටස් වෙළඳපලක ලැයිස්තුගත සමාගම් වල කාර්යසාධනය මනින්නට ඇති මිනුමකට තමයි Stock Index එකක්, එහෙම නැතිනම් කොටස් මිල දර්ශකයක් කියලා කියන්නේ. ප්‍රධාන වශයෙන් කොටස් මිල දර්ශක වර්ග 3කට බෙදා හඳුනාගන්නට පුළුවන්.
  • Sector Indices
  • National Indices
  • International Indices
මේ අතරින් Binary Options Trading Platforms වලදී වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ National Indices යි.
යම් index එකෙකින් මනින stocks වල අගය පහළ යන විට Index එකේ අගය පහළ යාමත්, නැවත stock prices වැඩි වෙන විට Index එකේ අගය වැඩි වීමත් සිදුවෙනවා. දිනපතා මෙසේ සිදුවන ඉහළ පහළ යාම් තමයි අපි Binary Options Trading වලදී ලාභ ලබන්නට යොදා ගන්නේ. ඇතැම් Binary Options Brokersලා මේ වගේ indices වැඩි වශයෙන් trade කරන්නට ඉඩ ලබා දී ඇති අතර තවත් සමහර broker platforms වල indices නොමැති තරම්.
දැනට ජනප්‍රියම Stock Indices තමයි,
FTSE-100
London Stock Exchange (LSE) එකේ විශාලතම සමාගම් 100 කාර්යසාධනය මනින කොටස් මිල දර්ශකයයි.
– Trading Hours (GMT): Mon – Fri 07:30- 15:30
DAX-30
යුරෝපීය කලාපයේ බලවත්ම සහ ආර්ථික අතින් වැදගත්ම රටක් වන ජර්මනියේ Frankfurt Stock Exchange එකේ ලැයිස්තුගත විශාලතම ජර්මන් සමාගම් 30 කාර්යසාධනය මනින කොටස් මිල දර්ශකයයි.
– Trading Hours (GMT): Mon – Fri 07:30 – 15:30
Dow Jones-30 (DJ30)
Dow Jones Industrial Average නැත්නම්  “the Dow” කියලයි හැඳින්වෙන්නේ.  New York Stock Exchange (NYSE) එකේ සමාගම් 30ක Price-weighted average එක ඇසුරෙන් නිර්මිත මිල දර්ශකයක්.
– Trading Hours (GMT): Mon – Fri 13:30-20:00
Nasdaq-100
ඇමරිකා එක්සත් ජනපදයේ NASDAQ හි ලැයිස්තුගත ව ඇති දේශීය හා ජාත්‍යන්තර මුල්‍යමය නොවන, පරිගණක මෘදුකාංග/දෘඩාංග, සන්නිවේදන, තොග/සිල්ලර වෙළඳාම් සහ ජෛව තාක්ෂණික සමාගම් වල කාර්යසාධනය මනින කොටස් මිල දර්ශකයකි.
– Trading Hours (GMT): Mon – Fri 13:30-20:00
S&P-500
ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරියෙන්ම සිටින සමාගම් ඇතුලත් කොටස් මිල දර්ශකය තමයි Standard & Poor’s 500 කියන්නේ.
– Trading Hours (GMT): Mon – Fri 09:30-20:00
Ibex-35
ස්පාඤ්ඤ කොටස් වෙළඳපලේ වැඩිපුරම trade වෙන කොටස් 35ක් ඇතුලත් කොටස් මිල දර්ශකයකි.
– Trading Hours (GMT): Mon – Fri 07:30-15:30
CAC-40
ප්‍රංශ කොටස් මිල දර්ශකයයි. ඉදිරියෙන්ම සිටින සමාගම් 40ක කාර්යසාධනය මැනීම සඳහා මෙය යොදා ගන්නවා.
– Trading Hours (GMT): Mon – Fri 07:30-15:30
TADAWUL
සෞදි අරාබියේ එකම කොටස් වෙළඳ පළේ  ලැයිස්තුගත සමාගම් 115ක කොටස් මිල දර්ශකයයි.
– Trading Hours : Sun – Wed 8:10 – 12:20
Straits Times Index
සිංගප්පූරු කොටස් වෙළඳපලේ විශාලතම සමාගම් 30ක කොටස් වල කාර්යසාධනය මනින මිල දර්ශකයකි.
– Trading Hours (GMT): Mon – Fri 02:00 – 04:00 and 6:30 to 08:30
Nikkei-225 Future
ජපානයේ Tokyo කොටස් වෙළඳ පළේ ඉදිරියෙන් සිටින සමාගම් 225ක කොටස් මිල මත පදනම් වූ දර්ශකයකි.
– Trading Hours (GMT): Mon – Fri 23:40-16:45
Hang Seng
හොංකොං වල කොටස් වෙළඳපළ පිරිවැටුම මත පදනම් වූ කොටස් මිල දර්ශකයයි.
– Trading Hours (GMT): Mon – Fri 00:10-07:05
SSE -180 (Shanghai)
චීනයේ Shanghai කොටස් වෙළඳපළේ [SSE Composite Index] ලැයිස්තුගත විශාලතම සමාගම් 180ක කොටස් වල කාර්යසාධනය මනින මිල දර්ශකයයි.
– Trading Hours (GMT): Mon – Fri 05:00 – 07:00

Commodities

කෘෂිකාර්මික නිෂ්පාදන, ලෝහ වර්ග සහ බලශක්ති ක්ෂේත්‍රයේ නිෂ්පාදන දක්වා විශාල පරාසයක පැතිරුණු assets ප්‍රමාණයක් Commodity markets වලදී trade වෙනවා.

Currency Markets වලදී වගේ සතියේ දින පහේම පැය 24 පුරාවට commodities trade වෙන්නේ නැහැ. Commodity Exchanges විවෘතව පවතින විටදී Binary Options Trading Platforms හරහා මෙම ගනුදෙනු කළ හැකියි.
ප්‍රධාන වශයෙන් Commodities වර්ග 2කට බෙදෙනවා.
[ 1 ]  Soft Commodities : කෘෂිකාර්මික නිෂ්පාදන
[ 2 ]  Hard Commodities : පොලොව කැණීමෙන් නිස්සාරණය කරන ලද නිෂ්පාදන
සාමාන්‍යයෙන් එදිනෙදා වෙළඳපළේ ගනුදෙනු සිදු කෙරෙන Commodities වර්ග අතරින් රන්, රිදී සහ බොරතෙල් ප්‍රධාන වෙනවා.

Gold – රත්තරන්

සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ XAU/USD ලෙසයි. මෙහිදී මිල වශයෙන් සඳහන් වෙන්නේ රත්රන් අවුන්සයක මිලයි.
– Trading Hours (GMT): Mon – Fri 04:00 – 21:00

Silver – රිදී

රිදී මිල සටහන් වෙන්නෙත් අවුන්සයක වටිනාකම වශයෙනුයි. සාමාන්‍යයෙන් දැක්වෙන්නේ XAG/USD ලෙසයි.
– Trading Hours (GMT): Mon – Fri 04:00 – 21:00

Crude Oil – බොරතෙල්

බොරතෙල් Futures Contract එකක මිල උච්චාවචනය තමයි මෙහිදී trade වෙන්නේ.
– Trading Hours (GMT): Mon – Fri 04:00 – 21:00

Open Binary Account Here 

Start To Trade Binary Option In Sinhala

Start To Trade Binary Option In Sinhala



Binary Options Trade කරන්නේ කොහොමද?

මම හිතන්නේ Trading ලෝකේ තියෙන ලේසිම සහ කෙටිම trade execution ක්‍රමය තියෙන්නේ Binary Options වලට කියලයි. ඔබේ නිවැරදි market analysis එකෙන් පස්සේ trade කරන asset එකයි, ඒක enter කරන මොහොතයි සුදානම් නම් තත්පර කීපයක් තුල ඔබට trade එක යොදන්න පුළුවන්.
අපි Binary Options Trade එකක් යොදන අයුරු  පියවර 5කින් හඳුනා ගනිමු.

1. Option Type එක තේරීම


මුලින්ම කරන්න ඕනේ ඔබ trade කිරීමට බලාපොරොත්තු වන Binary Option වර්ගය තේරීමයි. Binary Options වර්ග ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.

2. Asset Type එක තේරීම


ඔබ trade කරන්නට බලාපොරොත්තු වන වන Asset type එක, එහෙමත් නැතිනම් Trading Instrument එක තේරීම තමයි ඊළඟට කළ යුත්තේ.

3. Expiration Time එක Set කිරීම


ඔබ යොදන්නට බලාපොරොත්තු වන trade එක expire වෙන වෙලාව set කරන එක තමයි ඊළඟට කළ යුත්තේ.

4. ඔබේ Premium එක (Risk කරන මුදල) Set කිරීම


මෙම trade එක සඳහා ඔබ අවදානම දැරීමට බලාපොරොත්තු වන මුදල කොපමණදැයි දක්වන්න.

5. Trade Direction එක Set කිරීම


අන්තිම පියවර වන්නේ ඔබ යොදන්නේ Put Option Trade එකක්ද නැතිනම් Call Option Trade එකක්ද කියා තේරීමයි. මෙය සිදු කළ වහාම ඔබට trade එක Confirm කරන්නට දන්වාවි.

Click Here for Open Trading Account

How To Open Neteller Account In Sinhala

How To Open Neteller Account In Sinhala



සිංහලෙන් Neteller ගැන හැමදෙයක්ම…

අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු කරන ඔබ අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු Neteller ගිණුම ගැන හැම දෙයක්ම මේ ලිපියේ ඇතුලත් කරන්නට තමයි හිතාගෙන ඉන්නේ.
  • ඔබ Neteller භාවිතා කළ යුත්තේ ඇයි?
  • Neteller ගිණුමක් විවෘත කරගැනීමට පියවරෙන් පියවර අත්වැලක්
  • ඔබේ Neteller ගිණුමට Credit / Debit Card පතක් මඟින් මුදල් තැන්පත් කිරීම
  • ඔබේ Neteller ගිණුම Verify කර ගැනීම
  • ඔබේ Credit / Debit Card එකේ තැන්පතු සීමාවන් වැඩි කර ගැනීම සඳහා Validate කිරීම
  • Neteller එකෙන් මුදල් ආපසු ගැනීම සඳහා Net+ Card එකක් අයැදුම් කිරීම
ගැන දැනට මේ ලිපියේ ඇතුලත්. ඔබේ ඉල්ලීම් වල හැටියට තව දුරටත් තොරතුරු ඇතුලත් කිරීමටත් මම සුදානම්.

අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු කරන ඔබ Neteller භාවිතා කළ යුත්තේ ඇයි?

