1st Step to Binary In Sinhala - සියල්ලට පෙර මෙය කියවන්න.

Binary.lk වෙත ඔබ සාදරයෙන් පිළිගනිමි.Binary Option Trading යනු ඉක්මනින් සල්ලි හොයන පහසුම මාර්ගය කියා සිතාගෙන ඔබ පැමිනියා විය හැකියි? ඇත්ත! එය හරි....නමුත් ඉතා අවදානම් ක්‍රමයකි.පළමුවෙන්ම ඔබට කිවයුතු කාරණය නම් තමන්ට තමන්ගේ හිත පාලනය කරගත නොහැකිනම් Binary Trade කරන්න එපා! තන්හාව සම්පුර්ණයෙන් නැතිකර කර යුතු වේ.

තවද Binary.lk මගින් ඔබට Binary Option Trading ගැන සියළුම දේ කියා දෙන අතර එය ඔබට 100% ක් ම නොමිලේ ලැබේ.එවගේම අප හරහා Account සාදා ගන්නා අයට අප්ගේ Indicator,Signals,FaceBook Group සාමාජිකත්වය නොමිලේම හිමිවේ.Binary Trading Real Account සාදා ගැනීමට ඔබෙන් අප කිසිම මුදලක් අය නොකරන අතර එය ඔබගේම Trading Account එක වේ. ඔබ සල්ලි Deposit කරන්නේ ඔබගේම Account එකට වේ.මෙය ඔබ ඔබගේ Savings Account එකට සල්ලි Deposit කලහා සමානය.

 මෙම Trading Account එකේ ඔබ දමන සියළුම Trade වලට ඔබ 100% වගකිවයුතු වේ.අප කරන්නේ නිවැරදි  ඉගැන්වීම හා මග කියාදීමයි.මේ ලෝකයේ කාටවත් Currency Market එක පිලිබඳ 100% නිවැරදි අනාවැකි කිව නොහැකි බව තේරුම් ගන්න. අපගේ ලිපි සියල්ල කියවා නිවැරදි අවබෝධයෙන් Trade කරන්න එවිට ඔබට ලක්ෂ ගනන් මුදල් සෙවිය හැකිය.

තවද තැන තැන ගොස් නොයෙකුත් Indicator,Signal Group වලට සම්බන්ධවී අසාර්ථක වුවෙකු නම් අප හා සම්බන්ධ නොවන්න.අපට ඕනැකරන්නේ අලුතින්ම නිවැරදි ලෙස Trade කරන පිරිසක් බිහි කිරීමටයි

Do Not Listen To Your Binary Option Account Manager In Sinhala

Do Not Listen To Your Binary Option Account Manager In Sinhala





ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි?


ඔබගේ Binary Options Broker විසින් ලබාදෙන ආයෝජන උපදේශක හෝ ඔබගේ ගිණුම් කළමනාකරුගේ උපදෙස් පිලිපැදීමෙන් වැළකිය යුත්තේ ඇයි කියන එක ගැන තමයි මේ ලිපියෙන් සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙන්නේ.

Binary Options Broker සමාගම් වල ප්‍රධාන පරමාර්ථය මොකද්ද?

“හැකි තරම් ලාභ ලැබීම”

ගිණුම් කළමනාකරු ගේ ප්‍රධාන පරමාර්ථය මොකද්ද?

“තමන්ගේ සමාගමට වැඩිම ලාභයක් උපයා දීම තුලින් තමන්ට හැකි උපරිම කොමිස් මුදලක් උපයා ගැනීම.”
මම හිතනවා ඔබ මේ වන විට මේ ලිපියත් කියවලා ඇති කියලා…