    1. Neteller කියන්නේ ලෝකයේ පිළිගත් Online Payment Processor කෙනෙක්
    2. අපේ Credit/Debit Card පිලිබඳ රහස්‍ය තොරතුරු broker අතට හෝ වෙනත් කිසිවෙකු අතට පත් වෙන්නේ නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. (මම කියන්නේ නැහැ, brokersලා හොරු කියලා. ඒත් අවදානම අවම කරගත්තාම කෝකටත් හොඳයි නේ) අර කතාවකුත් තියෙන්නේ Prevention is better than Cure කියලා.
    3. Neteller අපේ online ගනුදෙනු වලට අතරමැදියෙක් විදියට ක්‍රියා කරන නිසා අපි සල්ලි හොයන්නේ Binary Options Trading වලින් කියලා කාටවත් දැනගන්නට විදියක් නැහැ. මේකේ තියෙන වටිනාකම කොච්චරක්ද කියලා ආයේ කියන්න ඕනේ නැහැනේ.
    4. අපි අපේ  Broker Account එක Verify කරන කොට Credit/Debit Card එකේ Scanned Copies යවන්න කරදර වෙන්න ඕනේ නෑ.
    5. ඔබේ ප්‍රතිලාභ ආපසු ගන්නා විට (Withdrawal එකක් කරන විට) Bank Wire Transfer වලට $30-$40 ගෙවන්නේ නැතුව Net+ Card එක භාවිතා කරලා $6 ක වගේ මුදලකට  සිරි ලංකාවේ අපිට, ලඟම තියෙන MasterCard වලට support කරන ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්.
    6. ඒ වගේම තමයි Trading වලින් ඔබ උපයන ලාභ අතට ගන්න දින ගණන් බලන් ඉන්න ඕනේ නැහැ. Withdrawal Request එකක් කරලා පැය කීපයක් ඇතුලත අතටම සල්ලි ගන්න පුළුවන්.

Neteller ගිණුමක් විවෘත කරගැනීමට පියවරෙන් පියවර අත්වැලක්

  • මුලින්ම Neteller වෙත යන්න.

www.Neteller.com

  • මේ තොරතුරු පිරවීමේදී සෑම විටම සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න.
  • දෙවැනි පියවරේදී මේ තොරතුරු ඇතුළත් කරන්න.
  • ඔබේ ප්‍රදේශයට අදාළ Post Code එක ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියේ පහළ දකුණු කොනෙන් ලබා ගන්නට පුළුවන්.


ඔබේ ගිණුමේ ආරක්ෂාවට අසන ප්‍රශ්න



  • මේ ප්‍රශ්න සඳහා ඔබ ලබාදෙන පිළිතුරු Email එකට එවන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි.
    • යම් හෙයකින් Neteller ගිණුම Lock වුවහොත් Unlock කරගැනීම සඳහා
    • ඔබ නිතර log වෙන පරිඝනකයෙන් හැර වෙනත් ස්ථානයෙන් log වුවහොත් ඒ ඔබම බව තහවුරු කර ගැනීම සඳහා
විටින් විට Neteller එකෙන් මේ ප්‍රශ්න අසනු ලබනවා.
  • තවද…මේ ප්‍රශ්න වලට ඔබ ලබාදෙන පිළිතුරු නිවැරදිව ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්නට පහසු විමත් ටිකක් වැදගත්.
    • ඔබේ Neteller ගිණුම Lock වුවහොත්, නැවත unlock කර ගැනීමේදී ඔබ ලබා දුන් දුරකථන අංකයට Neteller වෙතින් ඇමතුමක් ලැබෙන අතර එහිදී ඔබට මේ ප්‍රශ්න වලට ඔබ ලබා දුන් පිළිතුරු දෙන්නට සිදු වෙනවා.
  • ඔබට එකම ප්‍රශ්නය දෙවරක් භාවිතා කළ නොහැකි අතර සමාන පිළිතුරු භාවිතා කිරීමටද නොහැක. සෑම පිළිතුරක්ම අකුරු 2-22 අතර විය යුතුය.

  • ඔබ ඇතුළත් කළ තොරතුරු නැවත වරක් නිවැරදි දැයි බලා “Continue” Click කරන්න. එවිට මෙවැනි තිරයක් මතු වේවි.

  • ඔබේ තොරතුරු තහවුරු කළ විට මෙවැනි තිරයක් මතු වේවි.
  • ඔබ සාර්ථකව Neteller ගිණුමක් විවෘත කළ බවට දන්වා ඔබට ලැබෙන Confirmation Email එකේ මෙම Secure ID එක ඇතුලත් නොවන බැවින් එය සුරක්ෂිත ස්ථානයක සටහන් කර ගන්න.


  • දැන් ඔබේ අළුත් Neteller ගිණුමට log වෙන්න.

  • බේ Neteller ගිණුම Verify කරන්නට නම් අවම වශයෙන් එක මුදල් ගනුදෙනුවක්වත් සිදුකර තිබිය යුතු නිසා අපි ඔබේ Debit / Credit Card එක භාවිතයෙන් Neteller වලට මුදල් තැන්පත් කරන ආකාරය දැන ගනිමු.

ඇතැම් අවස්ථා වලදී Neteller වෙත Log වූ වහාම ඔබේ අන්‍යන්යතාවය තහවුරු කළ යුතු බවට දන්වා පණිවිඩයක් ලැබෙන අතර එවිට Deposit කිරීමටත් කලින් ඔබේ Neteller ගිණුම Verify කළ හැකියි.

ඔබේ Neteller ගිණුමට Credit / Debit Card පතක් මඟින් මුදල් තැන්පත් කිරීම

  • මුලින්ම ඔබේ Account එකේ Money In වෙත යන්න.

  • ඔබට අදාළ Card වර්ගය තෝරාගන්න.

  • මේ ආකාරයෙන් $20 හෝ වැඩි මුදලක් තැන්පත් කරන්න


  • ඔබේ Debit/Credit Card එක Neteller වලට අළුත් නිසා එක ගනුදෙනුවකදී $160 ක් වැනි උපරිමයකට යටත්ව තමයි මුදල් තැන්පත් කළ හැක්කේ. මේ Limit එක වැඩි කර ගන්නට නම් Card එක Validate කර ගත යුතුයි.
  • අපි මේ තැන්පතුව සිදුකිරීමේදී Neteller වෙතින් ඔබේ Credit / Debit Card Center එකට ඉලක්කම් හතරක කේතයක් යවනවා. ඔබේ Card එක Validate කරන්නට මේ කේතය අවශ්‍ය වෙනවා. මම පාවිච්චි කරන HNB එකට නම් ඒ කේතය ලඟා වෙන්න දවස් 3-4ක් යනවා. අනිත් බැංකු ගැන නම් මම දන්නේ නැහැ.  ඒ වැඩේට ටිකක් කල් යන නිසා අපි ඔබේ Neteller ගිණුම Verify කරගෙන ඉමු.

ඔබේ Neteller ගිණුම Verify කර ගැනීම

  • Verify Your Identity වෙත යන්න…

  • ඔබේ අනයන්‍යතාවය තහවුරු කිරීම සඳහා රියදුරු බලපත්‍රයේ, විදේශ ගමන් බලපත්‍රයේ Scanned Copy එකක් මේ සඳහා සැපයිය යුතුය.

  • ඔබ ලබා දුන් Scanned Copy එක අනුමත වූ ගමන් Email මඟින් දන්වාවි…


ඔබේ Debit/Credit Card එක Validate කර ගැනීම

  • පළමු තැන්පතුව කිරීමෙන් දින 3-4 කට පසු ඔබේ Card Center එක වෙත දුරකථන ඇමතුමක් දී අදාළ දිනයේ ඔබ කළ Transaction එකට අදාළව Neteller එකෙන් එවා ඇති ඉලක්කම් 4ක කේතය ලබා ගන්න.
මෙහෙම Call කරනකොට කීයටවත් Neteller Validation Code එක මොකද්ද? කියලා Call Center එකේ එකාගෙන් අහන්න එපා. ඌ උඩබිම බලාවි.
මෙහෙම කරන්න
“මෙන්න මේ දවසේ මම Neteller සමාගමත් එක්ක ගනුදෙනුවක් කළා, කරුණාකරලා මට අන්න ඒ ගණුදෙනුවට අදාල Transaction Description එකේ තියෙන පළවෙනි ඉලක්කම් හතර කියන්න පුලුවන්ද අහන්න.”
ඔන්න ඕක තමයි ඔයාගේ Neteller Validation Code එක වෙන්නේ. 
  • Neteller වෙත Log වී Settings > Preferred Deposit Options > Validate වෙත යන්න

  • Validate Click කර “Continue” කරමින් ඉදිරියට යන්න

  • මේ Validation එක සඳහාද $5 මුදලක් අය කරන අතර එයද ඔබේ ගිණුමට එකතු වේ.

  • ඔබේ Card එක සාර්ථකව Validate කරන ලද බව‍ සහ ඔබේ තැන්පතු සිමා ඉහළ යවන ලද බව දන්වා මෙවැනි තිරයක් මතු වේවි. එක ගනුදෙනුවක් මඟින් $2500ක් දක්වා තැන්පත් කරන්නට පුළුවන්.


Net+ Prepaid MasterCard එක සඳහා අයැදුම් කිරීම

  • මේ Card පත ලබා ගැනීම සඳහා $13ක මුදලක් වැය වේ.
  • Account < Add a Prepaid Card වෙත යන්න.

  • Get a Plastic Card Click කරන්න.

  • සති 2-3ක් ඇතුලත මෙවැනි Card එකක් ඔබේ නිවසටම ලැබේවි.

  • මෙම Card එක ඇතුලත් ලිපිය ලැබුණු පසු ඔබේ Neteller ගිණුමට log වී Activate Your Net+ Card වෙත ගොස් ඔබේ කාඩ්පතේ ඉදිරිපස ඇති අංකය හා පසුපස ඇති CVV අංකය ඇතුළත් කර Card එක Activate කර ගන්න. මෙලෙස Card එක Activate කළ පසු ඔබට ලඟම තියෙන MasterCard වලට සහය දක්වන ATM යන්ත්‍රයෙන් මුදල් ගන්නට පුළුවන්.

How To Do Online Deposits and Withdrawals Safely In Sinhala

How To Do Online Deposits and Withdrawals Safely In Sinhala




පහසුවෙන් සහ සුරක්ෂිතව මුදල් ගනුදෙනු (Deposits/Withdrawals) සිදු කිරීම

මම ආපහු කියන්නම් මේ කතාව! ඒක ඒ තරම්ම වැදගත්. කිසිම වෙලාවක ඔයාගේ Account එක Verify කරගන්නේ නැතුව නම් deposit කරන්න එපා. එහෙම කලොත් Verify කරන තුරු withdraw නම් කරන්න බෑ. Account එක verify කරන්නේ කොහොමද කියලා දන්නේ නැතිනම් මේ ලිපිය කියවන්න.
මේ ලිපියෙන් කතා කරන්නට හදන්නේ  Binary Options Brokersලත් එක්ක Online මුදල් ගනුදෙනු කරන කොට පහසුවෙන් සහ ආරක්ෂාකාරිව ඒ කටයුතු කරන්නේ කොහොමද කියලයි. අපිට ඉතින් brokersලත් එක්ක තියෙන්නේ ගනුදෙනු වර්ග 2යි නේ.
  • How to Deposit? – (මුලින්ම සල්ලි දාන්නේ කොහොමද  ?)
  • How to withdraw? (Trade කරලා අපි ලබන ලාභ අපේ අතටම ගන්නේ කොහොමද ?)