ඉතින්… ඔවුන් හැමතිස්සෙම හිතන්නේ තමන් ගැන මිසක් අපි ගැන නෙවෙයි ඒ නිසා අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වට අහු වෙන්නට නම් එපා.
  • නිතර එවන Emails වලට ප්‍රතිචාර දක්වන්න යන්න එපා.
  • Call කරලා ඔයාලව මුරුංගා අත්තේ තියන වෙලාවට සද්ද නැතුව අහගෙන ඉඳලා shape එකේ මාරු වෙන්න.
  • Risk Free Trades , ලොකු Bonus , Signals , Copy Trades අනන් මනන් ලස්සන වචන වලට රැවටෙන්නට එපා.
ඒ හැම එකක්ම තියෙන්නේ broker firm එකේ වාසියට මිසක් අපේ වාසියට නෙවෙයි.
ඒ වගේම සමහර broker සමාගම් වල වැඩ කරන නරක Account Managers ලා ඔයාලගේ Credit/Debit Cards වල CVV numbers ඉල්ලලා ඔබේ අවසරයකින් තොරව ඔබේ Binary Options ගිණුම් වලට මුදල් හුවමාරු කරන්න උත්සහ කරපු අවස්ථා කීපයකුත් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක CVV අංක නම් දෙන්න යන්න එපා. Neteller වගේ සේවාවක සහය ලබා ගැනීමෙන් ඔබේ Credit/Debit Cards පිළිබඳ තොරතුරු Broker සමාගමට නොදී ආරක්ෂා කරගන්නට පුලුවන්.
Binary Options Traders ලා විදිහට අපේ ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ හැකි තරම් ලාභ ලැබීම මිසක් එක එක features පස්සේ දුවන එක නෙවෙයි.
Binary Options වලින් හැකි තරම් ලාභ ලබන්නට නම්, ඔබේ සාර්ථකත්වය (win Rate) එක උපරිම මට්ටමක පවත්වා ගත යුතු වෙනවා ඒ වගේම තමයි අවදානම කළමනාකරණයත්, ඔබේ මනස නිවැරදි state එකක පවත්වා ගැනීමත්…ඉතාම වැදගත්.
Franco වගේ Binary Options Trading Signal සේවයක සහය ලබා ගෙන , OlymTrade වගේ Broker සමාගමක Trade කරනවා නම් ඔබට ඔබේ මූල්‍ය ඉලක්ක වලට බොහොම ඉක්මනින් ලඟා වෙන්නට පුළුවනි.

Why Verify Your Binary Option Trading Account Sinhala Lesson

Why Verify Your Binary Option Trading Account Sinhala Lesson

මෙහෙම Verify කරන්න ඕනේ ඇයි?

කළු සල්ලි සුදු කිරීම (Money Laundering) සහ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් සැපයීම වැනි දේවල් වළක්වන්න 2001 දී ඇමරිකා එක්සත් ජනපදයේ “American Patriot Act” කියලා පනතක් සම්මත වුණා. මේ පනත නිසා තමයි දැනට නියාමනය වන Binary Options Brokersලාට තමන්ගේ ගිණුම් තොරතුරු verify නොකළ clientsලාගෙන් තැන්පතු ලබා ගන්න බැරි.

මම trading පටන් ගත්ත දවස් වල සමහර නරක brokersලා මේ නිතිය තමන්ගේ වාසියට හරවා ගෙන විශාල වශයෙන් clientsලව රවට්ටලා මිලියන ගණන් ලාභ ලැබුවා. ඒ අය ඒක කළේ මෙහෙමයි…

මුලින්ම තමන් ලඟට එන ගනුදෙනුකරුවන්ගේ ගිණුම් වල තොරතුරු verify කර ගන්නේ නැතුව deposit කරන්න දෙනවා. ඊට පස්සේ trade කරන්නත් දෙනවා. මේ verification ක්‍රියාවලි, ඒකට ඕනේ documents ගැන කිසිම සඳහනක් කරන්නේ නැහැ.  ඕනෙම කෙනෙකුට සල්ලි තියෙනවා නම් deposit කරලා trade කරන්න පුළුවන්. හරිම සරලයි.
මේ අය ළඟ deposit කරන ගනුදෙනුකරුවන්ට තරු පෙන්නේ withdrawal එකක් කරගන්න ගියාමයි. පළවෙනියටම කරන්නේ clientගේ withdrawal request එක hold කරන එක. Request එක කරපු කෙනා දවස් 2-3ක් ඉඳලා customer service එකට email එකක් යවලා හරි call එකක් දීලා හරි මේ ගැන ඇහුවහම මොකක් හරි බොරුවක් කියලා මඟ හරිනවා. Client පස්සෙන් එන කොට ටික දවසකින් මෙන්න මෙහෙම act එකක් තියෙනවා. ඒක අනුව මේ account එක සැකයි අපි මේ ගැන පරීක්ෂණයක් කරන්න අදාළ U.S. Department එකට දාලයි තියෙන්නේ. ඔහොම ඔහොම එක එක බොරු කිය කිය client ව රවට්ටනවා. අන්තිමට account එකේ Trading Profits තියා අඩුම ගානේ දාපු සල්ලි ටිකවත් Withdraw කරන්න ලැබෙන්නේ නැහැ.