Deposit කරන්නේ කොහොමද?

මේක නම් බොහොම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක්. මුළු ක්‍රියාවලියට ම වැය වෙන්නේ විනාඩි කීපයක් විතරයි. ලංකාවේ අපිට Binary Options Brokers ලත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ක්‍රම 2යි තියෙන්නේ…
  1. Bank Cards හරහා (Credit/Debit Cards)
  2. Electronic Payment Processors හරහා (Neteller..)
දැන් අපි බලමු Binary Options Trading කරන්න Broker කෙනෙක් එක්ක මුදල් ගනුදෙනු කරන්නට පෙර ඔයා හිතන්න ඕනේ දේවල් ගැන…

Deposit Method එක තෝරා ගැනීමේදී සැලකිය යුතු කරුණු

  • Deposit Limits කොහොමද ?
    ඔයා deposit කරන්න බලාපොරොත්තු වෙන deposit method එකට අදාළ limits මොනවාද කියන එක දැන ගන්න එකත් වැදගත්. Bank Cards වල වගේම ඕනෙම Online Payment Processing method එකකත් සිමාරහිතව ගනුදෙනු කරන්නට බැහැ. දවසකට/සතියකට කොච්චරද කියලා limit එකක් තියෙනවා නේ.මේ කතාව ගොඩක් වැදගත් වෙන්නේ සැලකිය යුතු මුදලක් යොදවලා Binary Options වලින් ස්ථිර අදායමක් ලබා ගන්න සැලසුම් කරන serious අයට විතරයි.
  • ඕනෙම broker කෙනෙක් ළඟ deposit කරද්දී ඔයාගේ account එකේ තියෙන නමයි payment method එකේදී ඔයා භාවිතා කරන නමයි එකම වෙන්න ඕනේ. එහෙම නැතිනම් වැඩේ මාට්ටු වෙන ඕනේ ම වෙලාවක ඔයාගේ සල්ලි freeze කරන්නට පුළුවන්.ඔයාගේ නමින් Bank Account එකක් නැතිනම් දැන්මම එකක් විවෘත කරගෙන ඒකටම debit card එකකුත් ගන්න එක තමයි හොඳම දේ. වැඩිම වුණොත් පැය 2ක් යයි.
  • එක විශේෂ අවස්ථාවක හැර අනිත් හැම වෙලාවකදීම ඔයා deposit කරන්න පාවිච්චි කරන method එකෙන්ම විතරයි ආපහු withdraw කරන්න පුළුවන් වෙන්නේ.
    මෙහෙම කිව්වහම ඔයාට ප්‍රශ්න කීපයක් ම එනවානේ…
    1. deposit කරන්නට ක්‍රම කීපයක් පාවිච්චි කලොත්,
      ඔයා withdrawal request එකක් යැව්වම කලින් deposit කරපු කරපු විදියට සමානුපාතිකව බෙදලා තමයි withdrawal methods set වෙන්නේ.
    2. මොකද්ද අර කියපු විශේෂ අවස්තාව…
      ඔයා deposit කරන්නට credit/debit card එකක් පාවිච්චි කළා නම්, ආපහු withdraw කරද්දී ඒ card එකටම උපරිම වශයෙන් ගන්න පුළුවන් deposit කරපු ගාණ විතරයි. ඊට වඩා වැඩි හැම මුදලක්ම ගන්න වෙන්නේ bank wire transfer එකක් හරහායි. ඒ කියන්නේ trade කරලා ලබන profits ගන්න වෙන්නේ ඔයාගේ බැංකුවටයි. මේ කතාව ඔයා trade කරන්න බලාපොරොත්තු වෙන brokerගේ FAQ වල, Deposit/Withdrawal Terms වල මේ වගේ කියලා ඇති.
 “If the value of the withdrawal request exceeds the value of the amount deposited by credit card the remaining value will be transferred by wire transfer.”
උදා.
සහන් $1000ක් OlymTrade වල Credit Card එකකින් deposit කරලා trade කරන්න පටන් ගත්තා.
සති 3කට පස්සේ සහන්ගේ account එකේ balance එක $2400 යි. ඒ කියන්නේ සහන් හොඳට trade කරලා $1400ක් ලාභ ලබලා.
දැන් සහන් තමන්ගේ account එකෙන් $1200ක් withdraw කරන්න ඉල්ලුවොත්…
සහන්ගේ Credit Card එකට $1000 ක් ලැබෙනවා. ඉතිරි $200 කෙලින්ම එන්නේ සහන්ගේ බැංකු ගිණුමටයි.

Best Binary Option Broker's In Sinhala

Best Binary Option Broker's In Sinhala
හොඳම Binary Options Broker කෙනෙක් තෝරා ගන්න.





ඔබේ Trading Career එකේ සාර්ථකත්වයට වඩාත්ම බලපාන සාධක කීපයෙන් එකක් තමයි ඔබ ගණුදෙනු කරන Binary Options Broker සමාගම. දැනට ලෝකයේ හොඳ සහ නරක Binary Options Brokers ලා 500කට වඩා ඉන්නවා. ඒ අතරින් ඔබේ දැන් තියෙන අවශ්‍යතාවයට වඩාත් ම ගැළපෙන සමාගමක් තෝරා ගන්න අත්වැලක් වෙන්නට තමයි මේ ලිපිය ලියවෙන්නේ.

පොඩි ගාණක් දාලා Binary Options Trading Try කරලා බලන්න කැමති ඔබට…

ඉතා සුළු මුදලක් දාලා අත්හදා බලන්න හැකි සමාගමක් තමයි මේ දැක්වෙන්නේ. ඒ වගේම ඔබට කිසිම කොන්දේසියකින් තොරව 100% නොමිලේ Demo Account එකක් ලබා ගන්නටත් පුළුවන්.







Hand Sanitizer Sri Lanka

  

Hoe To Verify Binary Options Trading Account In Sinhala

Hoe To Verify Binary Options Trading Account In Sinhala





ඔබේ Binary Options Trading Account එක Verify කර ගැනීම


මේ වෙනකොට ඔයා Binary Options Broker කෙනෙක් තෝරා ගන්නේ කොහොමද?  ලිපිය කියවලා ලංකාවේ අපිට වඩාත් ගැලපෙන brokersලා සංසන්දනය කරලා සමහර විට account එකක් open කරලත් ඇති.
ඒ වුණාට..
කවුරු කොහොම කිව්වත්,

කිසිම වෙලාවක ඔයාගේ account එක සම්පුර්ණයෙන් verify කරන්නේ නැතුව නම් deposit කරන්න එපා!

ඇයි දන්නවද?
“කළු සල්ලි සුදු කිරීම (Money Laundering) සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් සැපයීම වැනි දේවල් වළක්වන්න 2001 දී ඇමරිකා එක්සත් ජනපදයේ “American Patriot Act” කියලා පනතක් සම්මත වුණා. මේ පනතේ තියෙන නීති නිසා තමයි අපිට දැනට නියාමනය වන Binary Options Broker කෙනෙක් ළඟ ගිණුමක් විවෘත කළාට පස්සේ අපේ තොරතුරු තහවුරු කරන්න අවශ්‍ය වෙන්නේ.”

Binary Options Trading Account එක Verify කර ගන්නේ කොහොමද?

මේ සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන documents වර්ග 2ක් තියෙනවා.
  • Proof of Identity (Usually Government Issued Identity Card such as Passport, Diving Licence etc)
  • Proof of Address (Usually a Utility Bill, Bank Statement issued during last 3-6 months etc)

Proof of Identity

රජයෙන් නිකුත් කරපු අපේ අනන්‍යයතාවය තහවුරු කරන්න පුළුවන් document එකක colour scanned copy එකක් වෙන්න ඕනේ. මේ සඳහා සාමාන්‍යයෙන් යොදා ගැනෙන්නේ…
  1. Driving Licence [රියදුරු බලපත්‍රය]
  2. Passport [විදේශ ගමන් බලපත්‍රය]
ලංකාවේ නම් දැන් Driving Licence එකක් ගන්න මාස 3ක් වත් යනවා නේ. හොඳම වැඩේ තමයි Passport එක හදා ගන්න එක. Limited Countries එකක් දවසින් හදනවා නම් රු. 2500 යි යන්නේ. All Country එකකට රු. 7500ක් යනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය බලන්න.
2009 දී  මම මගේ passport එක හැදුවේ රට යන්න නෙවෙයි. Forex Trade කරන්නයි. 

Proof of Address

ඔයාගේ ගෙදරට ලඟදි ආපු දුරකථන, වතුර හෝ විදුලි බිලක් මේ සඳහා ප්‍රමාණවත්. “ලඟදි” කියන එක මාස 3ක් – මාස 6ක් ඇතුලත වගේ brokerගෙන් brokerට වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ජංගම දුරකථන බිල්පත් භාර ගන්නේ නැහැ.
මේ බිල්පතේ තියෙන්නේ ඔයාගේ නම නෙවෙයි නම් වැඩේ පොඩ්ඩක් විතර අවුල්. එහෙම නම් කරන්න තියෙන හොඳම විකල්පය තමයි ඔයාගේ නමට එන Bank Statement එකක් හරි Credit Card Statement එකක් හරි පාවිච්චි කරන එකයි.
තවත් දෙයක්…
ඔයාට ඕනේම නම් මම කියපු විදිහේ අනිත් පැත්තත් කරන්න පුළුවන්. Broker Account එක හදන කොට, Address එක පුරවන තැනට ඔයාගේ නමට තියෙන දුරකථන, වතුර, විදුලි බිලක හෝ Bank Statement එකක තියෙන ලිපිනයක් දෙන්න. ඒක ඔයාගේ ගෙදරම වෙන්න ඕනේ නෑ. මොකද… කවදාවත් Brokersලා ඔයාගේ ගෙදර හොයාගෙන එන්නේ නැහැනේ.



මම කලින් කිව්ව විදිහට ඔයාගේ ගිණුමේ තොරතුරු තහවුරු කරන්නට අනිවාර්යයෙන්ම ඕනේ වෙන්නේ මේ documents දෙකේ වර්ණවත් scanned copy 2ක් විතරයි. ඒත්…

ඔයා deposit කරන කොට Bank Card එකක් පාවිච්චි කරනවා නම්…

මේ Credit/Debit Card එකේ දෙපැත්තේම scanned copies යවන්නට ඕනේ.
[මම නම් කියන්නේ Online Brokersලත් එක්ක ගනුදෙනු කරනකොට සෘජුවම Bank Cards පාවිච්චි කරන්නේ නැතිව Neteller වගේ Online Payment Processor කෙනෙක් හරහා පාවිච්චි කරන්න කියලයි.]  
යවන්නට කලින් මතක ඇතුව ඔයාගේ scanned copies වල…

ඉදිරිපස : අන්තිම අංක 4 හැර අනෙක් අංක නොපෙනෙන විදියට සලකුණු කරන්නත්…
පසුපස : CVV No. එක මකා දමන්නටත් කටයුතු කරන්න ඕනේ..
එහෙම කළේ නැතිනම් ඉතින් බඩුම තමයි. අද කාලේ කාවද විස්වාස කරන්න පුළුවන්?
ඒ වගේම තමයි ඔයා deposit කරන්නට credit/debit card කීපයක්ම පාවිච්චි කළොත් ඒ හැම එකේම දෙපැත්තේම scanned copies යවන්නට වෙනවා.

How To Open Binary Options Trading Account In Sinhala



Binary Options Trading Account එකක් Open කර ගැනීම


Demo Trading

සාමාන්‍යයෙන් Binary Options Trading වලට අළුතෙන් enter වෙන ඕනෙම කෙනෙක් කැමතියි deposit කරන්න කලින් trading platform එක, trading conditions ගැන අදහසක් ගන්න. ඒත් මෑතක් වන තුරු binary options brokersලා forex trading වලදී වගේ එයාලගේ platform එක, එයාලගේ service එක try කරලා බලන්න demo trading වලට chance එකක් දුන්නේ නැහැ. මීට අවුරුද්දකට විතර කලින් සාමාන්‍යයෙන් binary options trading වලදි $250-$500 අතර තිබුණ minimum deposit එක pay කරන serious ගනුදෙනුකරුවන්ට විතරයි demo trading පහසුකම ලැබුනේ.
ඒත් දැන් ඔබට නොමිලේම Binary Options Trading Demo Account එකක් open කරගන්න පුළුවන්.


Real Trading

“Trade කරන්නේ ඇයි?” කියලා ඔබ මගෙන් ඇහුවොත් මට දෙන්න තියෙන්නේ එකම එක සරල උත්තරයක් විතරයි.

“මම Trade කරන්නේ සල්ලි හොයන්න.”

ඕනෙම කෙනෙකුට මුල්‍යමය වෙළඳපළ ගැන උනන්දුවක් ඇති වෙන්නේ මෙන්න මේ කාරණය නිසයි.
ඔව්! Market එකේ ඔබට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා මුදල් සොයන්න ට ඕනෑ තරම් අවස්ථා තියෙනවා.
ඒත් මේ හැමදේටම කලින් ඔබට live market එකේ trade කරන්නට Binary Options Trading Account එකක් අවශ්‍ය වෙනවා. ඔබට කරන්නට තියෙන්නේ හොඳ Binary Options Broker කෙනෙක් තෝරාගෙන Account එකක් Open කර ගැනීමට අවශ්‍ය ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දීමයි. විනාඩි කීපයක් ඇතුලත Account එකක් Open කර ගත හැකියි.
Broker කෙනෙක් තෝරා ගන්න කළින් හොයලා බලන්න ඕනේ දේවල් ගැන දැනගන්න නම් මේ ලිපිය කියවන්න.
හොඳ Broker කෙනෙක් තෝරා ගන්නේ කොහොමද?

Binary Options Broker කෙනෙක් තෝර ගන්න

මා විසින් වසර කීපයක් trade කර අත්දැකීම් ඇති, කිසිදු බාධාවකින් තොරව Trading Profits Withdraw කරගත හැකි, කිසිදු සැකයකින් තොරව ඔබට නිර්දේශ කරන Binary Options Broker සමාගම් කීපය නිවැරදිව සසඳා බලා ඔබට පහසු, ඔබේ trading style එකට වඩාත්ම ගැලපෙන, ඔබේ අවශ්‍යතාවයන් ට වඩාත් සරිලන Binary Options Broker ව තෝරා ගන්න.


http://affiliate.iqoption.com/redir/?aff=9344

How To Find a Best Binary Options Broker In Sinhala

How To Find a Best Binary Options Broker In Sinhala








Binary Options Broker කෙනෙක් තෝරා ගන්නේ කොහොමද?

දැනට Binary Options Trade කරන්න අපිට සහය වෙන broker සමාගම් 500ක් විතර තියෙන නිසා හරියටම මොකක් තෝරගන්නද කියලා හිතාගන්න බැරි අයට තමයි මේ ලිපිය ලියවෙන්නේ. අලුතෙන් Binary Options Broker කෙනෙක් තෝරා ගන්නකොට සැලකිය යුතු කරුණු හැමදෙයක්ම වගේ මෙහි අන්තර්ගත වෙනවා. ඒ වගේම තමන් දැනට භාවිතා කරන brokerට වඩා හොඳින් තමන්ගේ trading අවශ්‍යතා වලට සරිලන broker කෙනෙක් තෝරා ගන්නත් මේ ලිපිය අත්වැලක් වේවි.

නියාමනය වෙන Broker කෙනෙක්ද?

මුලින්ම බලන්න ඕනේ දේ තමයි ඔයා trade කරන්න බලාපොරොත්තු වෙන Broker නියමිත ප්‍රමිතීන්ට අනුව Binary Options Trading සඳහා අවසරලත් ආයතනයක් ද කියන එක. ඒ කියන්නේ අදාළ broker Regulated entity එකක්ද කියන එක. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න ඕනේ නම් Binary Options Trading පිලිබඳ නීතිමය පසුබිම කියවන්න.

අවම තැන්පතුව කොපමණද?

ඕනෙම කෙනෙක් මුල්‍යමය තීරණයක් ගන්න කලින් මුලින්ම බලන දේ තමයි කොච්චර මුදලක් ආයෝජනය කරන්න ඕනේද කියන එක. ඒත් ඇත්තටම බලන්න ඕනේ අපි ගන්න අවදානමට කොපමණ ප්‍රතිලාභයක් ගන්න පුලුවන්ද කියලා. ඒක මේ topic එකට අදාළ නැහැ. ඒත් දැනගන්න එක වැදගත්.
Binary Options Trading වලදී trading costs, platform charges, system fee වගේ එකී මෙකි නොකී ගාස්තු වර්ග මොනවත් නැති වුණාට සාමාන්‍යයෙන් ඕනෙම broker කෙනෙකුට තියෙනවා අවම තැන්පතු අවශ්‍යතාවයක් (Minimum Deposit Requirement). සාමාන්‍යයෙන් මේ අගය $100 ඉඳලා $250 විතර වෙනකල් වෙනස් වෙනවා. ගොඩක් දෙනෙකුට මේක තීරණාත්මක සාධකයක්.
ඒත් Binary Options Trading වලට මම use කරන 24Option එකේ නම් අවම තැන්පතුව $250යි.

අවම Trade Size එක කොච්චරද  ?

එක Trade එකක් සඳහා අවම Premium Amount එක නැතිනම් අවම Trade Size එක කොපමණද කියන එක ඉතාම වැදගත් සාධකයක්. බැලු බැල්මට මේකේ වැදගත්කම තේරෙන්නේ නැති වුණාට වඩාත් කල්පනාකාරිව trade කරන කෙනෙකුට නම් හොඳින්ම වැටහෙන්නට ඕනේ.

Trade කරන්න තියෙන Option Types මොනවාද?

Binary Options Trading වලදී තියෙන Option Types මොනවාද කියලා දැනගන්න මේ ලිපිය කියවන්න. සාමාන්‍යයෙන් Binary Options Trading වලදී ජනප්‍රියම Options වර්ගය තමයි High/Low Options. ඕනෙම broker කෙනෙක් මේ trade කරන්නට ලබා දෙනවා. ඒත් හැම broker කෙනෙක්ම Touch Options/Range Options Trade කරන්නට ලබා දෙන්නේ නැහැ. තිබුණත් ඒවා trade කරන්න විවෘත වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒත් තරඟකාරීත්වය වැඩි වෙනවත් එක්කම ඉදිරියේදී හැම broker කෙනෙක්ම හැම Options වර්ගයක්ම offer කරාවී.

Lockout Periods ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ?

මේ කරුණ ගොඩක්ම වැදගත් වෙන්නේ ඉහළ time-frames use කරන tradersලාටයි. දැන් industry average lockout period එක විනාඩි 5යි. ඒත් ඉස්සර මේ අගය විනාඩි 15-20 වගේ තමයි තිබුණේ.
Lockout Period එක කියන්නේ?
අපි යම් options contract එකකට enter වුණට පස්සේ අපිට හිතුණොත් අපේ contract එක පොඩ්ඩක් adjust කරන්න. අදාළ contract එක expire වෙන්න කොච්චර කාලෙකට කලින් ඒක කරන්න ඕනේද කියන එකට තමයි Lockout Period එක කියන්නේ.
මේ වගේ lockout periods කෙටි කාලීන options වර්ග වලට අදාළ වෙන්නේ නෑ.

මුදල් ගනුදෙනු සිදුකළ හැකි ආකාර මොනවාද?

ඔබ broker සමඟ මුදල් ගනුදෙනු (deposits/withdrawals) සිදු කරන මාධ්‍යය මොකද්ද කියන එක අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු කරුණක්.
සාමාන්‍යයෙන් ඕනෙම Broker කෙනෙක් Bank wire, Credit/Debit Cards සහ Neteller වගේ Online Payment Processors ඔස්සේ අපිට ගනුදෙනු කරන්න අවස්තාව ලබා දෙනවා. ලංකාවේ අපිට ප්‍රයෝගිකව යොදාගන්න පුළුවන් වෙන්නේ credit/debit cards හරි Neteller වගේ services විතරයි. මම නම් කියන්නේ Bank Cards පාවිච්චි කරන්නත් එපා කියලයි. ඒ ඇයි කියලා දැනගන්න මෙන්න මේ ලිපිය කියවන්න.

අවම Withdraw කරන්න පුළුවන් අවම අගය?

Binary Options Trading තමන්ට ස්ථිර අදායම් මාර්ගයක් කර ගන්න බලාපොරොත්තු වෙන ඕනේම කෙනෙක් මේ ගැන සොයා බැලිය යුතුමයි. සාමාන්‍යයෙන් Neteller වගේ ක්‍රමයක් deposit කරන්න පාවිච්චි කලොත් withdraw කරන්න පුළුවන් අවම අගය $20ක් වෙනවා. මේ අගය brokerගෙන් brokerට වගේම payment method එකෙන් payment method එකටත් වෙනස් වෙනවා.

Withdraw කරන්න කොච්චර කාලයක් යනවාද?