ඔය වගේ cases සෑහෙන ගණනක් 2010-2011 කාලේ වාර්තා වුණා. දැන් නම් එහෙම දේවල් අහන්නට ලැබෙන්නේ නැහැ. ඕනෙම නියාමනය වෙන Broker කෙනෙක් ළඟ ගිණුමක් විවෘත කරනකොට verify නොකර නම් deposit කරන්න, real money trade කරන්න දෙන්නේ නැහැ.

ඒ නිසා ඔබ Binary Options Trading ගිණුමක් විවෘත කරනකොට මේ ලිපිය කියවලා හොඳ Broker කෙනෙක් තෝරාගන්න කොට සලකලා බලන්න ඕනේ දේවල් ගැන දැන ගෙන Binary Options Brokersලාව සංසන්දනය කරලා බලලා ඔබට වඩාත් හොඳින් ගැලපෙන සමාගමක් තෝරාගෙන Neteller හරහා මුදල් තැන්පත් කරන්නට කලින් අනිවාර්යයෙන්ම ඔබේ Binary Options Trading ගිණුම Verify කරගෙන ඉන්න.


How To Minimize Losses In Binary Options Trading In Sinhala

How To Minimize Losses In Binary Options Trading In Sinhala
එදිනෙදා Binary Options Trading කරන ඔබට දවසකට Losing Trade එකකට දෙකකට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්නට සිදු වෙනවාමයි නේ. ඒකෙ කිසිම වැරැද්දක් නැහැ. මේ ලෝකේ කිසිම 100%ක් සාර්ථකව trade කරන්න පුළුවන් විදිහේ Trading System එකක් තවම හොයාගෙනවත් නැහැ. ඒත් මම අද හඳුන්වාදෙන ක්‍රමය පාවිච්චි කරලා ඔබට වරින් වර මුහුණ දෙන්නට සිදුවන Losing Trades වල අලාභ අවම කර ගන්නට පුළුවනි.
බැලු බැල්මට එතරම් දෙයක් නැති වග තේරුණත් නිකරුණේ කලබල වුණොත් මේ ක්‍රමය භාවිතයේදී ඔබේ අලාභය දෙගුණ වන්නටත් පුළුවන්. ඒ නිසා මෙය බොහොම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනේ.

ඔබේ වෙළඳපළ විශ්ලේෂණ ක්‍රමවේදයට අනුව යම් Trade එකකට එළඹුණු සැණින්, ඔබට වැරදුණු බවත් අදාළ asset එකේ අගය ඔබ අපේක්ෂා කළ දෙසට විරුද්ධ යන බවත් වැටහුණු වහාම… කලින් trade එක දැමු දිසාවට ප්‍රතිවිරුද්ධ අතට එම ප්‍රමානයේම trade එකක් විවෘත කරන්න.

මේ කතාව තේරුණා නම්, මේ අවස්ථාවේදී එකම trading instrument එකකට Call සහ Put Order දෙකක් ක්‍රියාත්මක වෙනවා.

එතකොට Expiry එකෙන් පස්සේ මේ trade 2න් එකයි නේ හරි යන්නේ.
එකක් loss. අනික profit.

ඔබ එක trade එකකට $100 ක් අවදානමට ලක් කරනවා කියලා උපකල්පනය කළොත්.
Trade 2ම සඳහා අපේ මුළු investment එක හෝ (premium එක) හෝ  risk කරන මුදල = 2 x $100 = $200 යි

profit trade එකෙන් අපිට ලැබෙන return එක (payout එක 85% නම්)  = $185
loss වෙන trade එකෙන් අපිට ලැබෙන return එක = $0 නේ
එතකොට ඔයාගේ return එක = $185
investment එක = $200 යි
.
ආදායම – ආයෝජනය = ප්‍රතිලාභය
$185 – 200 = -$15

ඒ කියන්නේ මේ ගනුදෙනු 2න් ඔයාට $15 ක අලාභයක් තමයි තියෙන්නේ.
තේරුණා නේද?