Binary Options Trading වලට enter වෙන වැඩි දෙනෙක් minimum deposit එක වගේ දේවල් ගැන ලොකු අවධානයක් දුන්නාට අහන්නෙවත් නැති දෙයක් තමයි Withdrawals කරන්නේ කොහොමද? කොච්චර කාලයක් වැය වෙනවාද? වගේ දේවල්.
ඒ දවස් වල සාමාන්‍යයෙන් withdrawal request එකක් process කරන්න දවස් 14ක් විතර ගියා. ඒත් දැන් තියෙන තරඟකාරී පරිසරයත් එක්ක මේ time එක දැන් දවස් 2-3කට අඩුවෙලා.

Payout % කොහොමද?

Trade කරන asset එක, Trade කරන වෙලාව වගේ කරුණු රාශියක් මත රඳා පැවතුනත් සාමාන්‍යයෙන් 70% ඉඳන් 100% වෙනකල් මේ Payout % එක වෙනස් වෙන්න පුළුවන්.


Trade කරන්නට තියෙන Assets වර්ග?

සාමාන්‍යයෙන් Binary Options Trading වලදී අපි trade කරන්නේ Stocks, Commodities, Currencies සහ Indices.
හැම Broker කෙනෙක්ම හැම asset එකක්ම trade කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. ඔයාට trade කරන්න ඕනේ asset type එක ඔයා තෝර ගන්න බලාපොරොත්තු වෙන broker ළඟ තියෙනවද කියලා බැලීමත් ඉතාම වැදගත් දෙයක්.
මෙතනදී තවත් දෙයක් කියන්නට ඕනේ. Trade කරන්නට Assets වර්ග ගොඩක් තිබුනා කියලා broker කෙනෙක් හොඳ/නරක වෙන්නේ නැහැ. මොකද කවුරු කොහොම කිව්වත් අපි trade කරන කොට focus කරන්නේ financial instruments 2-3 යි.

Demo Trading කරන්න දෙනවද?

ඕනෙම කෙනෙක් කැමතියි real money deposit එකක් කරලා වැඩේට enter වෙන්න කලින් පොඩ්ඩක් broker platform එකේ වටයක් ගිහින් අතහුරු කරගන්නත්, trade එකක් enter කරන්නේ කොහොමද, deposits/withdrawals, Account History, Trade History එක වගේ දේවල් තියෙන්නේ කොතැනද කියලා බලාගන්නත්. ඒ වගේම තමයි trade එකක් 2ක් දාලා loss වෙන්නේ කොහොමද profit ගන්නේ කොහොමද කියලා දැන ගන්නත්.
ඒත් හැම broker කෙනෙක්ම demo accounts ලබා දෙන්නේ නැහැ.

බෝනස් බෝනස් බෝනස්

ගොඩක් Binary Options Brokersලා 100% Bonus දෙනවා. මාර සිරා.
ඒ කියන්නේ අලුතෙන් trading වලට enter වෙන කෙනෙකුට තමන් ළඟ තියෙන මුදල වගේ දෙගුණයක් market එකේ trade කරන්න chance එක තියෙනවා.
ඔහොම තමයි උඩින් පෙන්නේ. ඒත් මේ offers වල ඇතුලාන්තය ගැන දන ගන්න ඕනේ නම් Binary Options බෝනස් වල තිරය පිටුපස කතාව කියවන්න.

Binary Options ගැන වැඩිදුරටත් ඉගෙනගන්න අවස්ථා?

Binary Options Trading ගැන තව දුරටත් ඉගෙන ගන්න එක ඉතාම වැදගත් දෙයක්. ඔයා select කරන broker හරහා  Binary Options අධ්‍යාපනය ලබන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. IQOptions වගේ brokersලත් එක්ක ගනුදෙනු කරන අයට සුපිරි learning hubs වලට ඇතුළු වෙන්න අවස්ථාව තියෙනවා.

Real Facts About Binary Options Bonus In Sinhala

Real Facts About Binary Options Bonus In Sinhala




Binary Options Bonus වල තිරය පිටුපස කතාව


මේ කතාව Binary Options Bonus ගැනයි. ඕනේම කෙනෙක් කැමැතියි නේ Bonus ගන්න. ඔයත් කැමති ඇති ? Binary Options Brokersලත් හොඳ හොඳ Bonus දෙනවා. ඔයාගේ මුල් තැන්පතුවේ ප්‍රමාණයෙන් 100% දක්වා Bonus දෙන Brokers ලත් ඉන්නවා. මේ  Binary Options Bonus Offers  දෙන්නේ ඇයි? Bonus වල වාසි? Bonus ගන්නකොට හිතන්න ඕනේ දේවල්. Bonus ගන්නවාද? නැද්ද? Bonus ගන්නකොට අපි පරිස්සම් වෙන්නේ ඕනේ ඇයි? වගේ ප්‍රශ්න ගොඩකට මේ ලිපියෙන් පිළිතුරු දෙන්නට මම බලාපොරොත්තු වෙනවා.

Binary Options Brokersලා Bonus දෙන්නේ ඇයි ?

මේක පොඩි marketing trick එකක්. ඒ කියන්නේ ගනුදෙනුකරුවෙක්ව broker ලඟට ගෙන්න ගන්න පාවිච්චි කරන උපක්‍රමයක්. දැනටමත් trade කරන කෙනෙක් වුණත් 100%ක bonus දෙනවා කිව්වහම broker ව මාරු කරන්න ලොකු chance එකක් තියෙනවානේ.

Bonus නිසා අපිට ලැබෙන වාසි මොනවාද?

100% Bonus එකක් ලැබුණොත් ඔයාගේ දැන් තියෙන capital එකෙන් trade කරන ප්‍රමාණය වගේ දෙගුණයක ප්‍රමාණයකින් trade කරන්නට පුළුවන්. එතකොට ඔයාට දැනට ලබන ලාභ වගේ දෙගුණයක් ලාභ ලබන්නට පුළුවන්.

Bonus වල Terms & Conditions මොනවාද?

ඕනෑම Broker කෙනෙක් ගෙන් bonus ගන්න කලින් අනිවාර්යයෙන්ම Terms & Conditions කියවලා ඉන්න. හැම Bonus Offer එකක්ම එක වගේ නැහැ. ඒත් හැම Bonus Offer එකටම පොදු එක දෙයක් තියෙනවා.
කිසිම Broker කෙනෙක් නිකන් නම් Bonus දෙන්නේ නැහැ.
Bonus එක withdraw කරන්න නම් ඔබ සැපිරිය යුතු දේවල් set එකක් තියෙනවාමයි. ගොඩක් වෙලාවට ඒ ඔබ ගත්ත Bonus මුදල වගේ X ගුණයක Trade volume එකක් සම්පුර්ණ කිරීමේ අවශ්‍යතාවයක්.
උදා :
OlympTrade : Bonus මුදල මෙන් 50 ගුණයක් Trade කළ යුතුයි.

Bonus Offers වර්ග මොනවාද?

Bonus Offer එක ක්‍රියාත්මක වෙන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් Bonus Offers වර්ග 2ක් තියෙනවා.
  • අදාළ Trade Volume එක සම්පුර්ණ කල පසු Unlock වන Bonus Offers
  • මුලින් Bonus එක ලබා දී Trade Volume එක සම්පුර්ණ කිරීමට ඉඩ ලබා දෙන Bonus Offers

අදාළ Trade Volume එක සම්පුර්ණ කල පසු Unlock වන Bonus

මේ Bonus වර්ගයේදී මුලින් Trade කරන විට දෙගුණයක ප්‍රාග්ධනයක් ලැබෙන්නේ නැහැ. නමුත් අදාළ Trade Volume එක සම්පුර්ණ කල පසු ඔබට හිමි විය යුතු Bonus එක Unlock වෙනවා.
$300ක උපරිමයක් දක්වා ලබා දෙන MarketsWorld Bonus එක මේ සඳහා හොඳ උදාහරණයක්. OptionTrade වල $500 ක උපරිමයක් දක්වා ලබා දෙන Bonus එකත් මේ ආකාරයේම වුණාට අදාල Trade Volume එක සම්පුර්ණ වෙන්න කලින් ඔබ Withdrawal එකක් කළොත් ඒ Withdrawal එකේ අගයට අනුරූප අගයක් Bonus එකෙන් ඉවත් වෙනවා.
Binary Options Trade කරන්නට බලාපොරොත්තු වෙන ඔබට මම නිර්දේශ කරන්නේ මේ අදාළ Trade Volume එක සම්පුර්ණ කල පසු Unlock වන Bonus Offer වර්ගයයි.

මුලින් Bonus එක ලබා දී Trade Volume එක සම්පුර්ණ කිරීමට ඉඩ ලබා දෙන Bonus Offers

මේ තමයි ගොඩක්ම අවදානම් සහගත Bonus වර්ගය. OlympTrade එකේ තියෙන්නේ මේ Bonus Offer වර්ගයයි. Account එකක් Open කරලා පළවෙනි deposit එක කරපු ගමන්ම Bonus එක ලැබෙනවා. ටිකක් trade කරලා profits withdraw කරන්න ගියාම තමයි තරු පෙන්නේ.
මේ Bonus එක ගත්තාම පටන් ගත්ත දවසේ ඉඳන්ම ඔයාගේ දැන් Capital එක වගේ දෙගුණයකින් Trade කරන්න පුළුවන්. හැබැයි Bonus එක Withdraw කරන්න නම් ඔයාට ලැබුණ Bonus මුදල වගේ 50x ගුණයක් trade කරන්න ඕනේ. ඒ Trade Volume එක සම්පුර්ණ වෙන්න කලින් Withdrawal Request එකක් කළොත් Bonus එක වගේම මෙතෙක් ඔයා උපයපු Profits ඔක්කොමත් cancel වෙනවා.
මේ වගේ ලොකු Volume අවශ්‍යතාවයක් තියෙන නිසා මම OlympTrade එකේ Bonus ගන්න එක නම් නිර්දේශ කරන්නේ නැහැ.

Comparison Of Forex and Binary Options In Sinhala

Comparison Of Forex and Binary Options In Sinhala



වඩාත්ම හොඳ Forex ද? Binary Options ද?



Binary Options Trading,  OTC (Over-the-counter) trading system එකක් විදියට ගොඩක් කල් තිබුණාට වේගවත් දියුණුවක් අත් කරගත්තේ බොහොම මෑතකදීයි. මේ ක්ෂේත්‍රයේ දැනට Binary Options brokersලා 200ක් විතර ඉන්නවා.
Binary Options Trading අධි වේගයෙන් දියුණු වුණාට, Binary Options Trading වලට enter වෙද්දී මට තිබ්බ ලොකුම ප්‍රශ්න තමයි,
  • ඇයි මම Binary Options Trader කෙනෙක් වෙන්නේ…
  • මම දැනටමත් දන්න Forex Trading වලට වඩා මේකේ තියෙන්නේ මොනවාද?
  • Forex වලට වඩා Binary Options වලින් සල්ලි හොයන්න පුලුවන්ද?
  • Binary Options, Forex වලට වඩා සිරාද?
මේ ප්‍රශ්න ඔයාලටත් ඇති. ඉතින් මේ සටහන ලියවෙන්නේ ඒ ගැනයි.
Binary Options Trading වලදී වගේම Forex Trading වලදීත් වාසි අවාසි දෙකම තියෙනවා. මේ සටහන කියෙව්වම ඔයාට ඒ ගැන වඩා හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි.

සුළු Price Change එකකින් වුණත් වැඩි ප්‍රතිලාභයක්

මීට අවුරුදු 5-10 කට කලින් GBPUSD වගේ currency pair එකක් එක දවසකට pips 400ක් විතර move වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. ඒ දවස් වල liquidity එක අදට වඩා අඩු වීමත්, spread එක දැන් කාලෙට ගොඩක් වැඩි වීමත්, high frequency trading නැතිනම් churning systems දියුණු වෙලා නොතිබීමත් ඊට හේතු වෙන්න ඇති. ඒත් දැන් තත්වය ඊට හාත්පසින්ම වෙනස්. ඔයා markets වල trade කරලා හොඳට තෙම්පරාදු වෙච්ච කෙනෙක් නම් හොඳටම දන්නවා ඇති සාමාන්‍යයෙන් දවසකට pips 50-80ක් විතර trade වෙන EURUSD, GBPUSD වගේ ජනප්‍රිය trading pairs දවසකට pips 100ක් පනින්නේ ගොඩක් කලාතුරකින් මාසෙකට දවස් 2-3ක් බව.
ඉතින් මේ ප්‍රශ්නයට කියාපු විසඳුමක් Binary Options Trading වලින් ලබා දෙනවා. Market එකේ සිදුවෙන බොහොම පොඩි price change එකකින් වුණත් බොහොම පොඩි කාලයක් ඇතුලත අඩුම තරමින් 80%-85% තරම් වත් return එකක් ගන්න පුළුවන් වීම තමයි Binary Options Trading  වල තියෙන ප්‍රධානතම වාසිය.

උපරිම Risk එක වෙනස් වෙන්නේ නෑ

Binary Options Trading වලදී  ඊළඟට තියෙන ලොකුම වාසිය තමයි ඔයාට දරන්න වෙන උපරිම risk එක ස්ථිර අගයක් වීම. ඔයාගේ account එකේ කැපිටල් එකෙන් ඔයා එක trade එකකට ගන්න risk එක 1%යි නම් (මේක තමයි ඔයාගේ premium price එක වෙන්නේ.) ඔයා හොඳටම දන්නවා trade එක වැරදුණත් premium එකට වඩා loss එකක් නොවෙන බව. ඒ වගේම තමයි ගොඩක් Binary Options Brokersලා ඔයාගේ trades වල සමහර conditions සම්පුර්ණ වුණාට පස්සේ expiry period එකටත් කලින් trades adjust කරලා maximum risk එක අඩු කරගන්න අවස්ථාව ලබා දෙනවා. ඒත් Forex Trading වලදී risk එක ගණනය කරලා stop loss orders දාලා trade කලත් ඔයාගේ risk එක 100% fixed නැහැ. හදිස්සියේ slippage එකක්, gap එකක් එහෙම set වුනොත් ඔයාට සෑහෙන loss එකක් දරා ගන්න වෙනවා.

හැබැයි! හැම එකක්ම හැම තිස්සෙම නෑ

Binary Options Trading වලදී High/low options හැරුණහම අනිත් ගොඩක් options වර්ග trade කරන්න පුළුවන් වෙන්නේ දවසේ තෝරාගත් වෙලාවල් වලදී විතරයි. එහෙමත් නැතිනම් තෝරාගත් දවස් වලදී විතරයි. Broker තමයි ගොඩක් වෙලාවට strike price එක තෝරන්නේ. ඉතින් හදිසියේම market එකේ මොකක් හරි move එකක් ගැන ඔයාට ඉව වැටුණත් ඒ අදහසෙන් උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන් trade එකක් ඒ වෙලාවේ නොතිබෙන්න පුළුවන්. Forex වලදී නම් ඉතින් market එක open නම් අපිට ඕනේ දෙයක් කැමති වෙලාවක, කැමති තරමට trade කරන්න පුළුවන් නේ.

එක trade එකකින් විතරක් ගොඩ යන්න බෑ

Long Term Trend එකක් set වුණොත් Forex වලදී trailing stop එකක් දාලා පුළුවන් තරම් කාලයක් trend එකත් එක්ක ඉන්නත්, scale-in කර කර ඔයාගේ profit එක maximize කරන්නත්, carry trading කරන්නත් පුළුවන් වුනාට, Binary Options Trading වලදී තියෙන expiry period එක හින්දා ඒ වැඩේ ඒ විදියටම කරන්න බෑ. ඒ වුණාට ඕනේ තරම් වාරයක් in-out වෙවී trade කරන්න පුළුවන් නිසා ලැබෙන return එක maximize කරන්න පුළුවන්.

Stop Hunting නෑ

Binary Options Trading වලදී Stop Loss Orders භාවිතා කිරීමක් සිදු නොවෙන නිසා Stop Hunting ගැන බය වෙන්න ඕනේ දේකුත් නැහැ.

සැඟවුණු ගාස්තු නෑ

Brokerage Fees, Performance Fees, Spreads, Commissions වගේ Transaction Cost වලින් තොරව Binary Options Trading කරන්න පුළුවන් වීම.

Volatility Changes ගැන බය වෙන්න ඕනෙත් නෑ

News announcement එකක් වගේ හේතුවක් නිසා වෙන හදිසි volatility වෙනස්කම් නිසා ඔයාගේ trading plan එකට වෙන්න පුළුවන් හානිය ඉතා අවම මට්ටමක පැවතීමත් Binary Options Trading වල තියෙන විශේෂත්වයක්.

තව වාසි තියෙනවා…

Trade Errors අතිශයින්ම සීමා සහිත වීමත් Binary Options Trading වලදී තියෙනසැලකිය යුතු වාසියක්. ඒ වගේම භාවිතා වන platforms සියල්ල සම්පුර්ණයෙන්ම Online වීම නිසා internet connection එකක් ඇති ඕනෑම පරිගනකයකින්, කිසිම software එකක් download නොකර trade කළ හැකි වීමත් සඳහන් කල යුතුමයි.
Forex Accounts වලදී මෙන් කරදරයකින් තොරව, Binary Options Trading Account එක open කර, පළවෙනි deposit කරපු සැණින් trade කිරීම ආරම්භ කළ හැකිවීමත් ඉතා අවම capital එකකින් trade කිරීම ආරම්භ කළහැකි වීමත් Binary Options Trading වල තියෙන විශේෂතාවයන් විදියට හඳුන්වන්න පුළුවන්.

Leagal Points Of Binary Options Trading In Sinhala

Leagal Points Of Binary Options Trading In Sinhala



Binary Options Trading පිලිබඳ නීතිමය පසුබිම


ව්‍යාපාර ක්ෂේත්‍රයක් වශයෙන් 2008 දී විතර පටන් අරන් ටිකෙන් ටික දියුණු වෙලා අද තියෙන තත්වයට පත් වුණාට Binary Options Trading තවමත් තියෙන්නේ ළදරු අවධියක කියලා කියන්න පුළුවන්. ඒ නිසා මේ Industry එක නියාමනය සඳහා  නීති රෙගුලාසි නිර්මාණය වෙන්න පටන් ගත්තේ බොහොම මෑතකදීයි. සමහර සුවිශාල broker සමාගම් වලට කිසිම නියමනයකින් තොරව තවමත් ක්‍රියාත්මක වෙන්න ඉඩ ලැබිලා තියෙන්නෙත්  මේ නිසයි.
Forex Trading ක්ෂේත්‍රය ඇමරිකාවේ CFTC, NFA ඇතුළු තවත් බොහෝ රටවල් වල නියාමන ආයතන වල නීති රෙගුලාසි යටතේ නියාමනය වුණාට Binary Options Trading Industry එක නියාමනය කරන්නේ රටවල් කීපයක නියාමක ආයතන කීපයක් පමණයි. අපි බලමු ඒ මොනවාද කියලා.

දැනට ජනප්‍රිය නියාමක ආයතන

CySec

Binary Options Trading කියන්නේ Financial Instrument එකක් කියලා ලෝකයෙන්ම මුලින්ම පිළිගත්තේ සයිප්‍රසයේ විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාවයි. (Cyprus Securities and Exchange Commission). ඒ 2012 මාර්තු මාසයේදී. ඊට පස්සේ තමයි අනිත් නියමකයන්ගේත් ඇස් ඇරුණේ.

CFTC

දැනට ලෝකයේ සිටින විශාලතම Binary Options Broker වන Banc De Binary තමන්ගේ ලොව පුරා ව්‍යාප්ත ව්‍යාපාර ජාලය නියාමනය සඳහා ඇමරිකාවේ CFTC (Commodity Futures Trading Commission) එකෙන් අවසර ඉල්ලලා තිබෙනවා. ඉදිරියේදී අනිත් brokersලත් ඔවුන්ව අනුගමනය කරාවී.

JFSA

ලෝකයේ අනිත් නියාමක ආයතනත් මේ වන විට Binary Options Trading Industry එකේ සීග්‍ර දියුණුව දෙස දෑස් දල්වා බලා සිටිනවා. ඒ අතරින් ජපානයේ  Japanese Financial Services Authority ආයතනයත් ඉදිරියෙන්ම සිටිනවා. Binary Options Trading සඳහා දැනට විශාලතම වෙළඳපළ ජපානයයි.

MFSA

CySec එක ලබන ජාත්‍යන්තර පිළිගැනිම දකින මොල්ටාවේ Maltese Financial Services Authority (MFSA) එකත් මේ වන විට Binary Options Trading සඳහා නියාමන නීති සකසමින් සිටිනවා.

හැම Broker කෙනෙක්ම Regulated නැත්තේ ඇයි?