අපි මේ විදියට ක්‍රියා කරපු නිසා $100 ක අලාභයක් $15කට අඩු කරගෙන තියෙනවා.
මේ වගේ Binary Options Trading කරන ඔබට එදිනෙදා trade කරන්න වඩාත්ම වැදගත් වන Tricks ඇතුළත් ලිපි පෙළක් ඔබ දැන සිටිය යුතුම Binary Options Trading රහස් ඔස්සේ හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා.
මේ කියවන ඔබ තවමත් Binary Options Trading ගිණුමක් විවෘත කරලා නැතිනම් අදම නොමිලේ පිරිනැමෙන Demo Trading Account එකක් විවෘත කරගන්න.

Binary Options Trading Roules In Sinhala

Binary Options Trading Roules In Sinhala
කවුරු කොහොම කිව්වත් එදිනෙදා Binary Options Trading කරනකොට ඇති වෙන මානසික ආතතීන්ගෙන් අත්මිදෙන එක නම් එච්චර ලේසි පහසු දෙයක් නෙවෙයි. වෘත්තියමය Binary Options Trader කෙනෙක් විදිහට ධනාත්මක මනසක් ගොඩ නඟා ගැනීම තරමක කාලයක් ගතවෙන ක්‍රියාවලියක්. ඒ වගේම ඒ සඳහා ඔබ වැඩි අවධානයක් ද දැක්විය යුතු වෙනවා. කාලයත් සමඟ ඔබේ අද්දැකීම් මත තමයි එය සිදුවන්නේ. ඒත් මේ වගේ අහිතකර මානසික තත්වයන් මඟ හරවා ගන්නේ නැතුව නම් Binary Options Trader කෙනෙක් විදිහට ඔබට දිගු කාලීන සාර්ථකත්වයක් ලඟා කරගන්න බැහැ.
Binary Options Trading කරන ඔබට ඇතිවෙන ඇතැම් අහිතකර මානසික තත්වයන්ගෙන් අත් මිදීමට ඔබට මේ ලිපිය ඉවහල් වේවි.

මුදලට Trade කරන්න එපා

“මුදල්” කියන කාරණය අමතක කරන්න. හැමවිටම මුදල් වලට වඩා ඔබේ Trading Strategy එකට, ඔබ trade කරන ක්‍රමවේදයට අවධානය යොමු කරන්න. මෙලෙස ක්‍රියා කරන විටදී බය සහ තණ්හාව (මුදලට ඇති ආසාව, කෑදරකම ) කියන දෙකෙන් අත් මිදෙන්නට පුළුවන්. මේ තියෙන්නේ මම බොහොම මහන්සියෙන් හරි හම්බ කරපු මුදල් කියන දේ ගැන Trade කරන හැම වෙලාවකම හිත හිත හිටියොත් කිසිම දවසක ඔබේ Trading Plan එක නිවැරදිව ක්‍රියාත්මක කරන්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හැමවිටම Binary Options Trading වලින් ඔබ ලබන ලාභ අලාභ ගණන් කර කර ඉන්නවාට වඩා ඔබේ trading strategy එක වැඩි දියුණු කරන්න අවධානය යොමු කරන එක ඉතාමත් වැදගත්.

හැමවිටම Trading Goal එකක් තබා ගන්න.

සෑම සාර්ථක Binary Options Trader කෙනෙක් සතුවම පැහැදිලි ඉලක්කයක් සහ එම ඉලක්කය වෙත ලඟා වීම සඳහා සැලසුමක් තිබිය යුතුයි. බොහෝ අවස්ථා වලදී Traders ලා තම සාර්ථකත්වය වෙනුවෙන් Goal එකක් තබාගත්තත් විවිධාකාරයේ අහිතකර මානසික තත්වයන්ගේ බලපෑම් නිසා තමන්ගේ ම සැලසුම ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔබට ඔබේ Trading Plan එක ක්‍රියාත්මක කිරීමට ආත්ම විස්වාසයක් තිබිය යුතුයි.