Broker කෙනෙකුට මේ වගේ නියාමන ආයතනයකින් license එකක් ලබා ගන්න එක මාරම කට්ටක්. ඉතා සුපරික්ෂාකාරීව සංකීර්ණ ක්‍රියාවලියක් හරහා මේ වගේ License එකක් ගන්න සාමාන්‍යයෙන් අවුරුදු 2-3ක් ගත වෙනවා. ඒ විතරක් නෙවෙයි, තුන්වැනි පන්තියේ අවසර පත්‍රයක් ලබා ගන්නත් “අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය” (Minimum Capital Requirement) යුරෝ 730,000ක්. ඉතින් හිතාගන්නකෝ පලවෙනි මට්ටමේ බලපත්‍රයක ගාණ.
ඒ වගේම තමයි License එකක් ගත්තට පස්සේ brokerට හිතුන හිතුන විදියට කටයුතු කරන්න බෑ. හැම ක්‍රියාවලියකටම standard procedure එකක් තියෙන්න ඕනේ. සරලව කිව්වොත් නියාමක ආයතනය කියන විදිහට ඉන්න ඕනේ. වැඩිය දඟලන්න බැහැ. දඟලන්න හැදුවොත් License එක අවලංගු වෙනවා.
මේකට හොඳම උදාහරණය තමයි ඇමරිකානු නීතිය මඟින් ඇමරිකන් ජාතිකයන්ට විදේශීය broker සමාගම් සමඟ ගනුදෙනු කිරීම අත් හිටවලා තියෙන නිසා දැනට නියාමනය වෙන broker සමාගම් වලට US Accounts අනුමත කරන්නේ නෑ. මේක නියාමන ආයතන මඟින් brokerගේ එදිනෙදා ක්‍රියාකාරකම් සඳහා කෙරුණ සෘජු බලපෑමක්.
ඒ නිසා US clientsලා විශාල ප්‍රමාණයක් සිටින broker සමාගම් තවමත් නියාමනයකින් තොරව ක්‍රියාත්මක වෙනවා.

ඔබ Account එකක් open කරන විට…

දැනට නියාමනය වන Binary Options Broker සමාගමක් සමඟ ගනුදෙනු කරන්න. එවැනි ආයතන වලින් කාර්යක්‍ෂම සහ ගුණාත්මක සේවාවක් (trade execution, profit withdrawal) අපේක්ෂා කළ හැකියි. වැරදීමකින් හරි ඔබට යම් අසාදාරණයක් සිදුවූවොත් සවන් දෙන්නට කෙනෙකු සිටීම තමයි හොඳම දේ.
ඊළඟට ඔබ Binary Options Broker කෙනෙක් තෝරා ගත යුත්තේ කෙසේද ලිපිය කියවලා Compare Binary Options Brokers මාර්ගයෙන් නිවැරදිව සසඳා බලා ඔබේ අවශ්‍යතාවයන්ට වඩාත් ගැලපෙන broker කෙනෙක් තෝරා ගන්න.

How To Earn Money From Binary Option

How To Earn Money From Binary Option




Binary Options Trading මඟින් මුදල් සොයන අයුරු?


මේ වෙනකොට ඔබ Binary Options Trader කෙනෙක් විය යුත්තේ ඇයි ?,  Options Trading ගැන හැඳින්වීමක් සහ Binary Options යනු? ලිපි කියවලා Binary Options Trading ක්‍රියාත්මක වෙන විදිය ගැන සරල අදහසක් ඇති. අපි ඒ ගැන පුංචි උදාහරණයකින් වැඩි දුරටත් හදාරමු.
හිතන්නකෝ, ඔයා බලාපොරොත්තු වෙනවා නම් දැන් 1.3800ට trade වෙන EUR/USD pair එක තව පැයකින් ඊට වඩා වැඩි අගයක trade වෙනවා කියලා.
ඔයාට පේනවා, ඔයාගේ Binary Options Broker offer කරන trading platform එකේ EUR/USD, පැයකින් expire වෙන 1.3800 strike price එක තියෙන option contract එකක payout ratio එක 80% බව. දෙතුන් වතාවක් charts එක්ක තර්ක කරන ඔයා අන්තිමට හිතනවා හරි මම trade එකකට enter වෙනවා කියලා. ඔයාට කරන්න තියෙන්නේ premium එක විදිහට ඔයාගේ account එකේ risk එකට ගැලපෙන අගයක් (100 USD) දීලා “Call” හරි “Up” හරි button එක press කරන එක විතරයි. මේක හරියටම forex වල දී  EURUSD buy කරනවා වගේම තමයි.

Trade එක expire වෙනකොට, (මේ උදාහරණයේ හැටියට හරියටම පැයකට පස්සේ.)
Trading Price එක Strike Price එකට වඩා වැඩියි නම්,
(in-the-money)
ඔයා ගොඩ!
ඔයාගේ profit එක,
$100 x 80% = $80
Trade එකෙන් ලැබෙන return එක,
$100 + $80 = $180

Trading Price එක Strike Price එකට වඩා අඩුයි නම්,
(out-of-the-money)
ඔයා loss! ඔයාගේ account balance එකෙන් premium එක (100 USD) අඩු වෙලා ඇති!
දැන් ඔයාට හොඳටම තේරෙනවා ඇති Binary Options Trading වලදී,
ඔයාගේ risk එක = premium price එක බව.
ඒ කියන්නේ ඔයා premium එක විදිහට set කරපු price එකට වඩා loss වෙන්න කිසිම විදිහක් නෑ.
Forex වලදී ඔයාගේ trade එකක් ඔයා හිතන පැත්තට නැතුව විරුද්ධ පැත්තට ගිහින් දිගෙන් දිගටම යන්න ගත්තොත්, ඔයාගේ loss එක වැඩි වේගෙන ගිහින් margin call එකකුත් ඇවිත් තමයි නතර වෙන්නේ. (Forex වලදී අපි stops පාවිච්චි කරන්නේ මේ තත්වය මඟ හැර ගන්නයි). Forex Trading වලට වඩා Binary Options Trading වල තියෙන ප්‍රධානතම වාසි අතරින් එකක් විදියට මේ risk එක premium price එකට limit වීම හඳුන්වන්න පුළුවන්.

Binary Options Trading වල Payout Ratios

මේ payout ratios ගණනය වෙන ස්ථිර formula එකක් නම් නැහැ. සාමාන්‍යයෙන් High/Low Options වලදී මේ payout ratio එක 65%-85% අතර වෙනස් වෙන්න පුළුවන්.

Payout Ratio එක රඳා පවතින සාධක.

1. ඔයාගේ Binary Options Broker
Binary Options Trading වලට මම මේ වෙනකොට ගොඩක් Brokers ල පාවිච්චි කරලා තියෙනවා. මුලින්ම IQOption ගිණුමක් තමයි විවෘත කලේ. දැනට මට Broker ගිණුම් විශාලා ප්‍රමාණයක් තිබුනට එදිනෙදා trading සඳහා පාවිච්චි කරන්නේ OptionFair සමාගම සහ Binary.com සමාගමයි. ඔබත් අදම නොමිලේ ලබා දෙන IQOption Demo Account එකක් විවෘත කරලා බලන්න.  
2. Trade කරන Asset එක
ගොඩක් වෙලාවට Currency Pairs වලට හිමි වෙන payout ratio එක 70%-80% අතර වෙනවා. ඒත් google, apple වගේ stocks වලට නම් payout ratio එක 200%-800% අතර වෙනවා.
3. ඔයා set කරන premium amount එක
සමහර brokersලා ඔයා enter කරන premium එක වැඩි නම් discount එකක් විදිහට payout ratio එක වැඩි කරනවා.
4. Instrument එකේ expiry period එක
ඔයා තෝරගන්න asset එකේ expiry period එක සති කීපයක් නම් payout ratio එක 60 second options වලට වඩා කොහොමත් වැඩියි.
5. ඔයා trade එකට enter වෙන Time එක
Liquidity අඩු වෙලාවක trade එකක් දැම්මොත් අඩු payout ratio එකක් තමයි ලැබෙන්නේ. සඳුදා උදේ පාන්දර, සිකුරාදා රාත්‍රියට trades නොදා ඉන්න තරමට ඇඟට ගුණයි.
කාලයත් එක්ක මේ දේවල් වෙනස් වෙනවා. Binary Options Trading ක්ෂේත්‍රය එන්න එන්නම තරඟකාරී වෙනවත් එක්කම මේ payout ratios ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා.

Open Your Trading Account

What Is OlympTrade In Sinhala

What Is OlympTrade In Sinhala



Options Trading ගැන හැඳින්වීමක්


ගොඩක් කාලෙක ඉඳන් මට ඕනේ වෙලා තිබුණා Binary Options Trading ගැන post series එකක් ලියන්න. දැන් තමයි ඒකට වෙලාවක් set වුණේ. Binary Options ගැන දැන ගන්න කලින් මොකද්ද මේ Options Trading කියන්නේ, Options Trading කරන්නේ කොහොමද කියන එක දැනගන්න එක ගොඩාක් වැදගත්.
Options කියලා කියන්නේ Stocks, Bonds, Indices, Commodities වගේම ලෝකේ ඕනෑම Market එකක සම්ප්‍රදායිකව Trade වෙන Trading Instrument එකක්. හැබැයි හැමෝම දන්න කොටස් (Stocks) වලට වඩා Options පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් ඕනෑම option එකකට expiry date එකක්, expiration time එකක් තියෙනවා. Stock එකක් ගත්තොත් ඉතින් ඔයාට ඕනෙම නම් පරම්පරා ගානක් වුනත් තියාගන්න පුළුවන්නේ. මෙතැනදී වෙන්නේ අනාගත දිනයක, කලින් කතා කරගත්ත price එකකට (Strike Price) අදාල asset එක buy/sell ක රන්න ලැබෙන වරමක් වගේ දෙයක්. ඔයාට කැමති නම් විතරක් Buy/Sell order එකක් දාලා enter වෙන්න පුළුවන් නිසා තමයි මේවට options කියල කියන්නේ. ලංකාවේ stock market එකේ trade වෙන warrants කියලා කියන්නෙත් එක්තරා විදියක options ජාතියක්.
මුලික වශයෙන් options වර්ග 2 ක් තියෙනවා.
  1. Call Options
  2. Put Options

Call Options


මෙතනදී Option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක වැඩියි නම් ඔයා ගොඩ. Options Trading වලදී මේ කලින් කතාකරගත්ත Price එකට කියන්නේ Strike Price එක කියලා. Call Option එකක් buy කරනකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ expire වෙන වෙලාව වෙද්දී අදාල asset එකේ price එක strike price එකට වඩා වැඩි වෙයි කියලා.

Put Options


Call Option වල ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි මෙතැනදී වෙන්නේ. ඒ කියන්නේ call option එකක් තෝරාගන්න කොට ඔයා expect කරන්නේ expiry time එක වෙද්දි strike price එකට වඩා අදාල asset එකේ price එක අඩු වෙයි කියලයි. මෙතනදී option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක අඩුයි නම් ඔයා ගොඩ.

එතකොට Premium එක කියන්නේ මොකද්ද?

Put /Call Option එකක් ගන්න price එකට කියන්නේ premium එක කියලයි. හිතන්නකෝ ඔයා Call Option එකක් Buy කළා කියලා. එතකොට මේ premium එක තමයි ඔයාගේ risk එක. ඒ කියන්නේ ඔයාට loss වෙන්න පුළුවන් උපරිම ගණන තමයි මේ premium එක.

Options Trading වලදී profit ලැබෙන්නේ කොහොමද?