යථාර්ථවාදී වෙන්න

Binary Options Trading වලට යොමු වෙන නවකයන් බොහෝ දෙනෙක් හිතන්නේ Binary Options කියන්නේ සුළු කාලයක් තුල අවම වෙහෙසක් දරා හිතාගන්නවත් බැරි තරමේ සුවිශාල ලාභ ලැබිය හැකි ක්‍රමවේදයක් කියලයි. මෙය ප්‍රායෝගිකත්වයෙන් ඔබ්බට ගිය සිතිවිල්ලක්. ඒ නිසා ඔබ ප්‍රායෝගික, ලඟා කරගත හැකි ඉලක්කයක් තබා ගන්න. මේ මඟින් ඔබට ඇතැම් මානසිකව අහිතකර තත්වයන්ගෙන් ඇත මිදෙන්නට පුළුවන්.

ඔබ විසින්ම ඔබ කවුදැයි හඳුනාගන්න.

ඔබ, ඔබ කවුරුන්දැයි දැන ගැනීමත් Binary Options Trading වලදී ඉතාම වැදගත් වෙනවා. ඔබේ පෞර්ෂත්වය සහ මනස ගැන ඔබට පැහැදිලි අවබෝධයක් තිබේ නම් අහිතකර මානසික තත්ත්වයන්ගෙන් අත් මිදෙන්නට ඔබට සුවිශාල කාර්යභාරයක් කළ හැකියි. ඒ ඔස්සේ ඔබේ සිතුවිලි ධනාත්මක අයුරින් හැඩ ගස්වා ගැනීමට ඔබට හැකි වේවි.

දෙගිඩියාවෙන් යුතු අවස්ථා වල Trade කරන්න එපා

Binary Options Trade කරන ඔබ යම් සලකන ලද මොහොතකදී කරන්නේ කුමක්ද කියන දේ ගැන ඔබටම විස්වාසයක් තිබිය යුතුයි. එසේ නොමැති නම් බිය, චකිතිය සහ තණ්හාව කියන බලවේගයන්ට ඔබ බොහොම පහසුවෙන් නතු වේවි. යම් Put / Call තීරණයක් පිළිබඳව ඔබ දෙගිඩියාවෙන් යුතු නම් එවන් අවස්ථාවලදී Trade නොකර ඉන්න. මෙම ඔවදන ඔබට අනාගතයේදී $100,000 වඩා වටින බව මට හොඳටම විස්වාසයි.

ඔබේ බලාපොරොත්තු Trade නොකරන්න

ඇතැම් අවස්ථාවන් වලදී ඔබ Trade එකක් යොදන්නේ හිතේ කොනක ඇති පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙනුයි. ඒත් කිසිම වෙලාවක ඔබේ බලාපොරොත්තු, අපේක්ෂාවන් ආදිය Binary Options Trading වලදී ක්‍රියාත්මක කරන්න එපා. 99%ට වැඩි සම්භාවිතාවක් ඇත්තේ එම Trade එක තුලින් ඔබට සුවිශාල පාඩුවක් අත්විදීමටයි.

ඕනෑවට වඩා Trade නොකරන්න.

කිසිම අවස්ථාවකදී Entry signal එකක් නොමැතිව Trades යොදන්නට එපා. ඇතැම් Binary Options Traders ලා තමන්ගේම Trading Plans අතික්‍රමණය කරමින් අනවශ්‍ය විදිහට market එක හැරෙන හැරෙන පැත්තට trade කරන්න යනවා. අවසාන වශයෙන් ඉතිරි වෙන්නේ පසුතැවීමක් සහ විශාල අලාභයක් පමණයි.

හැම විටම ඔබේ අවදානම කොපමණදැයි දැනගන්න.

ඔබ හොඳ Binary Options Trader කෙනෙක් නම් සෑම Trade එකකටම එළඹෙන්නට කලින් ඔබේ අවදානම කොපමණදැයි දන සිටිය යුතුයි. Binary Options Trading කරන ඔබ අනිවාර්යයෙන්ම අවදානම සහ මුදල් කළමනාකරණය කළ යුතුයි.