Call Options වලදී නම්, අදාල Options Contract එක expire වෙනකොට, ඔයාගේ asset එකේ trading price එක (නැතිනම් current market price එක) Strike Price එකට වඩා වැඩි වෙලා තියෙන ප්‍රමාණයෙන් premium price එක අඩු කලාම එන උත්තරය තමයි ඔයාගේ profit එක. මේකෙම අනිත් පැත්ත තමයි put options වලදී වෙන්නේ.
පොඩ්ඩක් අවුල් වගේ නම් ඉතිරි ටිකත් කියවන්නකෝ. අපි උදාහරණයකින් මේ options trading කතාන්දරය පැහැදිලි කර ගනිමු.
හිතන්නකෝ ඔයාට අනාගත ආයෝජනයක් විදියට ඉඩමක් ගන්න ඕනේ. ඉඩමේ වටිනාකම ලක්ෂ 10 යි. ඔයා හිතනවා තව අවුරුද්දකින් ඒ ඉඩමේ වටිනාකම ලක්ෂ 12ක් වෙනවා කියලා. ඒත් ඔයාට ජීවිතේ තවත් වැඩ තියෙනවනේ කරන්න. ලක්ෂ 10ක් අවුරුද්දකට හිර කරන්න වෙන එක ඉතින් පොඩ්ඩක් නෙවෙයි, ගොඩක් අවුල් නේ. Business line එකේ ඉන්න ඕනෙම කෙනෙක් දන්නවනේ Cash is the King කියලා.
ඉතින් මෙන්න මේ ඉඩමේ අයිතිකාරයා ඔයාට දෙනවා පට්ට offer එකක්. ඔයා 10000/= ක premium price එකක් ගෙවලා ඌත් එක්ක contract එකක් වගේ එකකට ආවොත් ඌ කැමතියි ඔයාට ලක්ෂ 10කට (strike price) තව අවුරුද්දකින් ඉඩම දෙන්න. ඉඩමේ වටිනාකම වැඩි වෙනවා කියල පට්ට sure නම් එහෙම chance එකක් අවොත් ඉතින් ඔයා කීයටවත් miss කරන්නේ නෑනේ. අනිවා 10,000/= ගෙවලා වැඩේට කැමති වෙනවනේ.
හිතන්නන්කෝ තව අවුරුද්දකින් ඉඩමේ වටිනාකම ලක්ෂ 12ක් වුණා කියලා.
එතකොට ඔයාට කරන්න තියෙන්නේ ලක්ෂ 10ක් ඉඩමේ අයිතිකාරයට ගෙවලා ඉඩමේ අයිතිය ඔයාගේ නමට ගන්න එක. මේක ඉඩමක සීන් එකක් හින්දා, ඉඩමේ දැන් වටිනාකමෙන් මුලින් ගෙවපු 10000යි (premium price) ඉඩම මිලදී ගැනීමට ගිය ලක්ෂ 10යි (strike price) අඩු කලහම එන මුදල තමයි මේ deal එකෙන් ඔයාගේ unrealized profit එක වෙන්නේ.
ඒත් මොකක් හරි අවුලක් වෙලා අවුරුද්දකට පස්සේ ඉඩමේ වටිනාකම ලක්ෂ 8ක් වුණොත්,
ඉඩමේ වටිනාකම අඩු වෙච්ච නිසා දැන් ඉතින් ඔයාට කොහොමටවත් ඒ ඉඩම ගන්න ඕනේ නෑනේ. ඒ නිසා ඔයා options contract එක exercise කරන්න හිතන්නේවත් නෑ. ඔයාට නැති වෙන්නේ අර මුලින් ගෙවපු Premium price එක වෙච්ච 10 000/= විතරයි.
දැන් ඔයාට තේරෙනවනේ options trading කියන්නේ, ඔයාගේ තියෙන investment/trade ideas ලොවෙත් අඩු risk එකක් අරගෙන සෙල්ලම් කරන්න තියෙන Business Opportunity එකක්.

What Is Binary Options Trading In Sinhala

What Is Binary Options Trading In Sinhala


Options Trading ගැන හැඳින්වීමක්


 Binary Options ගැන දැන ගන්න කලින් මොකද්ද මේ Options Trading කියන්නේ, Options Trading කරන්නේ කොහොමද කියන එක දැනගන්න එක ගොඩාක් වැදගත්.
Options කියලා කියන්නේ Stocks, Bonds, Indices, Commodities වගේම ලෝකේ ඕනෑම Market එකක සම්ප්‍රදායිකව Trade වෙන Trading Instrument එකක්. හැබැයි හැමෝම දන්න කොටස් (Stocks) වලට වඩා Options පොඩ්ඩක් වෙනස්. සාමාන්‍යයෙන් ඕනෑම option එකකට expiry date එකක්, expiration time එකක් තියෙනවා. Stock එකක් ගත්තොත් ඉතින් ඔයාට ඕනෙම නම් පරම්පරා ගානක් වුනත් තියාගන්න පුළුවන්නේ. මෙතැනදී වෙන්නේ අනාගත දිනයක, කලින් කතා කරගත්ත price එකකට (Strike Price) අදාල asset එක buy/sell ක රන්න ලැබෙන වරමක් වගේ දෙයක්. ඔයාට කැමති නම් විතරක් Buy/Sell order එකක් දාලා enter වෙන්න පුළුවන් නිසා තමයි මේවට options කියල කියන්නේ. ලංකාවේ stock market එකේ trade වෙන warrants කියලා කියන්නෙත් එක්තරා විදියක options ජාතියක්.
මුලික වශයෙන් options වර්ග 2 ක් තියෙනවා.
  1. Call Options
  2. Put Options

Call Options


මෙතනදී Option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක වැඩියි නම් ඔයා ගොඩ. Options Trading වලදී මේ කලින් කතාකරගත්ත Price එකට කියන්නේ Strike Price එක කියලා. Call Option එකක් buy කරනකොට ඔයා බලාපොරොත්තු වෙන්නේ expire වෙන වෙලාව වෙද්දී අදාල asset එකේ price එක strike price එකට වඩා වැඩි වෙයි කියලා.

Put Options


Call Option වල ක්‍රියාවලියේ අනිත් පැත්ත තමයි මෙතැනදී වෙන්නේ. ඒ කියන්නේ call option එකක් තෝරාගන්න කොට ඔයා expect කරන්නේ expiry time එක වෙද්දි strike price එකට වඩා අදාල asset එකේ price එක අඩු වෙයි කියලයි. මෙතනදී option එකක් expire වෙනකොට කලින් කතා කරගත්ත price එකට වඩා trading price එක අඩුයි නම් ඔයා ගොඩ.

එතකොට Premium එක කියන්නේ මොකද්ද?

Put /Call Option එකක් ගන්න price එකට කියන්නේ premium එක කියලයි. හිතන්නකෝ ඔයා Call Option එකක් Buy කළා කියලා. එතකොට මේ premium එක තමයි ඔයාගේ risk එක. ඒ කියන්නේ ඔයාට loss වෙන්න පුළුවන් උපරිම ගණන තමයි මේ premium එක.

Options Trading වලදී profit ලැබෙන්නේ කොහොමද?

Call Options වලදී නම්, අදාල Options Contract එක expire වෙනකොට, ඔයාගේ asset එකේ trading price එක (නැතිනම් current market price එක) Strike Price එකට වඩා වැඩි වෙලා තියෙන ප්‍රමාණයෙන් premium price එක අඩු කලාම එන උත්තරය තමයි ඔයාගේ profit එක. මේකෙම අනිත් පැත්ත තමයි put options වලදී වෙන්නේ.
පොඩ්ඩක් අවුල් වගේ නම් ඉතිරි ටිකත් කියවන්නකෝ. අපි උදාහරණයකින් මේ options trading කතාන්දරය පැහැදිලි කර ගනිමු.
හිතන්නකෝ ඔයාට අනාගත ආයෝජනයක් විදියට ඉඩමක් ගන්න ඕනේ. ඉඩමේ වටිනාකම ලක්ෂ 10 යි. ඔයා හිතනවා තව අවුරුද්දකින් ඒ ඉඩමේ වටිනාකම ලක්ෂ 12ක් වෙනවා කියලා. ඒත් ඔයාට ජීවිතේ තවත් වැඩ තියෙනවනේ කරන්න. ලක්ෂ 10ක් අවුරුද්දකට හිර කරන්න වෙන එක ඉතින් පොඩ්ඩක් නෙවෙයි, ගොඩක් අවුල් නේ. Business line එකේ ඉන්න ඕනෙම කෙනෙක් දන්නවනේ Cash is the King කියලා.
ඉතින් මෙන්න මේ ඉඩමේ අයිතිකාරයා ඔයාට දෙනවා පට්ට offer එකක්. ඔයා 10000/= ක premium price එකක් ගෙවලා ඌත් එක්ක contract එකක් වගේ එකකට ආවොත් ඌ කැමතියි ඔයාට ලක්ෂ 10කට (strike price) තව අවුරුද්දකින් ඉඩම දෙන්න. ඉඩමේ වටිනාකම වැඩි වෙනවා කියල පට්ට sure නම් එහෙම chance එකක් අවොත් ඉතින් ඔයා කීයටවත් miss කරන්නේ නෑනේ. අනිවා 10,000/= ගෙවලා වැඩේට කැමති වෙනවනේ.
හිතන්නන්කෝ තව අවුරුද්දකින් ඉඩමේ වටිනාකම ලක්ෂ 12ක් වුණා කියලා.
එතකොට ඔයාට කරන්න තියෙන්නේ ලක්ෂ 10ක් ඉඩමේ අයිතිකාරයට ගෙවලා ඉඩමේ අයිතිය ඔයාගේ නමට ගන්න එක. මේක ඉඩමක සීන් එකක් හින්දා, ඉඩමේ දැන් වටිනාකමෙන් මුලින් ගෙවපු 10000යි (premium price) ඉඩම මිලදී ගැනීමට ගිය ලක්ෂ 10යි (strike price) අඩු කලහම එන මුදල තමයි මේ deal එකෙන් ඔයාගේ unrealized profit එක වෙන්නේ.
ඒත් මොකක් හරි අවුලක් වෙලා අවුරුද්දකට පස්සේ ඉඩමේ වටිනාකම ලක්ෂ 8ක් වුණොත්,
ඉඩමේ වටිනාකම අඩු වෙච්ච නිසා දැන් ඉතින් ඔයාට කොහොමටවත් ඒ ඉඩම ගන්න ඕනේ නෑනේ. ඒ නිසා ඔයා options contract එක exercise කරන්න හිතන්නේවත් නෑ. ඔයාට නැති වෙන්නේ අර මුලින් ගෙවපු Premium price එක වෙච්ච 10 000/= විතරයි.
දැන් ඔයාට තේරෙනවනේ options trading කියන්නේ, ඔයාගේ තියෙන investment/trade ideas ලොවෙත් අඩු risk එකක් අරගෙන සෙල්ලම් කරන්න තියෙන Business Opportunity එකක්.