වෙළඳපලත් සමඟ සටනට නොයන්න.

කිසිම වෙලාවක Market එකත් එක්ක සටනට යන්න එපා. ඔබට අවශ්‍ය දිසාවට market එක ගෙන යන එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ඒත් ඔබට කිසිම ගැටලුවක් නැතිව market එක ගමන් කරන දිශාවටම යා හැකියි. ඔබ market එකට විරුද්ධව යන හැම මොහොතකම ඔබට ඉතිරි වන්නේ මුල්‍යමය වශයෙන් අලාභයක් සහ තමන් ගැනම තරහක් විතරයි. ඒත් ඔබ market එකත් එක්ක ඒ දිසාවටම trade කළොත් බොහොම පහසුවෙන් ලාභ ලැබීමටත් ඔබේ ඉලක්කය වෙතට ලඟා වෙන්නටත් හැකි වේවි.
මේ කෙටි හැඳින්වීමක් විතරයි. මේ හැර ඔබට ඔබේ ප්‍රයෝගික Trading Plan එකට අදාළව නීති විශාල ප්‍රමාණයක් යොදාගත හැකියි.

How To Earn 100$ by Just Three Trades In Sinhala

How To Earn 100$ by Just Three Trades In Sinhala





සාර්ථක Trades තුනකින් දවසකට $100කට වඩා හොයමුද?

මේ Technique එක හරිම සරලයි. හැබැයි හොඳ සාර්ථකත්වයක් තියෙන Trading System එකක් හරි Signal Service එකක් හරි නැතුව මේක අනුගමනය කරන්න නම් හිතන්නවත් එපා. මොකද මේ ක්‍රමය හරියන්න නම් එක පෙළට සාර්ථක trades 3ක්වත් ඕනේ වෙනවා.
මුලින්ම පොඩි උපකල්පනයක් කරන්න වෙනවා ඔබේ Trading Capital එක ගැන. මේ උදාහරණයේදී මම හිතනවා ඔබේ Capital එක $500 යි කියලා. මේ කතාව කියවලා, පාඩම ඉගෙනගෙන ප්‍රායෝගිකව කරන කොට ඔබ සතුව දැන් තියෙන trading capital එකට ආදේශ කරලා කරන්න.
අපි සාමාන්‍යයෙන් Trade කරන කොට හැම trade එකක්ම දාන්න කලින් Risk එක (ඒ කියන්නේ එක Trade එකකට අපි දරන්නට බලාපොරොත්තු වෙන අවදානම) ගණනය කරලා උපරිම වශයෙන් 5% ප්‍රමාණය දිගින් දිගටම දාගෙන යනවානේ.
එතකොට ඔබේ ප්‍රාග්ධනය $500 නම්,
$500 x 5% = $25 යි.
මේ 5% කතාව දන්නේ නැති නම් Binary Options Trading වලදී අවදානම කළමනාකරණය කරන්නේ කොහොමද කියන ලිපිය කියවලා ඉන්න.
අපි සාමාන්‍යයෙන් කරන විදිහට වඩා පොඩ්ඩක් වෙනස් මුදල් කළමනාකරණ ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.
  1. මෙතනදී අපි වෙනදා වගේම Risk එක ගණනය කරලා පලවෙනි Trade එක දානවා. මේ උදාහරණයේදී නම් $25 යි. මේ Trade එක සාර්ථක වුණොත් (Payout එක 70% ලෙස උපකල්පනය කළොත්) ඔබට $42.5 ක් ලැබෙනවා.
  2. එතකොට ඔබට ඊළඟ Trade එකේදී එම $42.5 ම ආයෝජනය කරනවා.
    එම Trade එකේදී ඔබ profitable වුණොත් ඔබට $72.25ක් ලැබෙනවා.
  3. තුන්වෙනි සහ අවසාන Trade එකට ඒ $72.25 ම යොදවනවා. ඒකත් සාර්ථක වුණොත් ඔබට $122.83ක් ලැබෙනවා.

දැන් තමයි ගොඩක්ම වැදගත් කතාව කියන්න යන්නේ.
මේ අවස්ථා තුනෙන් කොයි මොහොතකදී හෝ ඔබ අසාර්ථක වුණොත් ඇත්තටම ඔබ loss වෙලා තියෙන්නේ පළවෙනි Trade එකට යොදවපු $25 විතරයි.
එක Trade එකකට එකම ගණනක් (5%) අවදානමට ලක් කරමින් ලාභ සහ පාඩු දෙකම ලබමින් හෙමින් ගමනක් යනවාද? නැතිනම් මේ ක්‍රමය පාවිච්චි කරලා වේගවත් ගමනක් යනවාද? කියන එක දැන් ඔබට තීරණය කරන්න පුළුවන්.
කොහොම වුනත් මේ ක්‍රමය ප්‍රායෝගිකව අනුගමනය කරන ඔබ එකම එක නීතියක් දාගන්න ඕනේ.
මේ ක්‍රමය කිසිම විටෙකත් ඔබේ ප්‍රාග්ධනයෙන් (ඔබේ capital එකෙන්) කරන්න යන්න එපා.
ඔබ ලබන ලාභ වලට විතරක් මෙය අනුගමනය කරන්න         
එතකොට ඔබේ ප්‍රාග්ධනය කොහොමත් සුරක්ෂිතයි.
ඒ කියන්නේ $500ක් තැන්පත් කරපු කෙනෙක් තමන්ගේ ගිණුම් ශේෂය $550කට හෝ $600කට අරන් ගියාට පස්සේ $25ක් අවදානමට ලක් කරලා මේක කරලා බලන්න.
හැබැයි. මේ සඳහා මම කලිනුත් කිව්වා වගේ එක දිගට Trades තුනක් profitable වෙන්න පුළුවන් විදිහේ හොඳ නිරවද්‍යතාවයක් තියෙන Trading Strategy එකක් ඕනේ වෙනවා. 75% කටවත් වැඩි සාර්ථකත්වයක් තියෙන Binary Options Signal සේවයක් අනුගමනය කළොත් ඔබටත් පහසුවෙන්ම මේ වගේ මුදල් උපයන්නට පුළුවන්.

එහෙනම් ඔබටත් දවසකට $25ක් අවදානමට ලක් කරලා හරියටම Trades තුනකට පස්සේ $100 කට වැඩි ලාභයක් ලබන්නට හැකි වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා.

මේ ක්‍රමය වැඩි දියුණු කරනවා නම්…

මේ ක්‍රමය අනුගමනය කරන ඔබට දෙවන පියවරේදී යොදන Trade එකත් win කළාට පස්සේ ඒකෙන් පළවෙනි Trade එකට යොදපු මුදල ($25) අඩු කරලා තුන්වෙනි trade එකට ආයෝජනය කළොත් අවදානම අඩු කරගන්න පුළුවන්. එතකොට අපි තුන් වෙනියට යොදන Trade එක loss වුණත් ආපහු පටන් ගත්ත තැනටමයි එන්නේ.
ඒ කියන්නේ අපි Break-even.

මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන් Broker සමාගම

Click Here for Open Account 


Guide to Franco Binary Options Trading Signals In Sinhala

Guide to Franco Binary Options Trading Signals In Sinhala




Francoගේ Trading Signals වලට නවක ඔබට අත්වැලක්…

දැනට තියෙන සුපිරිම සාර්ථකත්වයක් තියෙන Binary Options Signal සේවය වන Franco ගේ BinaryOptionsTradingSignals.com ගැන, Signals ලබා ගන්න ආකාරය, Trading Strategy එක ගැන, Private Trading Room එක පාවිච්චි කරන හැටි, ඔයා trade කරන්න ඕනේ හැටි වගේ දේවල් ගැන කෙරෙන හැඳින්වීමක් තමයි මේ… මුලින්ම Francoගේ system එක පාවිච්චි කරන කෙනෙකුට වගේම Franco ගේ Trading System එකට Subscribe කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙකුට වුණත් මේ ලිපිය ලොකු අත්වැලක් වේවි.
මේ ලිපියේ අන්තර්ගතය….
  • Francoගේ Trading Room එක ගැන හැඳින්වීමක්…
  • Signals ලබා ගැනීමට පෙර…
    • ඔබේ Binary Options Broker ගිණුම ගැලපෙනවාද?
    • Broker ඔබේ පරිගණකය සුදානම් කිරීම
    • ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය
  • Francoගේ Signal සේවාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?
  • Franco ගේ Trading Room එක පාවිච්චි කරන්නේ කොහොමද?
  • Francoගේ ප්‍රධාන Trading System එක භාවිතයට අත්වැලක්…
  • Franco ගේ Trading Rules මොනවාද?
  • FAQs?

Francoගේ Trading Room එක ගැන හැඳින්වීමක්…

මුලින්ම කියන්න ඕනේ, Franco ගේ තියෙන්නේ අනිත් සාමාන්‍ය Automated Signal සේවා සපයන්නන්ගේ වගේ SMS එකකින් හරි Email එකකින් දැන් Buy කරන්න, දැන් Sell කරන්න කියලා පණිවිඩ එවන ක්‍රමයක් නම් නෙවෙයි. සති 2 කට $97ක් ගෙවලා අපි කරන්නේ Franco ගේ Trading Room එක, එහෙමත් නැතිනම් Francoගේ 85% ක සාර්ථකත්වයක් තියෙන Trading System එක භාවිතා කරන්න අවස්ථාව ලබා ගැනීමක්. එතකොට අපිට සතියේ දවස් පහේම රෑ 7.30 ඉඳන් 10.00 වෙනකල් බලාගෙන trade කරන්නට පුළුවන් සුපිරි trading system එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට Franco ගේ Trading Strategy එක follow කරන්නයි තියෙන්නේ. Francoත් සමහර වෙලාවට අපිත් එක්කම Trade කරනවා.

Francoගේ Trading Room එකේ වාසි

  • අනිත් Trading System වලදී වගේ මුළු දවස පුරාවටම signal එකක් එනකල් බලන් ඕනේ නැති වීම
  • Trading පටන්ගන්නේ රාත්‍රී 7.30 ට නිසා රැකියාවක් කරන කෙනෙකුට වුණත් බොහොම පහසුවෙන් වේලාව වෙන් කරගන්නට හැකි වීම
  • Trading Session එකක් පැය දෙක හමාරකින් ඉවර වීම
    • සාමාන්‍යයෙන් trading කරන බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි දවස පුරාම trade කරන්නට යාම. ඒ නිසාම අවධානය අඩු වෙලා ගිහින් loss කර ගත්ත ය ඕනේ තරම් ඇති. මේ system එකේදී ඉබේම trading hours ගාන පැය 2කට සිමා වෙන නිසා වෙන්න පුළුවන් human error එකත් අඩු වෙනවා.
  • ඉහල නිවරද්‍යතාවයක් තිබීම (85% ක Success Rate එකක් කියන්නේ සාපේක්ෂව ඉතා ඉහල අගයක්)
  • වසර 13ක් වෙළඳපළ අද්දැකීම් ඇති trader කෙනෙක් යටතේ සිටින නිසා ඔබ නොදන්නා බොහෝ දෑ ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීම

Francoගේ Trading Signal සේවයට සම්බන්ධ වීමට පෙර…

මේ System එක සඳහා Franco නිර්දේශ කරන Broker සමාගම

OlymTrade

Trading වලට Franco නිර්දේශ කරන brokers ලා අතරින් ලංකාවේ අපිට ගොඩක්ම ගැලපෙන්නේ OlympTrade ඒක තමයි Franco නිර්දේශ කරන brokers ලාගෙන් නියාමනය වෙන (Regulated)  එකම සමාගම.
Francoගේ Trading Room එකේ trade කරන ඔබ 30 Second Trades කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට තියෙන එකම ක්‍රමය තමයි OlympTrade. මොකද අනිත් Brokers ලා තවම 30 Second Options Trade කරන්නට පහසුකම් සලසන්නේ නැහැ.
OlympTrade වල එක Trade එකක් සඳහා අවමය $1ක්. එක Trade එකකට 5% ක උපරිම Risk එකක් අරන් Trade කරන්න නම් ඔයාගේ ප්‍රාග්ධනය $20ක් වත් වෙන්නේ ඕනේ.